සත්තු වත්තේ දෙවගන

Oct 13, 2020

1939 සැප්තැම්බර් පළමුවැනිදා නාසි හමුදාව වාර්සෝව් නගරයට බෝම්බ දැමූහ.
ඒ බෝම්බ වලින් දෙදරා ගියේ නගරයේ උන් මිනිසුන්ගේ ජීවිත පමණක් නොවේ. නගරයේ උන් බල්ලන් බලලුන්ගේ පවා ජීවිත විනාශ විය. ඉතින් වාර්සෝව් සත්වෝද්යානයේ සතුන්ගේ ජීවිත ගැන කවර කතාද.? බෝමබ හඩින් කම්පිත වූ වදුරෝ භීතිියෙන් යටිගිරියෙන් කෑ ගැසූූහ. විසිතුරු ගිරවුන්ගේ පිහාටු බෝම්බ වල ගින්නෙන් පිිලිස්සී ගියේය. තුවාල වී ලෙයින් නැහැවුණුු සීබ්රාවෝ උන්ගේ කූඩු බිදගෙන කැලෑවට පැන දිවුහ.

Continue Reading Below

බෝම්බ දුම තුනී වී ගිය පසු සත්වෝද්යානයට පැමිණියේ ඊටත් වඩා බිහිසුණු අභාග්යයකි. අවිගත් ජර්මානු සෙබළු සත්වෝද්යානයට කඩා වැදුණහ.. බෝම්බ වලින් නොමැරීී බේරුණු ඉතිරි සතුන්ව ජර්මානු සෙබළුන් විිසින් පැහැරගෙන යන ලදී. ඒ සතුන්ගෙන් සමහරක් මරා කෑමට ගැනීමටය. සමහරක් විකුණා ගැනීමටය. ඉතින් සතුන් නවසිය ගණනක් උන් වාර්සෝව් සත්වෝද්යානයේ ඉතිරි වූුයේ සතුන් හැට ගණනක් පමණකිි. අනෙක් සතුන්ගේ කූඩු සියල්ලම හිස් විිය.

ඒ් වන විට සත්වෝද්යානය පාලනය කළේ ජෑන් සැබින්ස්කිය. පෝලන්ත ජාතිකයෙකු වූ ජෑන් සත්වවිද්යා විශේෂඥයෙකි. සත්වෝද්යානය අඩක් හිස්වීමත් සමගම, එවකට ප්රදේශයේ පාලනය අතට ගෙන උන් ජර්මානු පාලකයෝ ජෑන්ව නගරයේ උද්යාන සියල්ලේම අධීක්ෂකවරයා බවට පත් කරන්නට තීරණය කළහ. නගර උද්යාන වල අධීක්ෂකවරයා බවට පත්වූවත් සත්වෝද්යානය තිබුණේද ජෑන්ගේ පාලනය යටතේය. කවදා හෝ මේ යුද්ධය ඉවර වූ දිනෙක මේ සත්වෝද්යානය නැවත ගොඩනගන්නට උවමනාවක් ජෑන්ට තිබිණ. ඒ නිසාම සත්වෝද්යානයේම පසෙකින් තිබුණු නිල නිවසේ දිගටම පදිංචිව සිටින්නටත්, සත්වෝද්යානයේ ඉතිරි සතුන්ද කූඩුද නඩත්තු කරමින් රැක ගන්නටත් ජෑන් සැබින්ස්කි තීරණය කළේය.

ජෑන්ගේ බිරිද ඇන්ටොනිනා ය. ඇන්ටොනිනාත් ජෑන් මෙන්ම සතුන්ට ආදරය කළ කරුණාවන්ත සිතක් ඇත්තියක වූවාය. ඔවුන් දෙදෙනාගේ එකම දරුවාද ඔවුන්ගේ ගතිගුණම ආදර්ශයට ගත් අයෙකු වූයේය.

නගරයේ උද්යාන වල භාරකාරයා බවට පත් වුණු ජෑන්ට එහි යුදෙව් ජනාවාසයන්ට යන්නට එන්නටත් අවසර තිබිණ. ඒ අතරම යුදෙව්වන්ගේ අනාගතය ගැන ලැබෙන ආරංචිද සුභ ඒවා නොවීය. ඉක්මනින්ම යුදෙව්වන්ව සමූලඝාතනය කෙරෙන බව අහන්නට ලැබිණ.

ඉතින් ජෑන් සැබින්ස්කි තම යුදෙව් මිතුරන්ට ආරක්ෂිත ස්ථාන කරා පැන යන්නට උදව් කරන්නට පටන් ගත්තේය. යුදෙව් ජාතිකයින් වෙනුවෙන් ව්යාජ ලේඛණ සැකසූ ජෑන්, ඔවුන්ව ආරක්ෂිතව නගර සීමාවෙන් පිටත් කරන්නටද උදව් කළේය.

එහෙත් සියල්ලන්ම බියෙන් උන් බිහිසුණු ඉරණම වාර්සෝව් වෙත පැමිණෙන්නට වැඩි කල් ගියේ නැත. වාර්සෝව් හිද ඉන්නා සියළුම යුදෙව්වන් සමූලඝාතනය කරන්නට නාසි හමුදා පැමිණෙන බව අසන්නට ලැබිණ.

ජෑන් තමන්ගේ හිතවත් යුදෙව් පවුල් ආරක්ෂිත තැන් වල හංගන්නට පටන් ගත්තේය.

මුලින්ම සත්වෝද්යාන නිල නිවසේ බිම් ගබඩාව තුළය. යුදෙව්වන් පනහකටත් වැඩියෙන් තමන්ගේ නිවසේ බිම් ගබඩාව තුළ හංගාගත් ජෑන් හා ඇන්ටොනිනා යුවල කිසිවෙකුට ඒ බවක් දැනෙන්නටවත් ඉඩක් තැබුවේ නැත.

“අපේ අමුත්තෝ…” ඇන්ටොනිනා ඒ හැංගී සිටින යුදෙව්වන්ව හැදින්වූයේ එලෙසිනි. ඇය ඔවුන්ට සත්කාර කළේද තමන්ගේ නිවසට ආ විශේෂ අමුත්තන්ට සංග්රහ කරන තරමේම සැලකිල්ලකින් යුතුවය.

ටිකෙන් ටික බිම් ගබඩාව යුදෙව්වන්ගෙන් පිරී යන්නට විය. එයින් පසුව යුදෙව්වන්ට හැංගෙන්නට සත්වෝද්යානයේ හිස්ව ගිය වසාදැමුණු කූඩුද, සත්වෝද්යානයට යටින් හෑරූ රහසිගත බිම් ගෙවල්ද යුදෙව්වන් සගවා තබන්නට ප්රයෝජනයට ගැණින. අන්තිමේදී වාර්සෝව් සත්වෝද්යානය යුදෙව්වන් තුන්සියයකට වැඩි ගණනකට ආරක්ෂක නිවාසයක් වීය.

මිනිසුන් තුන්සියයක්.. සත්වෝද්යාන සේවකයින්ගෙන් හා නිරන්තරව නගරයේ සැරිසරන නාසි හමුදා සෙබලුන්ගෙන් ආරක්ෂා කර සගවා තබා ගන්නේ කොහොමද..?

ඇන්ටොනිනා ඒ ගැන වගබලාගත්තාය. සත්වෝද්යානයේ සැගවී ඉන්නා ඇගේ “අමුත්තන්ට” සත්වෝද්යාන සේවකයින් එලිමහනේ සිටින විටදී තමන්ගේ අදුුරු ගුහා තුළත් කූඩු තුළත් සැගවි සිටින්නට සිදුවෙයි. කිසිවෙකුත් පෙනෙන්නට නැති විටෙකදී එලියට ආවාට කම් නැත. එහෙත් ඇගේ සංඥාව ඇසෙන විටදී ඔවුන් නැවතත් හැංගෙන්නට ඕනෑය. ඇන්ටොනිනාගේ සංඥාවත් හරි අපූරු එකකි. සත්වෝද්යාන සේවකයින් හෝ නාසි සෙබලුන් එන විට ඇන්ටොනිනා පියානෝවේ තාලයක් වයන්නට පටන් ගන්නීය. මේ තාලය ඇසෙන විට එය තමන්ට කෙරෙන අනතුරු ඇගවීමේ සංඥාව බව යුදෙව්වෝ වටහා ගනිති. අවදානම පහව ගිය විට ඇන්ටොනිනා අලුත් තාලයක් වයන්නට පටන් ගන්නීය. ඒ තාලය කුමක්දැයි යුදෙව්වෝ දැන උන්හ.

තුන්සියයකට අධික පිරිසකට දිනපතා කෑම බීම සැපයීමත් ලේසි පාසු කාර්යයක් නොවේ.

“ඉන්නෙත් තුන් දෙනයි.. මේ ගොල්ලො පුදුම කෑමක්නෙ කන්නෙ..” මුලින් ඔවුන් ආහාරපාන සදහා අවශ්ය ද්රව්ය ගෙන එනු දකින සත්වෝද්යාන සේවකයෝ මවිතයට පත් වූහ.

තමන් මීට වඩා පරෙස්සම් විය යුතු බව ජෑන් හා ඇන්ටොනිනා වටහා ගත්හ. එයින් පසුව ඔවුන් ආහාර වලට උවමනා දේවල් ගෙන ආවේ රාත්රි කාලයේ කවුරුවත්ම නැති විටකදී පමණකි. කෙමෙන් ඔවුන් ලග තිබුණු මුදල්ද ඉවර වෙන්නට පටන් ගත්තේය. සැගව සිටින යුදෙව්වෝ තමන් ලග ඇති මුදල්ද, වටිනා කියන දේවල්ද ඔවුන් දෙදෙනාට දුන්හ. ඒවා විකුණමිින් යුදෙව්වන්ගේ අවශ්යතා සපයා දුන් ජෑන් හා ඇන්ටොනිනාට එයද වැඩි කාලයක් කළ නොහැකි වීය. ඔවුන් නොසිතූ පරිද්දෙන් යුුදෙව්වන්ගේ ගැලවීම පිණිස වැඩ කරන සංවිධානයක් විසින් ඔවුන්ගේ අවශයතාවයන් උදෙසා මුදල් ලබා දෙන්නට විය.

“මේ ගොල්ලන්ට හැමදාමත් මෙතන ඉන්න බෑ.. කාට හරි සැකයක් හිතිලා අපිව අහුවුණොත්, තවත් මිනිස් ජීවිත තුන්සීයක් විනාශ වෙනවා.. ඒ නිසා අපි මේ ගොල්ලන්ව මෙතනින් වැඩිය ආරක්ෂිත තැනකට පිට කරන්න ඕන..” දිනක් ජෑන් සැබින්ස්කි කීවේය.

“ඒත් කොහොමද අපි ඒක කරන්නෙ..? හැම තැනම නාසි සෙබළු.. ඒ ගොල්ලන්ට නොපෙනී කිසි කෙනෙකුට කිසි දෙයක් ගෙනියන්නවත් බෑ..” ඇන්ටොනිනා කීවාය.

“මං ඒ ගැනත් දෙයක් හිතලා තියෙන්නෙ…” ජෑන් පසුදාම ජර්මානු පාලකයින්ගෙන් ඉල්ලීිමක් කරමින් ලිපියක් ලීවේය.

යුද්ධයෙන් ආහාර හිගයක් ඇතිවෙමින් යන නිසාත්, මේ වන විට සත්වෝද්යානය හිස්ව පවතින නිසාත්, නගර වැසියන්ගේ පරිභෝජනයට මස් ලබා ගැනීිම සදහා ඌරන් ඇති කිරීමට අවසර දෙන්නැයි ඒ ලිපියෙන් ඔහු ජර්මානු පාලකයින්ගෙන් අවසර ඉල්ලා තිබිණ.

“මේකට අවසර ලැබුණොත් අපට ගොඩක් වැඩ කරගන්න පුළුවන්..”

ජර්මානු පාලකයින්ගෙන් ඔහුට එයට අවසර ලැබිණ. ජෑන් සත්වෝද්යානය තුළ ඌරන් ඇති කරන්නට පටන් ගත්තේය. දැන් ඉතින් සියල්ල පහසුය. ඌරන්ට කෑම ගෙන එන්නේ කුඩා ලොරියකිනි. ඌරන්ට ගෙන එන කෑම මැද සගවා යුදෙව්වන්ගේ කෑමද ගෙන ආ හැකිය. අනෙක් කාරණය කිසිවෙකුට නොපෙනී යුදෙව්වන්ව පිටතට ගෙන යාමය. ඌරන්ට කෑම ගෙන ආ වාහනය පිටත් වෙන්නට කලියෙන් රාත්රී කාලයේදී යුදෙව්වෙකු හෝ දෙන්නෙකු ඒ වාහනයට නංවා ගැනෙයි. ඉන්පසු ඔවුන්ට හුස්ම ගන්නට පමණක් ඉඩක් තබා ඔවුන්ගේ සිරුරු මත ඌරු වසුරු හා අපද්රව්ය පටවා ගැනෙයි. මේ ඌරු වසුරු නගරය තුළ දමන්නට අවසර නැත. එය නගරයෙන් සෑහෙන ඈතකට ගෙන යා යුතුය. පිළිකුල් සහගත බව නිසාම ඒවා පරික්ෂා කරන්නට ජර්මානු සොල්දාදුවන් එන්නේද නැත. ඒ නිසා යුදෙව්වන්ව නගරයෙන් සෑහෙන ඈතකට ආරක්ෂිතව ගෙන යන්නට මේ ක්රමය හොදය.

ක්රමය පිළිකුල් සහගත වුවත්, ජීවිතය ඊට වඩා ප්රියජනක හෙයින් කිසිදු යුදෙව්වෙකු මේ ක්රමයට අකමැති වූයේ නැත.

එයින් වසර කිහිපයකට පසුව ජෑන් සැබින්ස්කිටත් යුද්දයට යන්නට සිදු විය. ඒ වන විට ඔවුන්ට තවත් දරුවෙකු ලැබී තිබිණ. රැකබලා ගන්නට අතදරුවෙකුත් සමග තනිවුණු ඇන්ටොනිනා ඔවුන් මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙලට තිත තැබුවේ නැත. යුදෙව් ජීවිිත සිය ගණනක වගකීම ඇය සියතට ගත්තාය. කුලෑටි ගැහැනියක වූ ඇන්ටොනිනා තමාගෙන් මනුෂ්ය වර්ගයාට ඉටු විය යුතු යුතුකම හමුවේ යෝධ යකඩ ගැහැණියකව උන්නාය. එතැන් පටන් යුද්ධය නිම වන තුරුම යුදෙව් සෙනග රැකගත්තේ ඇන්ටොනිනාය.

ජර්මානුවන්ගේ පරාජයත් සමගම යුදෙව්වන්ට යලි පිටතට එන්නට නිදහස ලැබිණ. ඒ වන විට යුධ සිරකරුවෙකුව උන් ජෑන් සැබින්ස්කිද යලි නිවෙස බලා ආවේය. ජෑන් හා ඇන්ටොනිනා එක්ව ඔවුන්ගේ සත්වෝද්යානය යලි ගොඩනගන්නට පටන් ගත්හ. මිනිස් ජීවිත ගණනාවක් ගලවා ගන්නට සෙවණ සැපයූ ඔවුන්ගේ නිල නිවස පසුකාලීනව කෞතුකාගාරයක් බවට පත් විය.

මනුෂ්යත්වය නිසාම වීරයෙක් බවට පත් වුණු ජෑන් සැබින්ස්කිගේ නමින් වාර්සෝව් නගරයේ වීදියක්ද නම් කෙරිණ.

ඇන්ටොනිනා සැබින්ස්කි නම් දිරිය ගැහැණියගේ කතාව ‘The Zookeeper’s Wife’ නමින් ප්රසිද්ධ හොලිවුඩ් චිත්රපටයක් බවට පත් විය.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS 4

Share Now

Related Article