අබ්බගාත ජීවිත

Jun 29, 2020

“ ඇයි එයාට මාව තේරුම් ගන්න බැරි ? “ මාෂා සිගරට්ටුවේ ඉතුරු කොටස පසෙක තිබ්බ ට්රේ එකට දැම්මා.

Continue Reading Below

සිය නෑනා ලඟින් වාඩි වෙලා හිටපු දේවිකා හිනා වෙලා ඇගේ අතේ තිබ්බ ලයිටර් එක අරගෙන නැවත බෑගයට දැම්මා.

“ අදට ඇති මේ ..දැන් අපි ප්රශ්නය කතා කරන්න ගෙට යමු” දේවිකා කීවේ කරුණාවෙන්.

සිය එකම සහෝදරයා වුන අනුබිත් කොහොමත් පුංචි කාලේ ඉඳලම නාහෙට අහන්නේ නැහැ. අක්කා අනුබිත්ට වඩා අවුරුදු 15 ක් වැඩිමල් . දේවිකාගේ අම්මලා පළාතේ නම් දරච්ච වැදගත් පවුලක උදවිය. ලොකු ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වුන අම්මට දේවිකාගෙන් පස්සේ දරුවෝ නැතුව ඉඳල බලාපොරොත්තු නැති විදිහට අවුරුදු 45 දී තමා අනුබිත් ඉපදුනේ. අනුබිත් ඉපදිලා වසර 4 කින් අම්මා මිය ගියා. ඉතින් අනුබිත්ව අම්මෙක් වගේ හදාගත්තේ දේවිකා.

අනුබිත් මාෂා කසාද බඳිද්දී දේවිකා සහ සැමියා සුරේන් අකමැති වුනත් ඔවුන්ට කරන්න දෙයක් තිබ්බේ නැහැ. දඩබ්බර අනුබිත් දෙයක් හිතට ගත්තොත් ගත්තාමයි. ඉතින් අකමැත්තෙන් වුනත් හොඳ මූණ පෙන්වලා කසාදය කරලා ඔවුන් ගෙදර ආවේ මාෂාව නෑනා ලෙස ආදරෙන් පිළිඅරගෙන.

අනුබිත්ට සහ මාශාට වෙනම ඉන්න දේවිකා කොළඹ හොඳම තැනකින් apartment එකක් අරගෙන දුන්නා. පවුලේ වතු බලන්නේ දේවිකා වුනත් ආදායම වෙලාවට අනුබිත්ගේ පොත් වලට වැටුනා. අනුබිත් තරුණ කාලේ මත්පැන්, දුම්වැටි , ක්ලබ් වලට යාම නිතරම කලේ නැහැ. පාසලේ යාළුවො එක්ක ඔහු ඉඳහිට ක්ලබ් ගියා. නමුත් අනුබිත් ගොඩක් හොඳට ඉගෙන ගත්තා. මේ අතරේදී තමයි මාෂා එක්ක කොහේදී හරි දැකල යාලු වෙලා තිබ්බේ. දැන් නම් වැඩි මනක් ඔවුන් දෙදෙනා කල් ගත කළේ ක්ලබ් වල.

පවුලට නොගැලපුනත් හමු වෙන හැම වතාවකම ඔවුන් ආදරෙන් සම්බන්ධකම් පැවැත්තුවා. දේවිකා කවදාවත් අනුබිත්ගෙන් විස්තර අහන්න ගියේ නැහැ. මාෂාට නම් කවදාවත් දේවිකා දිරෙවුවේ නැහැ. ඉඩක් ලැබෙන හැම විටම මාෂා අනුබිත් එක්ක රණ්ඩු වෙද්දී දේවිකාගේ අගුණ ගැනම කියෙවුවා.

මාෂා දේවිකා එක්ක මේ තරම් කිපුනේ දෙවිකාගේ පැවතුම් අනුබිත් තමාගෙන් බලාපොරොත්තු වෙනවා කියල හිතුව නිසයි.

“ තමුසේගේ මහා ලොකු අක්ක වගේ වෙයි කියල හිතන්නවත් එපා “කියල තමයි මාෂා අනුබිත්ට කීවේ.

“ අත් දෙකක් තියනවනේ.. ෆ්රිජ් එකෙන් මොනාහරි අරගෙන හදාගෙන කනවා”

“ මම වැඩිහිටියෙක් ..මම යන එන තැන් කාටවත් කියල අවසර ගන්න ඕනේ නැහැ”

“ මම වියදම් කරන්නේ මගේ සල්ලි.. ඒ ගැන කාටවත් ඕනේ නැහැ “

“ ආ.. චිරාන්..ඒ මගේ යාලුවෙක් . යාළුවො ඇසුරු කරන්න ..ඩ්රින්ක් එකක් ගන්න මට කාගේවත් අවසර ඕනේ නැහැ “

තමුසෙගෙ අක්ක පොඩ්ඩ වගේ මිනිහ මත්තේ වැටීගෙන ගෙට රින්ගන් ඉන්න අබ්බගාත ගෑනියෙක් වෙන්න මට ඕනේ නැහැ. මට තියනවා නිදහස් ජීවිතයක්. ” ගෙදර වෙන හැම දේකටම මාෂා බැන්නේ දේවිකාට.

ගෙදර කිසිම දේක වගකීමක් තමාට නැති බව මාෂා කීවා. ඇය රස්සාවකට ගිහින් හම්බ කරලා ඇගේ වියදම් දරාගත්තා. ඒ නිසා ගෙදර කිසිම දෙයක් තමන්ට අයිති නැති බව සැලකුණා. නමුත් මාශාගේ විලාසිතා සහ මිල අධික ස්ථාන වල කන බොන බිල් නම් ගෙවීම අනුබිත්ගේ වගකීමක් වුනා. දේවිකා දකින්න ගිහින් දෙන්නා කිරි පැණි වගේ යාළුකම් පවත්වලා එද්දී මගදිත් මාෂා අනුබිත්ට කීවේ දේවිකාට අපහාස වෙන කතා.

“ මොන ජරා ජීවිතයක්ද? දවසම ගෙට රින්ගන්. මිනිහා පස්සේ වැටීගෙන නටනවා. “

අද ඉතින් මාෂා දේවිකා හොයාගෙන ආවේ තනියම. මොකද අනුබිත් එක්ක රණ්ඩු වෙලා විවාහය දෙදරා යන හැම වතාවකම විවාහය රකින්නේ දේවිකා මැදට පැනල. කසාදයක් කැඩෙන එක මහා නරක දෙයක් ලෙස සලකපු දේවිකා නිතරම මල්ලිට අවවාද කළේ විවාහය තියාගන්න කියලයි.

සති දෙකකට කලින් මාශාගේ පරණ පෙම්වතා රුසියාවේ ඉඳල ලංකාවට ඇවිත් තිබුණා. ඉතින් ඔහු එක්ක ආහාර අරගෙන , මත්පැන් පානය කරන්න ගිය මාෂා ගෙදර එන්න පරක්කු වෙද්දී අනුබිත් කතා කළා. අනුබිත්ට තමන් යන එන තැන් ගැන කියන්න ඕනේ නැහැ කියල විස්වාස කරපු මාෂා කීවේ “ මම එද්දී රෑ වෙයි යාලුවෙක් හම්බ වෙන්න ගියා. ඔයා නිදාගන්න “ කියල විතරයි.

ඔවුන් දෙදෙනා මත්පැන් බොමින් රාත්රී දෙක වෙනකම් මුහුද අද්දර තානායමක හිටියා. විවාහ වුනත් පිරිමි යාලුවෙක් ඇසුරු කිරීමට නිදහස තිබිය යුතු බව තමා මාශාගේ තර්කය වුනේ. හැබැයි අනුබිත් අක්කාගේ ගෙදර ගියත් මාෂා දබර කළා.

ඔවුන් දෙදෙනා මත්පැන් බොමින් රාත්රී දෙක වෙනකම් මුහුද අද්දර තානායමක හිටියා. විවාහ වුනත් පිරිමි යාලුවෙක් ඇසුරු කිරීමට නිදහස තිබිය යුතු බව තමා මාශාගේ තර්කය වුනේ. හැබැයි අනුබිත් අක්කාගේ ගෙදර ගියත් මාෂා දබර කළා.

“ අක්කේ ඔයාගේ හුරතලේ නිසා තමා අනුබිත් මේ වගේ abuser කෙනෙක් වුනේ. ඔයා හැම තිස්සෙම එයාව නලවනවා “ එදත් මාෂා සුපුරුදු විදිහටම දේවිකාට සැර කළා.

“ විවාහයක කැපකිරීමක් කියල දෙයක් තියනවා නංගෝ” දේවිකා කීවේ මාශාගේ තරහ අඩුකරවන්න

“ මට කියල නිදහස් ජීවිතයක් නැද්ද? කසාද බැන්දා කියල යාලුවෙක් හම්බ වෙන්න යන්න බැරිද ? “ මාෂා කෑගැහුවා.

“ තව දෙයක්..ඔයාල වගේ පිරිමින්ගේ කරේ එල්ලිලා නටන අබ්බගාත ගෑනු නිසා තමයි අපිටත් මේ තත්වය උදා වෙන්නේ අක්කා. අනුබිත් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා ගෙවන ජීවිතේ. මේ ජීවිතේ හරිම පරණයි. ඔයා ගෙවන ජීවිතේ අවුරුදු සීයක් පස්සට ගියා නම් හරියනවා.“

“ ඔයා ළමය හදන්න කියල ජොබ් එකට යන එක නතර කළා. කවදාවත් රෑට එලියට යන්නේ නැහැ හස්බන්ඩ් නැත්නම්. කිසිම පිරිමි කෙනෙක් එක්ක ඩ්රින්ක් එකක් ගන්නේ නැහැ. ඔය විදිහට නිදහසක් නැතුව කොටුවෙද්දී ගෑනුන්ගේ අයිතිවාසිකම් නැති වෙනවා අක්කේ. “ මාෂා සිය කෝපය මුදා හැරියා.

සුසුමක් හෙලපු දේවිකා මාශාගේ අත අරගෙන ඔඩොක්කුවේ තියා ගත්තා.

“ නංගි දැන් අහගන්නකෝ. ඔයා මට නේද කීවේ අබ්බගාත ජීවිතයක් කියල ?” ඇගේ මුහුණේ නැගුනේ උපහාසාත්මක හිනාවක්.

ඔයා දන්නවා නේද මම කොළඹ විශ්ව විද්යාලයෙන් අවුට් වුන ලෝයර් කෙනෙක්.

“ වැඩක් නැහැනේ අක්කේ. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි නාස්ති කරා ඔයා. ඒ ඉඩ වෙන කෙනෙක්ට දුන්නා නම් හරි. දැන් ඔයා උපාධිය තියාගෙන ගෙදර පොල් ගානවා. වැඩක් තියේද?”

“ නංගි මිනිස්සු ඉගෙන ගන්නේ ජොබ් එකක් හොයා ගන්නම නෙවේ. ඉගෙන ගත්තු දෙයින් productive වැඩක් කරනවා නම් ආර්තිකේට යමක් උත්පාදනය කරනවා නම් අන්න ඒකයි වෙන්න ඕනේ. රස්සාවට නොගියට මම උදේම කරන්නේ ඔප්පු ලියන එක. එයින් මම වත්ත ඇතුලේ ඉඳගෙන එලියට ගිහින් ඔයා උපයනවා වගේ 4 ගුණයක් හම්බ කරනවා. අපේ වතු පිටි මම නැත්නම් විනාස වෙලා. අනුබිත් ඔයා එක්ක රණ්ඩු කර කර ක්ලබ් ගානේ යයා හිටියා මිස පහුගිය අවුරුදු දෙකේ වතු දිහා හැරිලා බැලුවේ නැහැ. හැබයි මාසෙට ගානට එයාට සල්ලි ආවේ මම ඒවා හරියට බලන නිසා.” දේවිකා කියාගෙන ගියේ තරහෙන් නෙවෙයි. නිවිලා.

සුරේන් කතාවට මැදිහත් වුනේ මාෂා කෙළවරක් නැතුව දේවිකාට බනින එක උහුලගන්න බැරිව.

“ නංගි පවුලක් කන දෙන්නෙක් බෙදාගන්නේ ලිංගික ජීවිතේ සහ සල්ලි විතරක් නෙවේ. මේ පවුලේ දේවිකාගේ අරමුණු , මගේ අරමුණු කියල වෙනම දේවල් නැහැ. තියෙන්නේ පොදු අරමුණු. අපි දෙන්න සහ පැටවූ දෙන්නා කියන්නේ එක යුනිට් එකක්. දේවිකා ජොබ් එක කැප කරේ අපි 4 දෙනා එකට ඉන්න වෙලාවක් හදාගන්න. අපි දෙන්නම ජොබ් කරානම් ළමයිට අපි දෙන්නව මගහැරෙනවා. අනික අපි දෙන්නට දෙන්නව මගහැරෙනවා. ආදරෙන් කැපවීමක් වෙන එක පවුලක සාමන්ය දෙයක්. එහෙම වුනා කියල එයා උපයන්නේ නැත්තේ නැහැ. ඒකෙන් එයා අබ්බගාත චරිතයක් වෙන්නේ නැහැ. ඇත්තටම දේවිකාගේ ඇඟේ එල්ලිලා ඉන්න ජීවිත 4 ක් තියනවා…මම, ළමයි දෙන්න විතරක් නෙවේ අනුබිත් වුනත් එල්ලිලා ඉන්නේ දෙවිකාගේ ඇඟේ. එයා තමා අපිව එකට කරලා තියන බැම්ම. අපේ ජීවිතේ හයිය. ගෑනියෙක් ගෘහනියක් වුනා කියල අබ්බගාත වෙන්නේ නැහැ නංගි.” සුරේන් කීවේ වේදනාවෙන්.

“ නිදහස කියන්නේ ගෑනියෙක්ට අරක්කු ගන්නවත්, බොන්න වත් , විවාහයෙන් පරිබාහිර මිනිස්සු ඇසුරු කිරීමේ නිදහස වත් නෙවේ. ඔයාල වගේ නෝනලා ගෑනුන්ගේ සැබෑ නිදහස මොකද්ද කියල දන්නෙවත් නැහැ. ගෑනියෙක් ගේ ඇත්ත නිදහස තමයි අධ්යාපනය ලැබීමේ නිදහස , ඉපයීමේ නිදහස, තමන්ගේ දක්ෂතා වලින් මනින එකේ නිදහස, ගෞරවාන්විතව ජීවත් වීමේ නිදහස …… “ දේවිකා කීවේ සිගරට්ටුවක් උරමින් තමන් කියන දේ ගණන් නොගන්න බව පෙන්වමින් ඉන්න මාෂාට.

දේවිකා මේ වෙලේම අනුබිත්ට කතා කරා. ඒ මේ ප්රශ්නය සමතයට පත් කරන්න ගෙදරට එන්න කියන්න.

“ අක්කා ..මම මෙයා හිටපු තානායමෙන් ඔක්කොම වීඩියෝ එකතු කරගත්තා. දැන් ඔය ගෑනිගේ කුණු කතා අහන්නේ නැතුව යවන්න. මා නිසා අක්කා ආයේ ඔය වැසිකිලි කටින් බැනුම් අහන්න ඕනේ නැහැ. මම ආයේ මේ දීගේ කන්නේ නැහැ. මේ විකාරේ අවුරුදු දෙකක් නැටුවා ඇති. මට තවත් නම් බැහැ. මම ඉක්මනටම කේස් එක ෆයිල් කරනවා “ එහා පැත්තෙන් ඇහුනේ අනුබිත්ගේ ගෝරනාඩුව.

ඊළඟ අවුරුද්දේ අනුබිත්ගේ දික්කසාද තීන්දුව ලැබුණා. මාෂා තාමත් දේවිකාට සාප කරනවා.

“ඔය ගෑනි නැත්නම් මට ලස්සනට පවුල හදාගන්න තිබුණා. අනුබිත්ව කාල තිබ්බේ ඔය අක්ක කියන ගෑනි. දේවිකා වගේ ගෑනු ගෑනු සංහතියටත් නින්දාවක් “

( මෙවැනි තවත් කතා කියවීමට කැමති නම් පහළ ඇති Tags වචනයට යටින් ඇති Motivational Story මත ක්ලික් කරන්න. එවැනි කතා සියල්ල ඔබට දැකිය හැකිය.)

Share Now

Related Article