කාන්තාවන් ගැන නරක කතා පතුරන කාණ්ඩ හඳුනා ගනිමු

Nov 12, 2019

අප සමාජයේ ගැහැනියක් වෘත්තිය, ආර්ථිකව, ජීවිතයෙන් , පෙනුමින් හෝ ඕනෙම දෙයකින් ඉදිරියෙන් ඉන්න කොට ඇයට පහර දෙන්න යොදා ගන්නේ අපහාසාත්මක කතා. බොහෝ විට මේ කතා කාටවත් අදාළ නැති පුද්ගලික කාරනා. එහෙමත් නැත්නම් කොහෙත්ම වෙසක් නැති සාමාන්‍ය දේ පවා කාන්තාවක වෙත දමාගසන්න සමාජය මැලි වෙන්නේ නැහැ. කාර්යාල වල, මගතොටේ, ඥාතීන් අතර, උසස් අධ්‍යාපන ආයතන වල මේ වගේ අපහාසාත්මකව හැසිරෙන්න කල්ලි ඉන්නවා.

Continue Reading Below

ඔවුන් සාමාන්යයෙන් ගොදුරක් සොයාගෙන ඒ ගැහැණිය මානසිකව වැටිලා තිබෙන තත්වයෙන් පහත වැටෙන තුරුම තමන්ගේ හැසිරීම් නවත්වන්නේ නැහැ. ඇතැම් කාන්තාවෝ වැඩ කරන ආයතන ඉහල වැටුම්, උසස්වීම් පවා නොතකා අතහැර යන්න මෙන්න මේ Bully කරන කල්ලි හේතු වෙනවා. ඔවුන්ට මුහුණ දෙන්න තිබෙන හොඳම ක්රමය ගණන් නොගැනීම වුනත් ඒ ගැන වැඩියෙන් කතා කිරීම අපි වෙනත් ලිපියකින් කරමු. අද මෙන්න මේ අපහාසාත්මක කල්ලි වල සාමාජිකයන්ගේ ස්වභාවය ඉගෙන ගමු.

01) අදාළ කාන්තාව සමග සම්බන්ධතාවයක් පවත්වන්න උත්සහ දරලා අසාර්ථක වුන පිරිමි.

ගැහැණියකට නරක ලෙස අපහාස කරන පිරිමියෙක් දුටු විගසම නැවතිලා හිතන්න. බොහෝ විට මේ පුද්ගලයා මේ කාන්තාව එක්ක අදර සම්බන්ධයක් පවත්වන්න උත්සහ දරලා ප්රතික්ෂේප වුන කෙනෙක් විය හැකියි. ආදර යෝජනාවක් පිළිගැනීම වගේම ප්රතික්ෂේපය දරා ගන්න නිරෝගී මනසක් ඇති කෙනෙක්ට හැකි වුනත් බහුතර පිරිසකට ලොකු හීනමානයක් ඇති වෙනවා මේ එක්කම. වෛර බදිනවා. මේ කාන්තාවට වෙන හොඳ කෙනක් තමාට වඩා විවහා කරගන්න ඉඩ නොදෙන්න ශපත කරනවා.

ඉන් පස්සේ කරන්නේ හමු වෙන හැම කෙනාම එක්ක අදාළ ගැහැණියට අපහාස කරලා හිතේ තිබෙන කණගාටුව දුරු කර ගන්නවා. ඒ එක්කම ඇය ගෙන් පලිගත්තා කියල ගොඩක් සතුටු වෙනවා. එම නිසා කවුරු හෝ පිරිමියෙක් නිතරම ගැහැනියකට අපහාස වෙන්න කතා පතුරනවා නම් ඔබ ඔහු ගැන තේරුම් ගන්න බුද්ධිමත් වෙන්න.

02) අදාළ කාන්තාව සමග තරග කර දිනන්න බැරි වුන ගැහැණු.

මේ වගේ උදවිය කාර්යාලවල , උසස් පාසල් වල, සයිබර් අවකාශයේ පවා ඕනෙතරම් ඉන්නවා. කිසියම් ක්ෂේත්රයකින් අදාළ ගැහැණිය අභිභවා යන්න බැරි වෙද්දී මේ කාන්තාවෝ භාවිතා කරන්නේ මඩ ගැසීමයි. ඉරිසියාවෙන් මැඩී ඕනෙම පහත් කතාවක් පතුරන්න ඔවුන් සමත්. මෙයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අදාළ කාන්තාව මානසිකව වට්ටවලා ඒ ක්ෂේත්රයෙන් ඉවත් කරවීමයි.

ඒ නිසා කිසියම් කාන්තාවක් හෝ කාන්තා කණ්ඩායමක් කිසියම් ගැහැණියකට මඩ ප්රහාර එල්ල කරනවා නම් ඔබට ඔවුන්ගේ මානසික මට්ටම සහ හේතුව හිතා ගන්න පුළුවනි.

03) තමන්ගේ ජීවිත වල ගැටුම්, ප්රශ්න නිසා විඳවන පිරිස.

තව කොටසක් ඉන්නවා ජීවිත වල ගැටළු ප්රශ්න වැහි වැසලා. නමුත් ඒවා පිළිවෙලක් කරගන්න තරම් කැපවීමට බුද්ධියක් නැහැ. තමාගේ ජීවිත වල අඳුර වහගන්න ඔවුන් කරන්නේ සතුටින් සාර්ථකව ඉන්න කෙනෙක්ට වෛර කිරීමයි. මේ මිනිස්සු ඇත්තටම ගොඩක් කනගාටුදායක අඩියක ඉන්නේ. ඔවුන්ගේ ගැටළු වලට මුල් වෙන්නෙත් මේ ඔනෙවට වඩා අනුන්ව විවේචනය කරන, පහත් කරන වැඩ වලට කාලය වැය කරන නිසයි. ඔවුන්ට අනුකම්පා කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ.

04) මුකුත්ම කරකියාගන්න තරම් හැකියාවක්, කැපවීමක් නැති නිකම්මු.

සමහර මිනිස්සු කොටසක් ඉන්නවා. ඔවුන්ට කිසිම දේකට හැකියාවක් නැහැ. මහන්සිවෙලා දෙයක් ඉගෙන ගන්න කම්මැලියි. කර්මාන්තයක් කරන්න කම්මැලියි. හැම දේම අතට ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. ඒ අතරේ තමන්ට නැති වීම ගැන වගකීම ගන්නේ නැහැ. ඒ ගැන හැමෝටම දොස් නගනවා. යමක් කළ දියුණු වුන කෙනෙක් දැක්කොත් ඔවුන් කරන්නේ නිකරුනේ ඒ කෙනාට මඩ ප්රහාර එල්ල කිරීමයි.

මොවුන්ට මුහුණ දෙන්නේ කොහොමද කියල ඊළඟ ලිපියෙන් දැනගමු.

Share Now

Related Article