13 වසරකට පෙර අතුරුදන් වූ පූස් සුරතලා යළි හමුවේ

Jun 25, 2019

මේ පූස් සුරතලාගේ නම Abby, මේ හුරතලා තමන්ගේ අයිතිකාරිය වුනු Kelly LaVetteගේ රැකවරණයෙන් මිදිලා අතුරුදන් වෙන්නේ අවුරුදු 13කට කලින්.
අතුරුදන් වෙනකොට Kelly නව යොවුන් තරුණියක්. නැති වුන සුරතලා නැවත හමු වන විට ඇය ඇයගේ උපාධිය සම්පුර්ණ කර, විවාහ වී, දරුවන් ලබා, වසර දහයක් පුරාවට ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටින ලදී. එහෙනම් අපි දැන් බලමු මේ දෙන්නා ආයේ මුණ ගැහුනේ කොහොමද කියලා.

Continue Reading Below

Kelly ජිවත් වුනේ දකුණු කැලිෆෝනියාවේ. ඇය Abby ගේ සිරුරේ ඇය නමින් ලියාපදිංචි කරපු චිප් එකක් සවි කලේ නිකමට වගෙයි. මාසයකට විතර පස්සේ මේ සුරතලා අතුරුදන් වෙනවා. නැවත මේ සුරතලා මතු වෙන්නේ සුරතල් සතුන් සුරැකුම් මධ්‍යස්ථානයකින්.

එහි සේවය කරනා Alison Ferguson හට මේ සත්වයාගේ සිරුරේ ඇති චිප් එක හමු වෙනවා. එය පරික්ෂා කරලා බලද්දී ඇය පුදුමයට පත් වෙනවා.

ඒකට හේතුව තමයි Abby දැන් සිටින සුරැකුම් මධ්‍යස්ථානය සහ Abby ලියාපදිංචි වෙලා හිටපු රට වන දකුණු කැලිෆෝනියාව අතර දුර ප්‍රමාණය හැතැප්ම 75කටත් වඩා වැඩි වීම. මේ සත්වයා මෙතරම් දුරක් පැමිණියේ කොහොමද යන්න ඇයට මහත් ගැටළුවක් වුනා. ඇය උපකල්පනය කරපු විදිහට නම් අතරමන් වෙලා හිටපු Abby ව නව පවුලකින් හදා වඩා ගෙන, වසර 13කට පස්සේ සුරැකුම් මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ Abby ව අතහැර ගොස් තිබෙනවා.

ඉතින් Alison Ferguson තීරණය කරනවා Abbyගේ සැබෑ හිමිකාරිනිය සොයන්නට.

චිප් එක ලියාපදිංචි කරලා තිබුණු ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය තව දුරටත් වැඩ නොකරන බව ඇයට තේරෙනවා. ඉන් අනතුරුව ඇය එම චිප් එක ලියාපදිංචි කර තිබෙන නාමය වන Kelly Amandrell නමින් ඇති සියලු ෆේස්බුක් ගිණුම් වලට පූස් සුරතලා ගැන කියමින් මෙසේජ් යවනු ලබනවා. මේ ක්‍රමය සාර්ථක වෙන අතර, සැබෑ හිමිකාරිනිය එයට පිළිතුරු එවනු ලබනවා.

වසර ගණනාවකට පසු හමු වුනු මේ දෙදෙනා නැවත අඳුනා ගන්න ඇතිද?

“Abby මාව දැක්කම මුලදී ලැජ්ජාවෙන් වගෙයි හිටියේ. නමුත් දින කීපයකට පස්සේ Abby මාව බොහොම උණුසුම්ව පිළිගත්තා. Abby මම යන හැම තැනකම, මාත් එක්කම එන්න පටන් ගත්තා. මට තුරුළු වෙලා ඉන්න පටන් ගත්තා.” Kelly කිව්වේ බොහොම සතුටින්.

Share Now

Related Article