හැරී පොටර් චිත්‍රපටවල එන සැබෑ ලෝකයේදී දැකගත හැකි ස්ථාන 10ක්

Aug 4, 2016

ඉංරීසි ජාතික ලේඛිකා ජේ. කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි වර්ගයට අයත්වන කතා මාලාවක් වන 'හැරී පොටර්' ගැන නොදන්නා අයෙක් සොයා ගැනීමත් අපහසු කාරණාවක්.හැරී පොටර් ගැන කතා බහ අළුත් වුණේ පසුගිය ජුලි 31 වෙනිදා 'Harry Potter and the Cursed Child' වේදිකා නාට්‍යයේ පිටපත දොරට වැඩීමත් සමඟයි.

කොටස් හතකින් සමන්විත හැරී පොටර් නවකතා මාලාවට ලොව සෑම දෙසකින්ම නැගුණ ඉහල ප්‍රතිචාර නිසා නිෂ්පාදනය වුණ හැරී පොටර් චිත්‍රපට මාලාවද පොත්වලට නොදෙවෙනි ලෙස අතිශය ජනාදරයට පත් වුණා. ඉතින් මේ ලිපියෙන් අපි බලන්නට යන්නේ එසේ චිත්‍රපටවලින් පෙන්වන, සැබෑ ලෝකයේදී ඔබට දැකබලාගත හැකි හැරී පොටර් දර්ශන තල කිහිපයකුයි.

Continue Reading Below

කිංග් ක්‍රොස් දුම්රිය නැවතුම් පොලේ 9 3/4 වේදිකාව

හැරී පොටර් කතාවේ නිතරම කියවෙන ස්ථානයක් වන 9 3/4 වේදිකාව සැබෑවටම ප්‍රතිනිර්මාණය කිරීමට කිංග් ක්‍රොස් දුම්රිය පොලේ බලධාරීන් විසින් ක්‍රියා කළා. මෙහි බිත්තියේ අඩක් ඇතුලට ගිය ට්‍රොලියක්ද දැකිය හැකියි.


හොග්වර්ට්ස් එක්ස්ප්‍රස්

චිත්‍රපටයේ හොග්වර්ට්ස් එක්ප්‍රස් දුම්රිය ලෙස දැකිය හැකිවන්නේ ස්කොට්ලන්තයේ West Highland Railway Line හි වාෂ්ප බලයෙන් දුවන දුම්රියක්. එය The Jacobite ලෙස හැඳින්වෙනවා.


මුහුදු ගුහාව

Harry Potter and the half Blood Prince චිතරපටයේ මහාචාර්ය ඩම්බල්ඩෝර් හැරී සමඟ මුහුද මැද පිහිටා ඇති ගුහාවකට යන දර්ශනය රූගත වී ඇත්තේ මෙම ස්ථානයෙයි. මේ සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය අයර්ලන්තයේ මොහර් දඹය (Cliffs of Moher) ප්‍රදේශයයි.


බ්ලැක් ලේක්

හොග්වර්ට්ස් වටා ඇති කළු පැහැ විල ලෙස ස්ථාන ගණනාවක් රූගත කර තිබුණත් ඒවා අතරින් වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ ඉහත පින්තූරයේ ස්කොට්ලන්තයේ ලොක් ෂීල් (Loch Shiel) විලයි.


පාසල් ගිලන්හල

මේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේවධර්ම ඉගෙනුම්හලයි. හැරී පොටර් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ බොහෝ ස්ථාන යොදාගෙන තිබෙනවා.


පියාඹන කොසු පන්තිය

හූච් මහත්මියගේ පියාඹන කොසු පන්තිය පැවැත්වුණේ මෙන්න මේ ස්ථානයේදීයි. මේ නොදම්බලන්ඩ් ප්‍රාන්තයේ පිහිටා ඇති ඇනික් මාලිගයයි. හැරී පොටර් චිත්‍රපටයට අමතරව Doctor Who, Robin Hood the Prince of Thieves, Elizabeth හා Downtown Abbey චිත්‍රපටවල ඇතැම් රූගත කිරීම් ද මෙම ස්ථානයේ පවත්වා තිබෙනවා.


ප්‍රධාන ශාලාව

හොග්වර්ට්ස් හි ප්‍රධාන ශාලාව ලෙස පෙන්වන මෙම ස්ථානය සැබෑවටම ඔක්ස්ෆර්ඩ් හි Christ Church College හි ප්‍රධාන ශාලාවයි.


ජේ.කේ රෝලින්ග් රෝලිංග් හැරී පොටර් නවකතා මාලාව අවසන් කළ ස්ථානය

කතුවරිය Harry Potter and the Deathly Hallows නවකතාව අවසන් කළේ එඩින්බර්ග් හි බැල්මොරාල් හෝටලයේ අංක 552 කාමරයෙදියි. එය සිහිවීමට ඇය එම කාමරයේ තුල සටහනක් තබා ඇති අයුරු ඉහත රූපයේ දැක්වෙනවා.


Death Eater ප්‍රහාරය එල්ලවන පාලම

හැරී පොටර් හය වන චිත්‍රපටයේ වොල්ඩර්මෝට් අනුගාමිකයන් විසින් විනාශ කරන පාලම මෙයයි. එය Millennium Bridge ලෙස නම් කර තිබෙනවා.

Share Now

Related Article