පාඩම් මතක තියා ගන්න නම් මේ විදිහට පොත් මේසය තියා ගන්න

Apr 26, 2019

පාසල් යන වයසේ දරුවන්ට වගේම, උසස් අධ්‍යාපනය ලබන වැඩිහිටි ඔබටත් පාඩම් කරන්නට පොත් මේසයක් ඇති. පාඩම් කරන මේසය අප්‍රිය වුනාම පාඩම් කරන එකත් එපා වෙන එක බොහොම සුලභ දෙයක්. ඉතින් මේ ගැටලුව විසඳ ගන්නේ කොහොමද කියලයි අද අපි කතා කරන්නේ.

Continue Reading Below

1 ආලෝකය සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන තැනක්

ඔබේ පොත් මේසය තියෙන්න ඕනේ ආලෝකය ලැබෙන තැනක. සමහරු පොත් මේසය තියන්නේ කාමරය මුල්ලේ. එතකොට ඔබේ හෙවනැල්ල පොත් මේසයට වැටිලා එතන අඳුරු වෙනවා. පොත් මේසය තියන්න හොඳම තැන තමයි ජනේලය. ඒ වගේම ඔබේ පොත් මේසයට උඩින් හොඳට දීප්තිමත් එළියක් තියෙන විදුලි බල්බයක් සවි කරන්න. සුදු පැහැති එළියක් ලබා දෙන විදුලි බල්බයක් නම් වඩාත් හොඳයි. පාඩම් කරන අතරතුරේ වරින් වර ජනේලයෙන් පිටත් ඇති ගස් වැල් දිහා බැලීමෙන් ඔබේ දෙනෙත් වල වෙහෙස අඩු වී යනවා.

2 මේසය උඩ බඩු අඩුවෙන තරමට හොඳයි

මේසය උඩ හිස් වෙන තරමට ඔබේ මනසට හොඳයි. මේ නිසා අනවශ්‍ය බඩු මේසය උඩ ගොඩ ගහන එකෙන් වලකින්න. දේව රූප, පවුලේ ජායාරූප ඔබ ළඟ තියා ගන්න ආස වුනත් පොත් මේසය ඒකට සුදුසු තැනක් නෙවෙයි. සමහරු තමන් ආස වාහන වල ජායාරූප පවා තියා ගන්නේ පොත් මේසය උඩයි. එතකොඅට ඔබට බැරි වෙනවා ඔබ අධ්‍යනය කරන දේවල් වලට හිත යොමු කරන්න.

3 ඔබට නිරන්තරයෙන් අවශ්‍ය නොවෙන දේවල් මේස ලාච්චුවට දමන්න

ස්ටේප්ලර් එක, වැඩිපුර තියෙන පෑන් සහ කොළ, කැල්කියුලේටරය වගේ භාණ්ඩ ඔබට නිතරම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පාඩම් වැඩ වල නියැලෙද්දී ඒවා අවශ්‍ය වෙන වෙලාවලුත් තියෙනවා. මේ වගේ භාණ්ඩ මේසය උඩ පුරවාගෙන ඉන්න එක බොරු වැඩක්. ඒවා මේස ලාච්චුවක දමන්න පුරුදු වෙන්න. ඔබේ මේසයේ ලාච්චුවක් නැත්තම් වෙනම පොඩි ටිපෝවක් ගෙන මේසය අසලින්ම පැත්තකින් තබා, එවැනි භාණ්ඩ ටිපෝ එක උඩින් තබන්න.

4 රෑ නිදා ගන්න කලින් මේසය අස් කරන්න

පාඩම් කරපුවම මේසය පොඩ්ඩක් අවුල් වෙනවනේ. පොත් තියපු තැන් වලින් වෙනස් වෙනවා. කොළ එහා මෙහා වෙනවා. ඔබ ලියලා වැරදුනු කොළ පැත්තක ගොඩ ගැහෙනවා. ඒ අවුල් වුනු මේසය එහෙමම තියෙද්දී නින්දට යන්න එපා. මොකද ඊළඟ දවසේ උදේ නැගිටිද්දීම ඔබේ දෙනෙතට අවුල් වුනු මේසය දකිද්දී ඔබට දැනෙන්නේ වෙහෙසකර බවක්. එතකොට අලුත් දවසේ පාඩම් වැඩ නිරවුල් විදිහට පටන් ගන්න ඔබට බැරි වෙනවා.

5  පොත් මේසය මත ගොඩ ගසනවා වෙනුවට පොත් රාක්කයක් භාවිතා කරන්න

>පාසල් යන වයසේ දරුවන්ට නම් පාඩම් කරන්න ගොඩක් පොත් තියෙනවා. ඒ හැම පොතක්ම ඔබේ පොත් මේසය මත තියා ගන්න එපා. පොත් මේසය අසලින් පොත් රාක්කයක් තියා ගන්න. එතකොට ඔබට පුළුවන් පහසුවෙන්ම ඔබේ පොත් රාක්කයෙන් අවශ්‍ය පොත රැගෙන නැවත එතැනින්ම තබන්න.

Share Now

Related Article