වයස 30 වෙද්දී ගැහැණු අපි කරන වැරදි 6 ක්

Dec 23, 2016

පාසලෙන් අයින් වුණ ගමන් ජීවිතේ පටන් ගත්ත අපි, කාලෙ ටික ටික ගෙවෙනවා කියල වටහා ගන්නේ නැහැ. විසි ගණන් ගෙවිල තිහට එද්දී තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි දැන් ජීවිතේ සමහර දේවල් තරමක් වෙනස් විදිහට කළ යුතු බව. එහෙම කරොත් තමයි අපට සාර්ථකව පසු කාලීනව ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. තිහට පා තබනවා කියන්නේ ඔබ මහලු වෙලා නැහැ. ඒ වගේම අර හිරිමල් තරුණ වයසේත් නැහැ.

Continue Reading Below

1) පිළිවෙලට ඇඳුම් පැළඳුම් නොකිරීම.

ඩෙනිම් කලිසමට ටී ෂර්ට් එක දාගෙන රබර් සෙරප්පු දෙක දාගෙන එලියට යන්න ඔබ පුරුදු වෙලා ඉන්න ඇති. නමුත් දැන් ඒක හරියන්නේ නැහැ. ඔබ වටහා ගත යුතුයි දැන් තරමක් වියදම් කර ලස්සනට ඇඳුම් පැළඳුම් කරන්නට තරම් ඔබ ආර්ථිකව ශක්තිමත් කියල. දැන් ඔබ කාන්තාවක්. ඔබ සුන්දර , දුටුවන්ට ප්‍රිය වෙන විදිහට ඇඳුම් ඇඳීම, මේක් අප් දැමීම වගේ දේවල් කළ යුතුයි.


2) මහත් වෙන එක නොසලකා සිටීම

ඉස්සර නම් උගුර ලඟට එනකම් කාලා නිකන් හිටියත් ඇඟේ හැඩය ලස්සනට තිබෙනවා. නමුත් දැන් නම් ටිකක් කැවත් තරමක් බර වැඩි වෙන්න පටන් අරගෙන නේද? ඒක නොසලකා දිගටම හොඳින් කෑම සහ ව්‍යායාම නොකිරීම නම් ඔබ කරන්නේ ඒක ලොකු වරදක්. කාලෙත් එක්ක අපේ ශරීරයේ පරිවුර්තීය ක්‍රියා මන්දගාමී වෙනවා. ඒක තමයි ජීවිතේ හැටි. නමුත් දැන් දැන් ව්‍යායාම කිරීම ජීවිතේට ක්‍රමවත්ව එකතු කර ගත යුතුයි. සතියකට හතර සැරයක් වත් දවසට පැය භාගය බැගින් ව්‍යායාම කිරීම ඔබ අනිවාර්යයෙන්ම ඇති කර ගත යුතු හොඳ සිරිතක්. ව්‍යායාම කිරීම අපහසු නම් අඩුම ගානේ නිකන් මහපාරේ ඇවිදීම පවා ඔබට කරන්න පුළුවන්. කොයි විදිහකින් හරි ශරීරයට ව්‍යායාම දෙන එක කළ යුතුයි.


3) අවශ්‍ය තරම් නින්දක් නොලැබීම

රෑ පුරා නිදි මැරීම, පාඩම් කිරීම, පාර්ටි දැමීම ඔබ කරගෙන එන්න ඇති. නමුත් එය තව දුරටත් සුදුසු නැහැ. දැන් ඔබ ප්‍රමාණවත් පරිදි නින්ද ලැබිය යුතුයි. ඔබට දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ බොහෝ දේවල් ඇති. හැකි හැම විටම සුව නින්දක් ප්‍රමාණවත් ලෙස ලබන්න අවශ්‍යයි. නිකරුනේ නිදි මැරීම ජීවිතයෙන් ඉවත් කළ යුතුයි.


4) මුඛ සෞක්‍ය නොසලකා හැරීම

දැන් නම් ඔබ දන්ත වෛද්‍ය වරයෙක් හමුවීම මාස හයකට වරක් සිදු කිරීම අනිවාර්යයි. දන්ත අබාධ ඇත්නම් මුලදීම අඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු නිසා. වීදුරුමස් ආබාධ, දත් දිරා යාම් ආදිය කලින්ම හඳුනාගෙන වළක්වා ගන්න පියවර ගන්න. ඒ වගේම උදේට, රාත්‍රියට නොවරදවා දත් මදින්න.


5) වැරදි make up පාවිච්චි කිරීම

සමේ ඇතිවෙන වෙනස්කම්, ඇස් යට මතු වෙමින් පවතින රැලි වහන්නට ගොඩක් මේකප් තැවරීම සුදුසු නැහැ. ඔබ නිසි පිළිවෙලට ස්වභාවිකව පෙනෙන්නට මේකප් දමන හැටි වගේම ගැලපෙන වර්ණත් අධ්‍යනය කළ යුතුයි. මාස හයකට වරක් ෆවුන්ඩේෂන් සහ කොන්සීලර් මාරු කිරීම පටන් ගත යුතුයි.


6) වැරදි බ්‍රේෂියර් එක ඇඳීම

දැරු උපත් වලට මුහුණ දීමෙන් පසු බ්‍රෙෂියර් එකේ සයිස් එක වෙනස් වෙලා වෙන්න පුලුවන්. ඔබේ නිවැරදිම ප්‍රමාණය නැවත බලවා ගන්න. නිකන්ම ගෙදර තිබෙන බ්‍රා අඳින්න ගත්තොත් එහෙන් මෙහෙන් පැනල අවලක්ෂණ වෙනවා විතරක් නෙවෙයි ඔබේ සුව පහසුවත් නැති වේවි.

Tags

HK 7

Share Now

Related Article