නිවස පිරිසිදු කිරීමේදී ඔබ සිදු කරන වැරදි කිහිපයක්

Jul 2, 2020

නිවස පිරිසිදුව තබා ගැනීම සියලු දෙනාට ම අභියෝගයක්. ඒත් අපි හැමෝම අපිට පුළුවන් උපරිමයෙන් හැකි සෑම විටම පිරිසිදු කිරීම් සිදු කරනවා. පිරිසිදු කිරීමේදි අපි අතින් සිදුවන වැරදි කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ...

Continue Reading Below

රෙදි සෝදන යන්ත්‍රය පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි

රෙදි සෝදන යන්ත්‍රය කියන්නේ විෂබීජ පැතිරිය හැකි හොඳම මාර්ගයක්. විෂබීජ හා බැක්ටීරියා වලට යන්ත්‍රයේ කොටස් අතර රැඳී සිටිය හැකියි. මේ නිසා සති දෙකකට වරක් යන්ත්‍රය සේදීම අත්‍යවශ්‍ය යි. මේ සඳහා රෙදි කිසිවක් දැමීමෙන් තොරව බ්ලීචින් හෝ සිට්‍රික් ඇසිඩ් දමා යන්ත්‍රය ක්‍රියා කරවන්න. මෙහිදී උපරිම වේගයෙන් යන්ත්‍රය ක්‍රියා කරවිය යුතු වේ. ඉන්පසු යන්ත්‍රය වියළීම ද අත්‍යවශ්‍ය වේ

වැසිකිළි පිරිසිදු කරන බුරුසුව වියළීම අත්‍යවශ්‍යයි

වැසිකිළි පිරිසිදු කිරීමට යොදා ගන්නා බුරුසුව කියන්නේ නිවසේ වැඩියෙන් ම විෂබීජ රැඳෙන දෙයක්. වර්තමානයේ බොහෝ දෙනා මෙය රඳවා තැබීමට වැසුණු බඳුණක් භාවිතා කරනවා. එහෙත් තෙත සහිතව මෙසේ බඳුණක රැඳවීමෙන් විෂබීජ වර්ධනය තවදුරටත් වැඩි වේ. එනිසා පිරිසිදු කිරීමෙන් පසු එය වියළීම අත්‍යවශ්‍ය වේ. නැතහොත් ඔබ කෙතරම් පිරිසිදු කළ ද ඔබේ වැසිකිළිය ආශ්‍රිතව විෂබීජ ව්‍යාප්තිය ඔබට වළක්වා ගත නොහැකි වේ.

සින්ක් එක පිරිසිදු කිරීම අමතක කරන්න එපා

බොහෝ දෙනා සින්ක් එක පිරිසිදු කිරීමේදී එහි පිටත පිරිසිදු කළත් ඇතුළත පිරිසිදු කිරීම අනවශ්‍ය බව සිතනවා. එහෙත් සින්ක් එකේ ජලය බැස යන විවරය තුළ බැක්ටීරියා රැස් වී තිබෙනවා. ඔබ කරාමය අරින විට වතුර එම විවරය වැටී නැවත විෂබීජ සහිත ජලය ඔබ සෝදන දේවලට විසිවිය හැකියි. එනිසා සින්ක් එක ඇතුළත ද සේදීම ඉතාම වැදගත්. මෙය ඉතාම පහසුවෙන් කරගත හැකියි.රාත්‍රියට සින්ක් එකට බේකින් සෝඩා සහ විනාකිරි ටිකක් දමන්න. උදෑසන නටන උණුවතුර තරමක් වැඩි ප්‍රමාණයක් සින්ක් එකට දමන්න. මෙයින් ඔබේ සින්ක් එක හොඳින් පිරිසිදු වේ

නිවසේ දත් බුරුසු රඳවනය විෂබීජ වැඩිපුර ම රැඳෙන ස්ථානයක්

ඔබ පාවිච්චි කරන දත් බුරුසුව විෂබීජ මිලියන ගණනකට නිවහනක් කීවොත් ඔබ පුදුම වේවි. ඔබේ මුඛයේ තිබෙන විෂබීජවල ට අමතරව නාන කාමරයේ, වැසිකිලියේ තිබෙන විෂ්බීජත් දත් බුරුසුවට පැතිරිය හැකියි. නාන කාමරයේ සින්ක් එක මත දත් බුරුසු තැබීම මෙයට හේතුවයි. ඔබ වැසිකිළිය ෆ්ලෂ් කරන වාරයක් පාසා එයින් අහිතකර බැක්ටීරියා රාශියක් වැසිකිළියේ සිට අඩි 6ක් පමණ දුරට පැතිරේ.

මේ නිසා ඔබේ බුරුසු රඳවනය වැඩි උසකින් යුතු රාක්කයකින් තබන්න. ඒ වගේම දත් බුරුසු ආවරණයක් භාවිතා කිරීමෙන්ද ඒ තුළ බැක්ටීරියා වර්ධනය වීම වැඩි වේ. එනිසා වැසුණු කුඩා කබඩයක බුරුසු ගබඩා කරන්න. එමෙන් ම දත් බුරුසු පිරිසිදු කිරීම සඳහා මවුත් වොශ් වල මිනිත්තු 30ක් පමණ දත් බුරුසු ගිල්වා තැබීම හෝ උතුරන වතුරේ මිනිත්තු 2ක් පමණ දත් බුරුසු දමා තැබිය හැකියි.

සීතල වතුරෙන් පිරිසිදු කිරීම අසාර්ථකයි

පිරිසිදු කිරීම සඳහා සමාන්‍ය ජලය හෝ සීතල ජලය භාවිතා කිරීම උණු ජලය භාවිතය තරම් සාර්ථක නැහැ. කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 10 වැඩි ජලය භාවිතයෙන් විෂබීජ විනාශ කළ හැකියි. නැතිනම් ඔබට ඇල්ලිය හැකි මට්ටමේ උෂ්ණත්වයක් ඇති ජලය පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්න.

පිඟන් සෝදනය නිවැරදිව භාවිතා කරන්න

ඔබ පිඟන් සෝදනයක් (Dishwasher) භාවිතා කරන්නේ නම් දිනපතාම එය වියළිය යුතු යි. එය නැවත පිරිසිදු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙත් එය වියළීම අනිවාර්‍යය යි. එමෙන් ම ඔබ එයට පිඟන් දමන විට නිවැරදි ක්‍රමය අනුගමනය කළ යුතු යි. කාබෝහයිඩ්‍රේට් (අල, බත්, නූඩ්ල්ස්) සහිත ආහාර සඳහා භාවිතා කළ පිඟන් සෝදනයේ මැද කොටසේ රවුම් ආකාරයට තැබිය යුතු යි. ඒ වගේම ප්‍රෝටීන් සහිත ආහාර සඳහා භාවිතා කළ පිඟන් (මස්, මාළු, බිත්තර) සෝදනයේ කෙළවරින් තැබිය යුතු යි. එයින් පිරිසිදු කිරීම වඩාත් සාර්ථක වේ.

නාන කාමරයේ තිර රෙදි සහ ෂවර් හිස අනිවාර්‍යයෙන් පිරිසිදු කළ යුතුයි.

වපිටකුරු පංකා (Exhaust Fan) පිරිසිදු කළ යුතුයි.

ෂවර් කර්ට්න් එක නැතිනම් තිර රෙදි සේදීම අනවශ්‍ය බව බොහෝ දෙනෙකු සිතනවා. නාන ටබ් එක සහ බිත්තිය අතර තිබෙන ෂවර් කර්ට්න් එක විශාල වශ්යෙන් විෂබීජ රැඳෙන ස්ථානයක්. පොලිතින් කර්ට්න් එකකට වඩා රෙදි කර්ට්න් එකක් භාවිතය සුදුසු යි. එවිට මසකට සැරයක් එය හොඳින් පිරිසිදු කළ හැකියි. එසේ නැතිනම් ලුණු හෝ සිට්‍රික් ඇසිඩ් මිශ්‍ර ජලයේ ගිල්වා තබා සෝදා වියළ ගන්න.

ෂවර් හිස (Shower Head) තුළ ද රාත්‍රියේදී විෂබීජ වර්ධනය විය හැකියි. මේ නිසා නෑමට පෙර කරාමය ඇර මිනිත්තුවක් පමණ ජලය ගලා යාමට සලස්වන්න. මීට අමතරව ෂවර් හිස විනාකිරි හෝ බේකින් සෝඩා වල මද වෙලාවක් ගිල්වා තැබීමෙන් ද විෂබීජ විනාශ කරගත හැකියි.

වපිටකුරු පංකා (Exhaust Fan) පිරිසිදු කළ යුතුයි.

පිටකුරු පංකා කියන්නේ විෂබීජ පැතිරීමට හොඳම මාර්ගයක්. මේ හරහා මීයන්, කුරුල්ලන් වැනි සතුන්ගේ විෂබීජ නිවසට ඇතුළු විය හැකියි. එනිසා සති දෙකකට වරක් වත් මෙම පිටකුරු පංකා පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය යි.

Tags

HK 1

Share Now

Related Article