නිවැරදිව පාවහන් තෝරා ගන්න මේ දේවල් දැනගෙන ඉන්න

Sep 3, 2020

කාන්තාවකට ගැළපෙන ම පාවහන් යුගලක් තෝරගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ලස්සන, ඔබට ගැළපෙනවා යැයි සිතූ පාවහන් මිළදී ගෙන පසුව විවිධ අපහසුතාවලට මුහුණ දෙන්න ඔබටත් සිදු වෙලා ඇති. ඒ නිසා අද අපි කියන්න යන්නේ ඔබට ගැළපෙන පාවහන් නිවැරදිව තෝර ගන්නා ආකාරයයි.

Continue Reading Below

01 ඔබේ දෙපා

ඔබ සෙරෙප්පු තේරීමේදී ඔබේ දෙපා පිළිබඳ සැළකිළිමත් විය යුතුයි. ඒ වගෙම ඔබ මහත දෙපා තියන අයෙක් නම් තරමක් මහත අඩියක් සහිත සෙරෙප්පු දෙකක් තමයි ඔබට ගැළපෙන්නේ.

සිහින්/මහත දෙපා :

සිහින් දෙපා සඳහා ගැළපෙන්නේ වළලුකර දක්වාම ඇති සපත්තු යි. වළලුකර අසළින් හිර වෙන, ගැට ගැසීමට අති පාවහන් මෙහිදී වඩා සුදුසුයි.ඒ වගේම ඔබට තිබෙන්නේ සිහින් දෙපා නම් ඔබ කෙටි සායක් ඇඳ සිහින් අඩි උස සෙරෙප්පු පැළඳුවහොත් ඔබේ දෙපාවලට තවත් සිහින් පෙනුමක් ලබා ගත හැකියි.එහෙත් ඔබට තිබෙන්නෙ මහත දෙපා නම් වළලුකර කැපී පෙනෙන පාවහන් ඔබට ගැළපෙන්නේ නැහැ.

කොට/දිග දෙපා :

ඔබට තිබෙන්නෙ කෙටි දෙපා නම් ඇඟිලි වැසෙන පාවහන් ඔබට ගැළපෙන්නේ නැහැ. ඒ වගේම තමයි වළලුකර කැපී පෙනෙන පාවනුත් ඔබට ගැළපෙන්නේ නැහැ. ඔබ දිගු දෙපාවලට හිමිකම් කියන කෙනෙක් නම් ඔබට කිසිම ගැටළුවකින් තොරව ඕනෑම පාවහන් යුගලක් පැළඳිය හැකියි.

02 පළඳින අවස්ථාව

ඔබ සහභාගී වන අවස්ථාව ට ගැළපෙන පාවහන් තෝරා නොගත්තොත් ඔබ විශාල අපහසුතාවලට මුහුණ දිය හැකියි.

මෙහිදී ඔබ තෝරගන්නා පාවහන්වල උස පිළිබඳ සැළකිලිමත් විය යුතුයි. ඔබ වැඩි වෙලාවක් පාවහන් පැළඳ සිටිනවා නම් උසින් වැඩි පාවහන් පැළඳීම සෞඛ්යාරක්ෂිත නැහැ. සෞඛ්ය උපදේශකයන්ට අනුව පාවහවල උස 3cm-5cm පමණ විය යුතුයි. එවිට ඔබේ සිරිරේ බර මනාව තුලනය වේ. එහෙත් ඔබට උසින් වැඩි පාවහන් පැළඳීම අත්යවශ්ය නම් ඒ සඳහා සමාන උසකින් යුතු අඩියක් සහිත පාවහන් (Platforms) භාවිතා කළ හැකියි.

03 පාවහන්වල වර්ණය

පාවහන් තේරීමේදී වර්ණය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් ඔබ උසින් වැඩි අයෙක් නම් ඔබට කළු පැහැති පාවහන් ගැළපුනත් උසින් අඩු අයට එය එතරම් ගැළපෙන්නේ නැහැ. උසින් අඩු අයට වඩාත් ගැළපෙන්නෙ තරමක් උදාසීන පැහැයන්ගෙන් යුතු පාවහන් ය. ඒ වගේම ඔබේ සමේ වර්ණයට සමානකමක් දක්වන පාවහනුත් ඔබට තොරාගත හැකියි. ඔබේ ඇඳුමේ පැහැයට ගැළපෙන විදියට පාවහන් තෝරාගන්නත් අමතක කරන්න එපා.

04 පාවහන්වල හැඩය

පාවහන් කෙළවර තුඩු පාවහන්වල ප්රතිරූපය වෙනස්කිරීමට බෙහෙවින් බලපායි. තියුණු කෙළවරක් සහිත පාවහන් මගින් දෙපා දිගු කර පෙන්වයි. ඔබේ උස වැඩි කර පෙන්වීමට අවශ්ය නම් ඔබට මෙම තුඩු සහිත පාවහන් භාවිතා කළ හැකියි. එහෙත් ඔබට තිබෙන්නේ සිහින් දෙපා නම් මෙය ඔබට සුදුසු නැහැ.

හතරැස් හෝ පැතලි තුඩු සහිත පාවහන් මගින් ඔබේ දෙපා තරමක් විශාල කර පෙන්වයි. සිහින් දෙපා සහිත අයට මෙය සුදුසුයි. එහෙත් ඔබට තිබෙන්නේ මහත දෙපා නම් මෙය ඔබට ගැළපෙන්නේ නැහැ. කෙසේ වුවත් තියුණු තුඩු සහිත පාවහන් වලට වඩා හතරැස් හෝ පැතලි තුඩු සහිත් පාවහන් සුවපහසුව වැඩි කරයි.

05 විලාසිතා

පාවහන් ගැන කෙතරම් සැලකිළිමත් වුනත් විවිධ විලාසිතාවන්ගෙන් යුතු පාවහන් පැළඳීමට කාන්තාවන් කැමතියි. කාන්තා ලාලිත්යය වැඩිපුර පෙන්වීමට අවශ්ය කාන්තාවක් සිහින්, උස අඩි සහිත පාවහන් පැළඳීමට වැඩි කැමැත්තක් දක්විය හැක. එහෙත් විලාසිතා ගැන එතරම් අවධානය යොමු නොකරන අයෙක් උසින් අඩු පාවහන්, සපත්තු වැනි සුවපහසු පාවහන්වලට වැඩි කැමත්තක් දැක්විය හැක.

එනිසා පාවහන් තෝරාගැනීමේදී ඔබේ ඇඳුම්, උස, ඔබ සහභාගිවන අවස්ථාව මෙන්ම ඔබේ සුවපහසුව යන මේ සියල්ල පිළිබඳ සැලකිලිමත් වීමෙන් ඔබට ගැළපෙන ම පාවහන් යුගල තෝරා ගත හැකියි.

Tags

HK 7

Share Now

Related Article