වෙඩින් ඇල්බම් එක හදද්දී අනිවාර්යෙන්ම ගන්න ඕනේ ෆොටෝ මොනවද?

Jun 30, 2017

ඔබේ වෙඩින් එක ලොකුවට ගත්තත්, පොඩිවට ගත්තත් මතකය රැඳෙන්න දීර්ඝ කාලයක් ඔබ ළඟ තිබෙන දේ තමයි වෙඩින් ඇල්බම් එක. ඒක හදද්දී චායාරූප ශිල්පියටම වගකීම පවරලා නිකන් ඉන්නේ නැතුව ඔබට වුවමනා දේවලුත් එකතු කරන්න ඔහු හෝ ඇය සමග සාකච්චා කිරීම තමයි හොඳම දේ. එය ඔබේ උත්සවය. මුදල් ගෙවන්නේ ඔබ.

අද අපි හිතුවා එයට අනිවාර්යයෙන්ම එකතු විය යුතු චායාරූප කීපයක් ඔබට පෙන්වල දෙන්න උදාහරණ එක්කම. හොඳින් හිතලා වෙනස් විදිහට කරන්න අමතක කරන්න එපා.

Continue Reading Below

1) මනාලියගේ ඇඳුම

සාරියක් වුනත් ,ගවුමක් වුනත්, ලෙහෙන්ගා එකක් වුනත් එය වෙනම ගැනීම ගොඩක් වටිනවා.


2) සූදානම් වීම

ඔවු මෙයත් ගොඩක් වටිනවා. මනාලිය වෙනම දෙවන මනමාලියන් සහ මල් කුමාරියන් කැටිව එකකුත් මනාලයා වෙනමත් ගත යුතුයි.


3) පෝරුවට නැගීමට මොහොතකට පෙර

ඔවු ඔබ Miss. වශයෙන් හඳුන්වන අන්තිම නිමේෂයේදී…. වටිනා මතකයක්. මෙනවිය වශයෙන් ඉන්න අවසාන මොහොත වැදගත් නැද්ද?


4) මනාලියගේ මල් පොකුර

ඔබ මෙය ගැන බලමින් සොයමින් දින ගණනක් ගෙවන්න ඇති. ලොකු වියදමකුත් දරන්න ඇති. ඉතින් ඒ මතකයත් ඇල්බම් එකට නොයා යුත්තේ ඇයි?


5) උත්සවයට දායක වුන සෙට් එක

ඔබේ යෙහෙළියෝ පිරිස, නංගිලා සෙට් එක සහ ඔහුගේ යාළුවො, ඔහුගේ සහෝදරයෝ ඔය වගේ වෙඩින් එකට බැහැලාම වැඩ කරන පිරිසක් ඉන්නවා. ඔවුන්ව එකතු කර නොගත්තොත් ඒක ලොකු අඩුවක් නේද?


6) ආරාධනා පත්‍රය

මෙය නිසා තමයි අමුත්තන් ඔබේ උත්සවයට එන්නේ. ඒ වගේම එහි මතකයන් ඔබ සතුව තිබිය යුතුයි.


7) ස්තුති කරන කාර්ඩ් එක

උත්සවයෙන් පසුව යන අමුත්තන්නට ඔබ දෙදෙනාගේ චායාරූපයක් සමග ඉතුති පතක් දීම සාමාන්‍ය සිරිතක්. එයත් ඔබේ ඇල්බම් එකට එක කළ යුතුයි.


8) දෙවන මනාලියෝ

උත්සවයේ වර්නවත්ම අංගය සමග ඔබ තනිවම චායාරූපයක් අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි.


9) මනාලිය සහ දෙමාපියෝ

ඔබ තිදෙනා එක්ව චායාරූපයක් අනිවාර්යයෙන්ම ඇතුලත් විය යුතුයි.


10) මනාලයා සහ දෙමාපියෝ

මනාලයා සහ ඔහුගේ පවුලේ චායාරූපයක්ද ඇතුලත්වීම අනිවාර්යයි.


11) උත්සවය ගන්නා ස්ථානය

එම ස්ථානය අමුත්තන් එන්නට පෙර අලංකාරව සරසා ඇති උත්සව ස්ථානයේ සේයාරුවක් ගැනීම අනිවාර්යයි.


12) දුව සහ පියා

ඔබේ පියා බොහොම ආඩම්බරෙන් කාර් එකෙන් බැහැල ඔබේ අතගෙන පෝරුව වෙත කැන්දාගෙන යන මොහොත අනිවාර්යයෙන්ම ඇතුලත් විය යුතුයි.


13) ඔබව දකින තුරු නොයිවසිල්ලෙන් ඉන්න මනාලයා

ඔවු පෙම්වතිය වුන ඔබව මනාලිය ලෙස දකින්න ඔහු පුන පුනා බලා ඉන්න ඇති. ඒ මොහොතේ ඔබ දකින විට ඔහුගේ සිතේ ඇති වෙන හැගීම් චායාරූපයකට නගන්න ශිල්පියා දක්ෂ විය යුතුයි.


14) මුදු දෙක

ඔබ දෙදෙනා විවාහය සංඛේතවත් කරමින් පළඳින මුදු දෙක වෙනම ෂොට් එකක් ගත යුතුයි.


15) ආගමික චාරිත්‍ර

ඔබ මොන ආගමට අයත් වුනත් ආගමික චාරිත්‍ර කෙරෙනවා, එම චාරිත්‍ර වල චායා රූපයක් ඇතුලත් විය යුතුමයි.


16) මුදු හුවමාරුව

17) පෝරුවෙන් බැස්ස විගස එකිනෙකා ආචාර සමාචාර කර ගැනීම.

18 ) අලුත් සැමියා සහ බිරිඳ

19) සවුදිය පිරීම

20 ) පළමු නැටුම

21) දෙදෙනා නික්ම යාම

Tags

HK 6

Share Now

Related Article