ආහාර අපතේ යෑම වලක්වා ගන්නේ කෙසේද?

Aug 4, 2020

ආහාර අපතේ යාම අපි හිතනවාට වඩා ලොකු අර්බුදයක් වෙලා. අවුරුද්දකට ටොන් බිලියන 3.2 ක් පමන ආහාර අපි විසින් අපතේ හරින බව ඔබ දන්නවාද?

Continue Reading Below

හිතන්න ඔබ මේ විසිකරන ආහාර වලින් ඔබේ මුදල් සහ සම්පත් විනාස වෙනවා. මේ ලොකෙ කන්න නැති මිනිස්සු කොයි තරම් නම් ඉන්නවද? ඒ අතින් ඔබ කොච්චර වාසනාවන්තද? ඔබට තුන් වේලම බඩ පිරෙන්න කන්න කෑම තියනවා. අපතේ නොයවා පරිස්සමෙන් ආහාර පරිභෝජනය කරනවා නම් අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ ආරම්භයට හොඳම තැන තමයි ඔබේම නිවස කියන්නේ. අද අපි කතා කරමු ගෘහස්ත ආහාර නාස්තිය අවම කරන පිළිවෙල.

1. බඩුගන්න යද්දී ලිස්ට් එකක් ගෙනියන්න

හිතේ මිම්මට බඩු ගන්න යද්දී දකින දකින දේ මිලදී ගන්න අපිට හිතෙනවා. ඒ වගේම ගෙදර දැනට තිබෙන දේවල් නැවත වරක් මිලදී ගත්තහම ඒවා පරණ වෙලා වීසි කරන්න වෙනවා. ඔබේ ශීතකරණයේ අලවන කොලයක් තබන්න ඉවර වෙන දේවල් එහි සටහන් කරන්න. මාසේ අන්තිමට බඩු බිල ලියද්දි මේ කොලය ලොකු පහසුවක් වෙනවා.

2. ඔබ ගෙදරට ගේන සියලුම අහාර නිවැරදි ක්රමයට අසුරන්න.

අද කාලෙ හැම ගෙදරකම වගෙ ශීතකරනයක් තියනවා. ගෙදර ගෙනෙන එලවලු ඔක්කොම එක පාර ශීතකරනයට ඔබන්නෙ නැතුව ඔබට වේලකට අවශ්යය ප්රමාණයට පොඩි පොඩි පැකට්ස් හදලා වෙන වෙනම අසුරන්න. සමහර පලතුරු තියනවා අනික් පලතුරු එක්ක තියන්න බෑ. උදාහරනෙකට, කෙසෙල්, අලිගැට පේර, වගෙ ඒවා වෙනම තියන්න. සුදුලූනු, අල, ලූනු වගෙ දෙවල් කාමර උශ්නත්වයෙ තියන්න පුලුවන්. කරපින්චා හොදට හෝදලා, වේලලා පෙට්ටියකට දාලා ශීතකරනයේ තියන්න.

මස් මාලු උනත් වෙන වෙනම අරන් තියන්න. මේකට ඔබට සිප් ලොක් බෑග් පාවිච්චි කරන්න පුලුවන්. ඔබ එදිනෙදා ගෙදර පාවිච්චියට ගේන හර්බ්ස්, මින්ට්, පාස්ලි වගෙ දේවල් වතුර වීදුරුවකට දාලා තියන්න. මුල් ඇදලා නම් එක පැල කරලා තමන්ගෙම පොඩි හර්බ්ස් ගාර්ඩන් එකක් හදාගන්න.

3. මීල ප්ලෑන් එකක් හදා ගන්න.

සතියකට උයන දෙවල් ලිස්ට් එකක් හදාගන්න. බඩු ගන්න යනකොට ඒ රෙසිපීස් වලට ඕන කරන අමුද්රවය මතක ඇතුව ලිස්ට් එකට ගන්න. වෙල් තුනටම ඔයාලා කන ඒවා plan කරන්න. බබාලගෙ ලන්ච් බොක්ස්, ඔයාලගෙ ඔෆිස් ගෙනියන ලන්ච් එක, අතුරු පස හදනවානම් ඒකට ඕන කරන දෙවල් වෙනම සටහන් කරන්න. මීල් ප්ලෑන් එක හදනකොට ඒක ඒකාකාරී වෙන්න හදන්න එපා. එතකොට තමයි හිතන්නෙ එලියෙන් මොනා හරි කන්න. විවිධ ආහාර ගෙදරම හදල කද්දී සාක්කුවට ලේසියි.

4. සතියකට සැරයක් ඔබේ ශීතකරනය සහ පැන්ට්රි කබඩ් එක අස් කරන්න

මේකෙන් ඔයාලට අදහසක් ලැබෙනවා ඉතුරු වෙලා තියන දේවල් ගැන, වගේම ඊලග සතියෙ මීල් ප්ලෑන් එක හදනකොට ඒ තියන බඩු පාවිච්චි කරලා හදන්න පුලුවන් ආහාර වර්ග ගැන. හැම වෙලාවකම ෆ්රිජ් එකෙ තියන ඉතුරු බඩු ප්රයෝජනයට ගන්න. එලවලු පොඩ්ඩ පොඩ්ඩ තියනවා නම් ඒකට බිත්තරයක් දාලා ෆ්රයිඩ් රයිස් එකක් හදන්න. කලින් දවසෙ ඉදි ආප්ප ඉතුරු උනොත් පහු වෙනිදාට බත් කන්නෙ නැතුව ඉදිආප්ප කොත්තුවක් හදලා කන්න. මස් මාලු පොඩ්ඩක් ඉතුරු වෙලා තියනවා නම් ඒවා දාල රස බත් එකක් හදන්න. ඉතුරු වුන පාන් වලින් පුඩිමක් හදන්න. එහෙමත් නැත්තම් ඒවා වේලලා ගෙදරම පාන් කුඩු හදාගන්න. කෙසෙල් ගෙඩි ඉදීලා විසිකරන්න ලන් වෙලා නම් කෙක් එකක් හදලා ගන්න. කුස්සියෙ ඔබ නිර්මානශීලි වෙන්න.

5. භාන්ඩ වල කල් ඉකුත් වෙන දිනය ගැන අවදානයෙන් ඉන්න.

යොගර්ට්, නැවුම් කිරි වගෙ දෙවල් අපිට වැඩි කල් තියාගන්න බෑ. නරක් වෙන්න කලින් කන්න. ඔබේ බඩු අසුරනවිට එය ලෙබල් කර අසුරන්න. ගෙනා දිනය ගැන පොඩි සටහනක් දාන්න. ගෙනා පිළිවෙලට පාවිච්චි කරන්න.

6. අධිශීතකරණය පාවිච්චි කරන්න බය වෙන්න එපා

විදේශ රටවල ගෙදරට ගේන පාන් පවා ෆ්රිස් කරන්වා. ලන්කාවේ අපි මේ ක්රමයට බය උනාට මේක බොහොම සාර්තක ක්රමයක්. අපි බඩු ගෙන්නෙ සතියට දවසයි. පානුත් අපි ගෙන්නෙ එහෙමයි. අනික මුලු සතියම අපි පාන් කන්නෙ නෑ. ඉතින් මම කරන්නෙ පාන් ගෙනාපු ගමන් කනවා නම් කාලා ඉතුරු ටික ෆ්රිස් කරන එක. දවස් පහට මම පලතුරු කපලා පොඩි බැග්ස් වල දාල ෆ්රිස් කරන්වා, උදේට කිරි හෝ වතුර ටිකක් දාලා ස්මූති එකක් හදා ගන්නවා.

7. ඉතුරු වෙන එලවලු කොටස් වලින් ගෙදරම පුන්චි එලවලු වත්තක් හදාගන්න.

ලූනු කොල, ලූනු, තක්කාලි, ලෙටූස්, වගෙ දේවල් අපිට ලේසියෙන්ම ගෙදර පුන්චි ඉඩක හදා ගන්න පුලුවන්. අනික් ඉතුරු එළවලු, පලතුරු කෑලි සහ දිරන අපද්රව්ය කොම්පෝස්ට් කරන්න පුලුවන්. නිකන්ම විසි කරනවාට වඩා කොම්පොස්ට් හදලා වගා කරන අයට බෙදා දෙන්න ඔබට පුලුවන්.

ඔබට ඔබේ ආහාර අපතේ නොයවා පාවිච්චි කරන්න තවත් ඕන තරම් ක්රම තියනවා. මේ ඉන් කිහිපයක් විතරයි, ඔයලා බඩු ගන්න විදිය, උයන විදිය පුන්චි පුන්චි වෙනස් කම් කිහිපයක් කරලා බලන්න. ඒ වගෙම ගෙදර අය කොච්චරක් කනවද කියලා හැම වේලකම ඔලුවෙ තියාගන්න. හිතන්න ඔබ මේ විදියට ඉතුරු කරන්වා කියන්නෙ ඔබෙම මුදලුත් ඔබ ඉතුරු කරගන්නවා කියන එකයි. එයින් ඔබ ඔබට වගෙම පරිසරයටත් කරන සේවය ගැන හිතන්න. ඉතින් අද ඉදන් අපි කෑම විසිකරන එක අවම කරමු නේද?

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Tags

HK 5

Share Now

Related Article