සතියකට අවශ්යය ආහාර කලින්ම සුදානම් කරගන්නේ කෙසේද?

Jun 16, 2020

Meal Planning කියන්නෙ අද ලොකෙ බොහොම ජනප්රිය සංකල්පයක්. ඔබේ කාලය සහ මුදල් කියන දෙකම මේකෙන් ඉතුරු කරගන්න පුලුවන්. ඒ වගේම ඔබ ගන්න ආහාර වල ගුණාත්මක බව හා පෝෂණ මට්ටම මැන ගන්නත් Meal Planning කියන්නෙ ඉතාම හොද ක්රමයක්. මේක මුලින්ම පටන් ගන්න කොට නම් ඔයාලට ටිකක් අමාරු වෙයි. ඒත් කාලයත් එක්ක කරගෙන යනකොට නිකන්ම ඔයාල මේකට හුරු වෙයි.

Continue Reading Below

Meal Planning වලින් අපිට ලැබෙන ප්රධානම වාසි තමයි, ආහාර පිසීමට යන කාලය ඉතිරි වීම, මුදල් ඉතුරු කර ගැනීමට හැකිවීම සහ ආහාර අපතේ යෑම අවම කර ගැනීමට හැකි වීම.

ඔයාලා බර අඩු කරන්න උත්සහ කරනවා නම් එහෙම අයටත් Meal Planning කියන්නෙ ඉතාම හොඳ ක්රමයක්. එදිනෙදා ජීවිතේ හුගාක් දේවල් එක්ක කාර්ය බහුල අපි හැමදාම අද උයන්නෙ මොනාද කියල හිතන්න සහ දවස ගානෙ වේල් තුනක් උයන්න කොච්චර කාලයක් වැය කරනවද ? Meal Planning වලින් ඔයාලට පුළුවන් දවසෙ කුස්සියෙ ගතකරන කාලයෙන් බාගයක්ම ඉතුරු කර ගන්න.

අපි බලමු කොහොමද මේ Meal Planning කරන්නෙ කියලා.

1. එයටම අදාල දිනයක් වෙන් කරගන්න.

ඔයාලගෙ ඉස්සරහට තියන සතියට කෑම හදන්න මෙ සතියෙ දවසක් දා ගන්න. සාමන්යෙන් මම කරන්නෙ සෙනසුරාදා. ඊලගට පහළ තියන විදියට චාර්ට් එකක් හදාගෙන එකෙ ඔයාල කැමති විදිහට කෑම වෙන් කරන්න.

මෙ විදියට ඔයාලගෙ සතියටම හදන්න හිතාගෙන ඉන්න කෑම මේකට එකතු කරන්න. බබාලගෙ කෑම පෙට්ටි , අතුරුපස හදනවා නම් ඒවත් මේකටම එකතු කරලා මේ චාර්ට් එක කුස්සියෙ ඔයාලට පේන තැනකින් අලවන්න.

2. බඩු මිලදී ගැනීම.

ඔයාලගෙ Meal Plan එක හදලා ඉවර උනාම මුලින්ම ඔයාගෙ කුස්සියෙ තියන ඉතුරු බඩු මොනාද කියලා බලන්න. මුලින්ම ඒ තියන දේවල් පාවිච්චියට අරගෙන ඉතුරු බඩු වලට ලිස්ට් එකක් හදා ගෙන ඒ දෙවල් මිලට ගන්න.

3. ආහාර සකස් කිරීම.

දැන් සතියටම ඔයාලා කන්නෙ මොනවද කියල දන්නවා. බඩුත් ගෙන්නල නේ තියන්නෙ. දැන් ඉතින් තියන්නෙ ඒවා සකස් කිරීම සහ ඇසුරුම් කිරීම.

ඔයාල මැල්ලුමක් හදනවා නම් ඒකට ඕන කරන කොල සේරම සෝදලා, කපලා, පුන්චි පෙට්ටියකට දාල තියන්න. එයට ඕනේ කරන රතු ලූනු, අමු මිරිස් වගේ දේවල් සුද්ද කරලා ඒ පෙට්ටියටම දාල තියන්න. බෝන්චි උයනවානම් ඒකටත් බෝන්චි සෝදලා කපලා, ඒකට දාන අනික් ඒවත් දාලා, බොක්ස් එකක දාල අරන් තියන්න පුලුවන්.

ඔයාලට මේවා උයලාම උනත් තියන්න පුලුවන්. උයලා අධිශීතකරණයේ දාල අවශ්ය වෙලාවට රත් කරලා ගන්නත් පුලුවන්.

4. ආහාර ගබඩා කිරීම.

මේක අදාල වෙන්නෙ ඔයාල මුලු සතියෙම කෑම උයලා අරන් තියනවා නම් තමයි. උයලා අරන් තියන කෑම නිවුනට පස්සෙ හොදට හෝදලා වේලා ගත්ත බොක්ස් වලට දාල කට හොදට වහලා ශීතකරනයෙ දාන්න පුලුවන්. ඒ වගෙම ඔයාල එකම දේ දෙපාරකට කන්න හිතන් ඉන්නවානම් වෙන වෙනම අරන් තියන්න, සැරින් සැරේ ශීත කළ දේවල් රත් කර කර කන එක නම් එච්චරම ඇගට හොද නැහැ.

ඔයාල මෙ ලිපිය කියවලා බය වෙන්න එපා. අපෝ මේක මහා දවසම යන වැඩක් කියලා. මේ සේරම කරන්න ඕන නම් ඔයාට පැය දෙකක් යයි. ඒත් සතියෙ ඉතුරු දවස් 6 ම ඔයාට මේ සදහා වැය වෙන කාලය අඩුයි. සමහර විට ඔයා කලින් සතියෙ හදපු කෑම තියනවා නම් ඔයලට පුලුවන් ඊලග සතියට ඒකත් ඇතුලු කරන්න. ඔයාට පහසු ක්රමයක් දවසක් හා පහසු වෙලාවක් දාගෙන කරලා බලන්න. විශේෂයෙන්ම කාර්යබහුල කාන්තාවන්ට උදවුවක් වෙයි.

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Tags

HK 1

Share Now

Related Article