ඔබේ නිවස පියකරු තැනක් කරගන්න මේ දේවල් අනුගමනය කරන්න

Jul 22, 2020

ඔබේ නිවස ලස්සනට, පිළිවෙළට අස් කරලා ඉවරද? හැමදේම නිසි තැන තියනවද? ඒත් හිතට අඩුවක් දැනෙනවද? නිවසේ බඩු බාහිරාදිය නිසි තැන පිළිවෙළට තිබ්බ පමණින් ම නිවස ආදරණීය, පියකරු තැනක් වන්නේ නැහැ. නිවස පියකරු තැනක් කරගන්න ඔබට කරන්න පුළුවන් සරල දේවල් ටිකක් ගැන තමයි අද කියන්න යන්නේ.

Continue Reading Below

01) රත්තරන් පැහැය නිවසට එකතු කරගන්න

රත්රන් පැහැය කියන්නේ ඕනෑම වර්ණයක් සමග මිශ්ර කරන්න පුළුවන් වර්ණයක්. ඔබ ඔබේ නිවස සඳහා තද පැහැයක් භාවිතා කර තිබුණත් ලා පැහැයක් හෝ ස්වභාවික පැහැයක් භාවිත කර තිබුණත් ඒ ඕනෑම පැහැයක් සමග ඔබට රත්රන් පැහැය භාවිතා කළ හැකියි. එයින් ඔබට ඔබේ නිවසට සුඛෝපභෝගී පෙනුමක් එක් කර ගත හැකියි.

02) සුවපහසුව වැඩි කරගන්න

නිවසක සුවපහසුව වැඩි නම් තමයි නිවසේ ආදරණීය බව වැඩි වෙන්නේ. මේ සඳහා හොඳම ක්රමයක් තමයි පුළුන් කොට්ට (Plush Pillow) භාවිතය. ඔබේ ඇඳට, සෝෆා එකට ගැළපෙන වර්ණයන්ගෙන් යුතු පූළුන් කොට්ට එකතු කිරීමෙන් ඔබෙ නිවසට අලුත් බවක් එකතු වේවි. ඒ වගේම තමයි දෙපාවලට සුවපහසුවක් ගෙන දෙන පාපිසිත් ඔබට භාවිතා කරන්න පුළුවන්. අද වෙළඳපළේ විවිධ වර්ගයේ පාපිසි මිළ්දි ගැනීමට තිබෙනවා. එයින් ඔබේ නිවසට ගැළපෙන් වර්ණයන්ගෙන් සුවපහසු පාපිසි කිහිපයක් ඔබේ නිවසට එකතු කරගන්න. එහෙම නැත්නම් ඔබ කැමති ආකාරයට පාපිසි නිර්මාණය කරගන්නත් ඔබට පුළුවන්.

03) ඔබේ ඡායාරූප නිර්මාණශීලීව භාවිතා කරන්න

වර්තමානයේ තිබෙන ඩිජිටල් තාක්ෂණයත් සමග අපි අපේ ඡායාරූප මුද්රණය කරන්නේ නැති තරම්. ඒවා අපේ දුරකථනයට හෝ කැමරාවට පමණක් සීම වෙලා. දැන්ම ඔබේ ඡායාරූප එකතුවෙන් ඔබ කමතිම ඡායාරූප කිහිපයක් තෝරගෙන මුද්රණය කරන්න. නිවසේ ගැළපෙන තැන්වල ඒවා සවි කරන්න. අන්තර්ජාලය තුළින් ඔබට ඡායාරූප නිවසේ අලංකාරය සඳහා යොදා ගන්නා විධි රාශියක් සොයා ගත හැකියි. එයින් ඔබට ගැළපෙන ක්රම තෝරාගන්න. උදාහරණයක් ලෙස තේමාවක් යටතේ ඒවා වෙන් කර ඔබේ විසිත්ත කාමරයේ එල්ලන්න ඔබට පුළුවන්.

04) අඩු ආලෝකයක් යොදන්න

අඩු ආලෝකයක් සහිත බල්බ යෙදීමෙන් ඔබට රාත්රී කාලයේදී නිසවට අමුතු ම සුන්දර බවක් ලබා ගත හැකියි. නමුත් වැඩි ආලෝකයක් අවශ්ය වන ඔබේ කියවීම් කාමරය, ඔබේ දරුවන් පාඩම් කරන තැන්වලට මෙය ගැළපෙන්නේ නැහැ. ඔබේ බැල්කනියට, විසිත්ත කාමරයට සහ ඔබ නිදහසේ කාලය ගත කිරීමට යොදා ගන්නා තැන්වලට මෙවැනි අඩු ආලෝකයක් යොදා ගන්න ඔබට පුළුවන්. බල්බ් විතරක් ම නෙවෙයි අවස්ථාව අනුව ඔබට මේ සඳහා ඉටිපන්දම් වුනත් භාවිතා කරන්න පුළුවන්.

05) ඔබේ පොත් රාක්කයෙන් අලුත් වැඩක් කරන්න

සාමාන්යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ අපේ පොත් සේරම රාක්කයක අසුරලා තියන්න. ඒත් මේ පොත් නිර්මාණශීලී ලෙස භාවිතා කරලා ඔබේ නිවස ලස්සන කරගන්න පුලුවන්. උදාහරණයක් ලෙස ඔබේ ඇඳ අසළ ඔබේ ඇඳේ උස හා සමාන පුන්චි ලී රාක්කයක් තියන්න. එහි ඔබ නිතර කියවන පොත් ටිකක් තබා ඊට උඩින් වර්ණවත් කොට්ටයක් තබන්න. මෙය ඔබේ නිදන කාමරයට අලුත් පෙනුමක් එක් කරාවි. මේ වගෙ ඔබේ අදහස්වලට අනුව අලුත් දේවල් කරන්න ඔබට පුළුවන්.

06) නාන කාමරය අමතක කරන්න එපා

නාන කාමරය කියන්නෙ ඔබේ නිවසේ වැදගත් තැනක්. එය පිරිසිදුවට තිබුණට විතරක් ම මදි. දිගු විඩාබර දවසකින් පස්සෙ ඔබව නැවුම් කරන, ඔබේ මනස සැහැල්ලු කරන තැන තමයි නාන කාමරය. ඒ නිසා නාන කාමරය තුළ පිරිසිදුව වගේම මනසට සැහැල්ලුවක් දෙන පරිසරයක් තිබිය යුතුයි. නාන කාමරය තුළ මල් පැළ තැබීම, සුවඳ කළ ඉටිපන්දම් තැබීම ආදියෙන් ඔබට එහි පරිසරය වෙනස් කළ හැකියි.

Tags

HK 1 Interior

Share Now

Related Article