මදුරු සහ කැරපොතු වදෙන් බේරෙන්න ඔබට හානිදායක නැති ක්‍රමයක්

Aug 14, 2017

මදුරුවෝ කැරපොත්තෝ වගේ කෘමි සතුන්ගෙන් නිවෙස්වලට තියෙන්නේ හරිම කරදරයක්. ඒ වගේම තමයි මේ සතුන් නිසා ලෙඩ රෝග වැළඳීම මෙන්ම ඒවා පැතිරීමත් වේගවත් වෙනවා. ඩෙංගු උවදුරත් සමග අද වනවිට මදුරුවා කියන්නේ ඉතා භයානක කෘමියෙක් බවටත් පත් වෙලා තියනවා. ඒ වගේම මෙම කෘමි සතුන් නිසා විවිධ ආසාත්මිකතා සහ ආසාදන ඇති වීමේ ඉඩකඩත් ඉතාම වැඩියි. විශේෂයෙන් ම කුඩා දරුවන් ඉන්න නිවෙස්වල මෙම කෘමි සතුන් නිසා ඇති අවධානම ඉතාම වැඩියි.

ඒ නිසාම මේ කෘමි සතුන් මර්දනයට වෙළඳ පොලේ විවිධ නිෂ්පාදන තිබෙනවා. එත් ඒවා නිසා කෘමි සතුන් විනාශ වනවා විතරක් නෙවෙයි ඒවා මිනිසුන්ටත් හානිදායක වෙනවා. ඇතැම් අවස්ථාවල කෘමීන්ගෙන් වන හානියටත් වඩා වැඩි හානියක් මෙම කෘමි නාශක වලින් සිදු විය හැකියි. ඒ නිසා අද අපි කියන්න යන්නේ අපේ සෞඛ්‍යයට බලපෑමක් නොවන අයුරින් ගෙදරදීම කෘමි නාශකයක් හදා ගන්නේ කොහොමද කියලයි.

Continue Reading Below

මෙය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන ද්‍රව්‍ය තමයි මේ
  • විනාකිරි කෝප්ප භාගයක් (1/2)
  • ඔලිව් තෙල් කෝප්ප භාගයක් (1/2) (හෝ වෙනත් එළවලු තෙල්)
  • ෂැම්පු කෝප්ප භාගයක් (1/2)

සාදන ක්‍රමය

මෙම ද්‍රව්‍යයන් සියල්ලම බෝතලයකට දමන්න. ඉන් පසු එය හොඳින් සොලවමින් කලවම් කරන්න. පසුව ඔබේ නිවසේ මෙම කෘමි සතුන් වැඩිපුර ගැවසෙන ස්ථානවලට මෙය ඉසින්න. කුඩා දරුවන් හෝ ඔබේ නිවසේ සුරතල් සතුන්ට මෙයින් කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒ පිළිබඳ බිය වීමට අවශ්‍ය නැහැ. මෙය ඉසීමෙන් පසු පැය කිහිපයකින් මියගිය කැරපොත්තන් ඔබට දැක ගත හැකි වේවි.

මේ ඉතාම ලේසි ක්‍රමය මගින් ඔබට ඔබේ නිවසේ කෘමි උවදුර ඉතාම ඉක්මනින් අවසන් කරගත හැකි වේවි. ඒ වගෙම එයින් ඔබට කිසිදු හානියක් සිදු නොවන අතරම ඔබේ පසුම්බියටත් වාසියක් වේවි.

Tags

HK 1

Share Now

Related Article