කාන්තා ඔබේ වැදගත් පෙනුම වැඩිකරන කාරණා 5 ක්..

Mar 1, 2017

වැදගත්කම කියන්නේ කාන්තාවකට අභාරණයක්. ඔබේ සමාජ තත්වය කුමක් උනත් ගැහැනියක් ලෙස ගරුත්වය , සුන්දරත්වය ඉස්මතුවෙන්න කටයුතු කිරීම ගොඩක් වැදගත් වෙනවා.

ඔබේ සැමියා නැත්නම් පෙම්වතා අනිවාර්යයෙන්ම ඔහුගේ යහළුවන් ඉදිරියේ ඔබ ගැන ආඩම්බර වේවි. ඔබේ දෙමාපියෝ පවුලේ අය ඔබ ගැන අනිවාර්යයෙන්ම කතා කරාවි. අනෙක් තරුණියෝ ඔබව ආදර්ශයට ගනීවි. මෙන්න මේ පුංචි දේවල් ටික පුහුණු වුණොත් වාසිය ඔබට මයි.

Continue Reading Below


1) නියමිත ඉරියවුවෙන් හිට ගැනීම

කාන්තාවක් නිතරම ලස්සනට කෙලින් හිට ගැනීම කළ යුතුයි. කොතරම් අලංකාර විදිහට ඇන්දත් කිසිම එළියක් නැහැ ඔබ හිටගන්නේ කුදු ගැහිලා නම්. කකුල් දෙක එක ළඟ හිටින විදිහට නිකට මදක් උඩට ඉස්සෙන්න තමයි සිට ගත යුත්තේ. මතක ඇතිව හැම විටම පිට කොන්ද කෙලින් තබා ගන්න. අත් දෙක පහලට දමාගෙන ඉන්න පුලුවන්. නැත්නම් ඔබේ අතේ බෑගයක් ඇත්නම් එක අතකින් අත් බැගය පහලට හිටින විදිහට අල්ලගන්න පුලුවන්. ඒ අයුරින් හිට ගත්තම ඔබේ පෞර්ෂය හැමෝගෙම ප්‍රසාදයට හේතු වෙනවා. එය ඔබට ගෙන එන්නේ අභිමානයක්.


2) අලංකාර ලෙස වාඩි වීම

කකුලක් පිට කකුලක් දමා ගැනීම අද සමාජයේ බහුලව සිදු වෙනවා. නමුත් එය එතරම් කාන්තාවකට සුදුසු නැහැ. රාජකීය කාන්තාවෝ හැම විටම සිට ගන්නේ කකුල වෙනුවට වළලුකර පටලවාගෙන. හොඳින් බලන්න රාජකීය කාන්තාවෝ කවදාවත් කුලක් පිට දාගෙන වාඩි වෙන්නේ නැහැ. වාඩි වෙන විට හොඳින් කොන්ද කෙලින් තබා ගෙන වාඩි විය යුතුයි.


3) නිසි විදිහට වාහනයකින් බැසීම

අද තරුණියෝ ගොඩ දෙනෙක් නිසි විදිහට වාහනෙන් බහින්නේ නැහැ. කකුල් පළල කරගෙන ඇතැම්විට යට ඇඳුම් පවා පෙනෙන , දකින කෙනෙකුට අප්‍රසාදයක් ඇති වෙන පිළිවෙලට බහින්න එපා. පළමුව සන්සුන් වෙන්න. හදිස්සියක් නැහැනේ වාහනෙන් බිමට පැන ගන්න. පළමුව කකුල් දෙක ලං කරගෙන වාහනයේ සීට් එක අයිනට තල්ලුවෙලා එන්න. ඉන් පසුදොර හැර ලං කරගත් දෙපය හෙමින් බිම තබන්න. එවිට ලස්සනයි. වැදගත්.


4) ගෞරවනීයව ඇඳුම් පැළඳුම් ඇඳීම

හැම තැනටම ෂෝට් එක ඇඳගෙන රබර් සෙරප්පු දාගෙන යන අයත් ඉන්නවා. ඒ අතරේ වැදගත් කාන්තාවන් කැපී පෙනෙන්නේ ඇඳුම් වල ඇති සුන්දරත්වය නිසා මයි. සමාජයේ වැදගත් තරුණියක් විදිහට ප්‍රසිද්ධ වෙන්න නම් නිතරම ලස්සනට සැරසිලා ඉන්න එක වැදගත් වෙනවා. සාරි සහ ලස්සන formal wear කාර්යාලයට සහ වැදගත් ගමන් වලට අඳින්න පුලුවන්. උෂ්ණ කලාපීය රටේ ලස්සන සරල කැෂුවල් ඇඳුම් අඳින්න හැකියි. ඒ වගේම නිසි විදිහට අභරන දැමීමත් කළ යුතුයි. පහත ලින්ක් දෙකෙන් මේ වර්ග දෙකේම ඇඳුම් ගැන පොඩි අදහසක් ගන්න පුලුවන්. ක්ලික් කරලා බලන්නකෝ.


5) අභිමානවත් ලෙස ඇවිදීම

කුදු ගැහෙන්නේ නැතිව කොන්ද කෙලින් තබාගෙන ඇවිදින්න. එය හැම විටම රාජකීය පෙනුමක් එක් කරනවා. ඔබේ පෞර්ෂය ලෝකයට පෙම්න්වන හොඳම විදිහ තමයි ඇවිදින පිළිවෙල. කලබලෙන් , වේගෙන් ඇවිදින එක නොකර සෙමෙන්, ශාන්තව ඇවිදින්න.


6) පිරිසිඳුකම තමයි ලොකුම දේ
∗ මුඛ සෞක්‍යය

දිනකට දෙවරක් දත් මදින්න. ඔබේ මේකප් පෙට්ටියේ මුව සෝදන Mouth wash එකක් තියා ගන්න. කෙනෙකුට ඔබේ මුවේ දුගඳක් හැමුවොත් කොපමණ ලස්සනට ඇඳගෙන හිටියත් වැඩක් නැහැ.

∗ කොන්ඩේ

හොඳින් සෝදා conditioner දමා ලස්සනට තියා ගන්න. හිස්සොරි ඇත්නම් එයට නිසි ප්‍රතිකාරයක් කර ගන්න. ඔබට තියෙන්නේ අපිළිවෙල කොණ්ඩයක් නම් එයට සුදුසු මූස් වර්ගයක් නැත්නම් සීරම් එකක් තෝරාගෙන පාවිච්චි කරන්න.

∗ මුහුණේ ලස්සන ගොඩක් වැදගත්

හොඳ ක්ලේන්සර් එකකින් හවසට කුණු දූවිලි ඉවත් වෙන්න සෝදන්න. තෙතමනය රැක දෙන ආලේපන ගලවන්න. සමේ පිරිසින්දුකම ආරක්ෂාව ගැන ඉගෙන ගන්න අපේ වෙබ් අඩවියේ beauty කොටස් හොඳින් කියවන්න.


∗ මතක හිටින සුගන්ධයක්

ගැහැනියක් කොතරම් ලස්සන වුනත් වැඩක් නැහැ ඇගේ ශරීරයෙන් දුගඳ හමනවා නම්. ඔබ නිතරම එලියට යද්දී diodrand පාවිච්චි කරන්න අමතක කරන්න එපා. කොලොන් එකක් හරි පර්ෆියුම් එකක් හරි ගානවා නම් වටේටම සුවඳ විහිදන සැර විලවුන් වලින් ඉවත් වෙලා ඔබේ පෞර්ශයට ගැලපෙන දැනෙන නොදැනෙන මට්ටමේ විලවුන් වර්ගයක් භාවිතා කරන්න.

∗ අනවශ්‍ය රෝම ඉවත් කිරීම

මුහුණේ සහ ඇහිබැම මත තිබෙන අනවශ්‍ය රෝම වැවෙන්න පෙර ඉවත් කරන්න. මුහුණේ තිබෙන එලිය අනවශ්‍ය රෝම නිසා මැකෙනවා. අත් පය වල අධිකව රෝම නැත්නම් නොගලවා සිටීම හොඳයි කියන එක තමයි මගේ නම් අවවාදය. නමුත් ඔබ කැමති නම් ඉවත් කරගෙන වඩා සුමුදු පෙනුමක් ලබා ගත්තට වරදක් නැහැ.

Tags

HK 8

Share Now

Related Article