ඔයාගේ ගෙදරත් ප්‍රසන්න සුවඳකින් පුරවන්න ආසද ?

Jun 9, 2020

Continue Reading Below

1. ඔබේ නිවසේ අපද්රව්ය බැහැර කරන ස්තාන හොදින් පිරිසිදු කරන්න.

කුස්සියෙ සින්ක් එක, නාන කාමරයෙ වතුර බැහැර වෙන තැන වගේ ස්ථාන හොදින් පිරිසිදු කරන්න. කිසිම වෙලාවක කුස්සියේ සින්ක් එකේ ඉදුල් පල් වෙන්න තියන්න එපා. දිනපතා රාත්රියෙ කුස්සිය පිරිසිදු කිරීමෙන් පසුව හොදින් රත් වුනු උනු වතුර එකක් සින්ක් එකට හලන්න. එකෙන් සේරෙම විශබීජ විනාශ වෙනවා. විෂබීජ නැති වෙද්දී දුර්ගන්ධයක් හමන්නේ නැහැ.

2. ඔබෙ කුනු දමන භාජනය දිනපතා පිරිසිදු කරන්න.

ඔබේ ගේ ඇතුලේ තියන ගාර්බේජ් බින් එක හැමදාම රෑට හෝදලා වේලෙන්න තියන්න. ඒ වගෙම ඒකට කුනු දාන්න කලින් බෑග් එකක් දාන්න, හැමදාම රෑට ඒ බෑග් එක අයින් කරලා බින් එක සෝදලා වේලෙන්න තියන්න, පහුවදාට අලුත් බෑග් එකක් දාන්න නැත්නම් පරණ බෑග් එක රාත්රියේ හෝදලා වනල ඊළඟ දවසේ එයම පාවිච්චි කරන්න. පරිසර දූෂණය අවම වෙනවනේ.

ඔබට කට වැසුනු බින් එකක් තියනවා නම් වඩාත් හොදයි. පුලුවන් නම් ඉදුල් වලට වෙනම එකක්, කඩදාසි / පොලිතින් වලට වෙනම එකක් විදියට බින්ස් දෙකක් වත් තියා ගන්න. එතකොට ඒවා ප්රතිචක්රීකරණය කරන්න පුළුවන්.

3. ඔබේ නිවසේ ඇති පාපිසි වලට බේකින් සෝඩා දමන්න.

බේකින් සෝඩා කියන්නෙ ස්වභාවික විශබීජ නාශකයක්. අපේ ගෙදරක තියන පාපිසි කියන්නෙත් ඉක්මනින් කිලිටු වෙන දෙයක්. පාපිසි වලට බේකින් සෝඩා යොදලා පැයකට විතර පස්සෙ හොදින් වැකියුම් කරන්න.

4. ඔබෙ නිවස තුළට හොදින් හිරු එලිය වැටීමට සලස්වන්න.

හිරු එලියෙන් විශබීජ විනාශ වෙන බව ඔබ දන්නවා නේද?. ඉතින් ඔබේ නිවස තුලට හොදින් හිරු එලිය ලැබීමෙන් විශබීජ විනාශ වී නිවස තුළ තියන දුගඳ ඉවත් වෙනවා. දොර ජනෙල් ඇරලා තිබෙද්දී වාතය හොඳින් ගේ තුලට සංක්රමණය වීම නිවැසියන්ගේ සෞක්යයට ගොඩක් හොඳ දෙයක්.

5. ශීතකරණයේ ගඳ දුරුකරන්න වැනිලා

පුන්චි පුලුන් කැබැල්ලකට වැනිලා බින්දු කිහිපයක් දාලා ශීතකරනය ඇතුලෙන් තියන්න. එයින් ශීතකරනයේ ඇති අනවශ්යය දුගඳ ඉවත් වී මුදු සුවදක් හමාවි.

6. ඉවතලන දෙවල් වලින් ගෙදර සුවද කරමු

ඔබ එදිනෙදා ඉවත ලන දෙහි, දොඩම් ලෙලි කිහිපයක් වතුර කෝප්ප 2ක සමග හොදින් තැම්බෙන්න තියන්න. එයටම වැනිලා බින්දු කිහිපයක්, කුරුදු පොතු කැබැල්ලක්, කරාබු නැටි කිහිපයක් දමා හොදින් උතුරවන්න. ඔබෙ මුලු ගෙදරම සුවදවත් වේවි.

අපේ ගෙදර හොද පිරිසිදුවට, සුවදට තියනවා නම් අපි කවුරුත් කැමතියි., ඉතින් මේ පොඩි දේවල් අත්හදා බලලා අපිටත් කියන්න.

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Tags

Share Now

Related Article