කාන්තාවක් ඉපයීම අත්‍යවශ්‍යද?

Feb 11, 2020

අද ලෝකය වෙනස් වුනත් තාමත් සමහර පිරිමි ඉන්නවා භාර්යාව රැකියාවකට යනවට අකමැති. ඒ වගේම මොකක් හෝ හේතුවකට ගෙදර නැවතුන කාන්තාවෝ ඉන්නවා ” අපි තමා සුපිරි අම්මලා, අනික් කට්ටිය සල්ලි පස්සේ යන නරක ගැහැණු ” කියා අනික් අය හංවඩු ගහන.

Continue Reading Below

ගැහැනියක් කියන්නෙත් සමාජයේ ජීවත් වන තවත් පුරවැසියෙක්. අබ්බගාත නැති, මහලු නැති, වැඩ කරන වයසේ හැම මනුස්සයම ආර්තිකෙට වටිනාකමක් එක් කල යුතුයි. මෙතනින් අදහස් කරන්නේ නැහැ රැකියාවකට යන්න ඕනේ අනිවාර්යෙන්ම කියල. මෙයින් අදහස් කරන්නේ කුමන අයුරින් හෝ අර්තිකෙට වටිනාකමක් එකතු කරන අතරේ මුදල් ඉපයීම කල යුතුයි කියන එකයි.

එහෙම මුදල් ඉපයිය යුත්තේ ඇයි?

1) තමාගේ වියදම් ( ඇඳුම්/ විලාසිතා / දෙමාපියන්ට දේන මුදල් / සැලුන් යන වියදම් ) වෙන කෙනෙක්ගෙන් ඉල්ලන එක ඔබේ ආත්ම ගෞරවයට හොඳ නැහැ. සැමියා කැමැත්තෙන් දෙනවා ඇති. නමුත් ඔබට ඉපයිය හැකි නම් ඇයි තව කෙනෙක් ගෙන් ගන්නේ?

2) ඔබ කාන්තාවක් වුනත් ඔබ ඉපදෙන්න ඉද්දි දුන්න පලවෙනි යකඩ පෙත්තේ ඉඳල, පාසල් ගාස්තු, පොත් වලට, ඇඳුම් වලට, විභාග වලට මේ රටේ මිනිස්සු බදු ගෙවුවා. ඒ බදු මුදල් වැය කරලා ඉගෙනගෙන ආර්තිකෙට යම් කිසි වටිනාකමක් එකතු නොකරනවා නම් මම එය දකින්නේ රටේ ජනතාවට කරන වරදක් ලෙසයි.

3) අද කාලේ ආර්ථිකේ අමාරුයි. දෙදෙනක් උපයන්නේ නැතුව සාමාන්‍ය පවුලක් ගෙනයාම එතරම් පහසු නැහැ.

4) ජීවිතේ හරිම අස්තිරයි. නොහිතන දේවල් වෙනවා. දික්කසාද, මරණ මේ වගේ දේවල් අපිට නොවෙනවා කියා කියන්න බැහැ. ජීවිතේ අපිට දෙන්නේ කැමති දේවල් විතරක් නෙවෙයි. ඉතින් ඔබ තනිව ආර්ථිකව ශක්තිමත් නම් ජීවිතේ යම් කිසි ව්‍යසනයක් ආවොත් සාර්ථකව මුහුණ දිය හැකි වෙනවා.

සල්ලි වලට වඩා දරුවෝ වටිනවා….

අනිවාර්යයෙන්ම. ඔබ රැකියාවක් කල යුත්තේත් ඒක මයි. අපේ රටේ වැඩිහිටි පරපුර මුණුබුරෝ බලනවා. ඒකත් ලොකු වාසියක්. අනික් අතින් දිවා සුරැකුම් මද්‍යස්ථාන වල ගුණාත්මක බව පිලිබඳ නිර්ණායක තදින් සකසන්න රජය මැදිහත් වෙන්න ඕනේ. ශ්‍රම බලකාය ප්රසාරණය කරන්න නම් පැටවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ.

ඔබට සුදුසු මොඩ්ල් එක සොයා ගන්න…..

ඔබට දරුවෝ දාල ගෙදරින් යන්න බැරි නම් නැවතීම එකම විසඳුම නම් රැකියාවක් නොකර නවත්වන්න. ඉන් පසු පැය ගනනාවක් රූපවාහිනියේ යන කතා බලන්නට නිකරුනේ වැය කරන්න එපා. ලෝකය එක්ක සම්බන්ධ වෙන්න. හිතන්න ගෙදර සිට කොයි ලෙසද මට යමක් ඉපයීමට හැක්කේ කියල. කුඩා ව්‍යාපාර, E Commerce අවස්ථා දැන් පෙර නොවූ විරු ලෙස ඔබට ලැබෙනවා.

දරුවාගෙන්, සැමියාගෙන්, ගෙදර තාප්පෙන් එහාට ලෝකයක් හදා ගන්න.

අමතක කරන්න එපා පාරේ ඉන්න හිඟන්නාගේ ඉඳල ලොකුම පොහොසතා වෙන තුරු හැම මනුස්සයම ඔබේ ඉගෙනීමට මුදල් වැය කළා. දැන් ඔබේ වාරය රට වෙනුවෙන් යමක් කිරීමට වගේම ඔබ වෙනුවෙනුත් යමක් කිරීමට.

Tags

HK 5

Share Now

Related Article