ඔබේ සෞඛ්යයට හානි කරන මේ පුරුදු ඔබටත් තියනවද?

Sep 23, 2020

අපි කවුරුත් කැමතියි සෞඛ්යමත්ව නිරෝගීව ඉන්න. ඒ නිසා ම හැම දේම සෞඛ්යාරක්ෂිතව කරන්න අපි පරිස්සම් වෙනවා. එත් නොදැනුවත්වම අපේ සෞඛ්යයට හානි කරන වැරදි පුරුදු කිහිපයක් ගැන තමයි අද අපි කියන්නේ.

Continue Reading Below

● ඉඳුල් පිඟන් සේරම එකවර සින්ක් එකේ දාලා තියන්න එපා

ලේසිය ට සේරම ඉඳුල් භාජන එක පාර සින්ක් එකට දාලා හෝදන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නෙ. ඒත් මේකෙන් භාජන අතර විෂබීජ පැතිරීමේ ප්රවණතාව වැඩි වෙනවා. ඔබ පාවිච්චි කරන ස්පොන්ජ් එක පවා මේ බැක්ටීරියා පැතිරීමට හොද අවස්ථාවක්. මේ හරහා උදරාබාධ ඇති වීමේ ඉඩ වැඩියි කියලා තමයි පර්යේෂකයින් කියන්නේ. විශේෂයෙන් ම කිරි, මස්, මාළු වගේ ආහාර සේදීමෙන් පසු සින්ක් එක හොදින් පිරිසිදු කිරීමත් අත්යවශ්ය යි.

● නිතර උණු වතුරෙන් අත් සෝදන්න එපා

විෂබීජ විනාශ වීමට ජලයේ උෂ්ණත්වය ට වඩා අත් සේදීම ට ගත වන කාලය වැදගත් බව නවත ම පර්යේෂණ අනුව සොයාගෙන තියනවා. ඒ වගේ ම තමයි ස්වභාවයෙන් ම විෂබීජවලින් අපව ආරක්ෂා කිරීමට අපේ සම ක්රියාකාරී වනවා. ඒත් නිතර නිතර උණු වතුරෙන් අත් සේදීමෙන් සම දුර්වල වෙලා මෙම ක්රියාකාරීත්වය අඩාල වනවා. ඒ හරහා සමේ විවිධ රෝග ඇති වෙන්නත් පුළුවන්. ඔබත් උණු වතුරෙන් නිතර අත් සෝදනවා නම් ඒ ගැන දෙවරක් සිතන්න වේවි.

● මේකප් දාගෙන ව්යායාම කරනන එපා

වැඩ ඉවර වෙලා උදේ දාපු මේකප් එක පිටින්ම ජිම් එකට යන්න ඔබත් පුරුදු වෙලා ඇති. ඒත් ඔබ දන්නවාද? ව්යායාම අතරතුර සමට හුස්ම ගැනීම අත්යවශ්යයි. මේකප් සමග ව්යායාම කිරීමේදී සමේ ඇති සිදුරු අවහිර වීම නිසා සමට හුස්ම ගැනීමට නොහැකි වනවා. ඒ නිසා කුරුලෑ ඇතුළු විවිධ සමේ රෝග හට ගන්න පුළුවන්. ඒ නිසා මින් ඉදිරියට ව්යායාම කරනවිට මේකප් ඉවත් කරන්න වග බලා ගන්න.

● අත් වේලන පාවිච්චිය ඔබට අහිතකරයි

වර්තමානයේ බොහෝ පොදු ස්ථානවල විදුලි අත් වේලන තිබෙනවා. ස්පර්ෂයෙන් තොර නිසා මෙය ඉතා ම සෞඛ්යාරක්ශිත බව තමයි බොහෝ දෙනා සිතන්නේ. ඒත් විෂබීජ පැතිරීමට මෙය පහසු ම ක්රමයක් බව සොයාගෙන තිබෙනවා. අත් වියලන භාවිතය ට වඩා ටිෂූ එකක් භාවිතය වඩාත් සුදුසු බව තමයි විද්වත් මතය වන්නේ.

● එළවළු ගෙනෙන බෑගය එක් වරකට වඩා පාවිච්චි කරන්න එපා

ඔබ පොළට, සුපර් මාර්කට් එකට යන විට රැගෙන යන බෑගය එක් වරකට වඩා භාවිතා කිරීම සුදුසු නැහැ. ඔබ එක් වරකදි සියලුම ආහාර මේ බෑගයේ දමාගෙන එනවා. මස්, මාළු වෙන ම කවරවල දමා තිබුනත් ඒවායේ ඇති ජලය හරහා විෂබීජ පැතිරෙනවා. නැවත මේ බෑගය පිරිසිදු නොකර භාවිතා කළොත් අර විෂබීජ නැවත ඔබේ ආහාරවල ට පැතිරෙනවා. එනිසා මින්පසු ඔබේ එළවළු බෑගය සෑම වරකම පිරිසිදු කරන්නට ත් මාංස ආහාර සදහා වෙන ම බෑගයක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා.

● මස්, මාළු, එළවළු කපන්නේ එක ම ලෑල්ලේ ද?

එලවළු කපන ලෑල්ල නැත්නම් කටින් බෝර්ඩ් එක කියන්නේ විෂබීජ විශාල වශයෙන් පැතිරෙන එක් මාර්ගයක්. මාංස ආහාර කැපීමෙන් පසු කොපමන පිරිසිදු කළත් එහි විෂබීජ සම්පූර්ණයෙන් ඉවත් වන්නේ නැහැ. ඒ නිසා මාංස ආහාර කැපීමට වෙන ම ලෑල්ලකුත් එළවළු කැපීමට වෙන ම ලෑල්ලකුත් භාවිතය අනිවාර්යයයි. ඒ හරහා ඔබට පුළුවන් කිසිදු බියකින් තොරව ඉතා ම සෞඛ්යාරක්ෂිතව ඔබේ ආහාර සකස් කර ගන්න.

කාර්යාලයේ කෝපි මැෂිම ඔබ සිතන තරම් සෞඛ්යාරක්ෂිත නැහැ.
වර්තමානයේ බොහෝ සේවා ස්ථානවල විශේෂයෙන් ම පෞද්ගලික ආයතනවල කෝපි සකස් කිරීමේ යන්ත්ර තිබෙනවා. මේවායෙන් දිනකට විශාල කෝපි ප්රමාණයක් සැකසෙනවා. කෝපි පෙරීමට තිබෙන කරාමය වාතයට නිරාවරණයවී තිබීම නිසා එය සෞඛ්යාරක්ෂිත නැහැ. ඒ නිසා කෝපි සෑදීමට පෙර පෙරනය හොදින් පිරිසිදු කිරීම අත්යවශ්යයි.

● දුරකතනය තබා ගන්නේ පර්ස් එකේ ද?

ලේසියට අපි අපේ ජංගම දුරකතනය බෑගයේ හෝ පර්ස් එකේ තබා ගන්නවා. ඒත් මුදල් සහ අනෙකුත් දේවල් සමග දූරකතනය එකට තැබීමෙන් අප නැවත දුරකතනය භාවිත කිරීමේදී අප වෙත විශබීජ පැතිරීමේ ඉඩ වැඩි වනවා. ඒ නිසා දුරකතනය සදහා වෙනම බෑගයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.

● ආහාර ශීතහරණය සදහා කාමර උෂ්ණත්වයේ තියන්න එපා

ශීතකරණයේ තැබූ මස් මාළු ශීතහරණය සදහා (Defrosting) සාමාන්ය උෂ්ණතවයේ තැබීම ඉතාම පහසුයි. ඒත් මේකෙන් සාමාන්ය වාතයේ තියන විෂබීජ ආහාරවලට එකතු වෙනවා. ඒ නිසා මාංශ ආහාර ශීතහරණය සදහා ශීතකරණයේ පහළ කොටසේ තැබීම වඩා සුදුසුයි.

ඔබටත් මේ පුරුදු තිබෙනවා නම් ඒ දේවල් නිවැරදි කරගන්න අදම ක්රියාත්මක වෙන්න.

Tags

HK 4

Share Now

Related Article