ලග්නයෙන් කියැවෙන චරිත ස්වභාවයට අනුව ඔබට වඩාත්ම ගැලපෙන මල් වර්ග 12ක්

May 20, 2016

ලග්න සම්බන්ධ තොරතුරු දැන ගන්න හැම කෙනෙක්ව වාගේ කැමති බව අපි දන්නවා. මේ ලිපිය ඒ වගේ අය වෙනුවෙන්මයි. ඔබේ ලග්නයට අනුව කියැවෙන චරිත ලක්ෂණ වලට වඩාත්ම ගැලපෙන මල් වර්ගය කුමක්ද යන්න මෙයින් කියැවෙනු ඇති.

Continue Reading Below


මේෂ

මේෂ ලග්න හිමියන් යනු යමක් අවශ්‍ය වූ එය එසැණින්ම ලබා ගත යුතුයැයි සිතන නොඉවසිලිමත් කොටසක්. ඒ නිසා ඔවුන්ට වඩාත්ම ගැලපෙන්නේ ‘සීනියාස්’ මල්. මොකද සීනියාස් මල් ඉවසීමෙන් රැක බලාගතයුතු මල් ජාතියක් නොවන නිසා.


වෘෂභ

වෘෂභ ලග්න හිමියන් යනු සෙමින් වුවත් ලඟා කරගත හැකි එහෙත් ජීවිතයේ ස්ථිරසාර සතුටක් බලාපොරොත්තු වෙන අය. ඔවුන් හරිම ආකර්ෂණීයපුද්ගලයන්. ඒ වගේ අයට ගැලපෙන්නේ වයලට් මල්.


මිථුන

මිථුන ලග්න හිමියන් හරිම smart. ඔවුන් හැමවෙලේම බලන්නේ බුද්ධිමත් අයව ඇසුරු කරන්න. ඉතින් රෝස්මරි මල් ඔවුන්ට හොඳටම ගැලපෙනවා. ඒ වගේම හිතට සැනසුම ගෙන දෙන සුවඳ රැගත් ලැවැන්ඩර්, ලිලී වගේ මලුත් මිථුන ලග්න හිමියන්ට ගැලපෙනවා.


කටක

කටක ලග්න හිමියන් කැමති තමන් අවට සිටින අය ආරක්ෂිතව, සතුටෙන් හා සැනසුමෙන් සිටිනු දකින්නටයි. ඒ නිසා පිච්ච මල් ඔබට හොඳින්ම ගැලපෙනවා.


සිංහ

සිංහ ලග්න හිමියන් හරිම ක්‍රියාශීලී, ජවසම්පන්න අයි. ඔවුන්ට සූර්යකාන්තා මල් තමයි ගැලපෙන්නේ.


කන්‍යා

කන්‍යා ලග්න හිමියන් තම රැකියාව හා අනෙක් වෘත්තීය කටයුතු පිලිබඳ දැඩි අවධානයක් දක්වනවා. කාර්යබහුල ඔවුන්ට සුව නින්දක් ලබා දීමට උපකාරීවන Valerian මල් ඔවුන්ට ගැලපෙනවායැයි පවසන්නේ ඒ නිසායි.


තුලා

තුලා ලග්න හිමියන් ආදරය සොයන එමෙන්ම ආදරය නොමසුරුව බෙදා දෙන පුද්ගලයන් පිරිසක්. ඔවුන්ට ඩේසි හා රෝස මල් වඩාත් ගැලපෙනවා.


වෘශ්චික

වෘශ්චික ලග්න හිමියන් ඉතා ක්‍රියාශීලී සහ සෙල්ලක්කාර පුද්ගලයක් පිරිසක්. එම නිසා ජීවය ලබා දෙන ගර්භාෂයේ හැඩය ඇති Uva ursi මල් හොඳින්ම ගැලපෙනවා.


ධනු

ධනු ලග්න හිමියන් නිතර සංචාරය කිරීමට කැමති ඉතාම සතුටින් සිටින පිරිසක්. ඔවුන්ට magnolia මල් තමයි ගැලපෙන්නේ.


මකර

මකර ලග්න හිමියන් අභයෝග හමුවේ පසු බසින්න සූදානම් පිරිසක් නම් නෙවෙයි. ඔවුන්ට වඩාත්ම ගැලපෙන්නේ Laurel මල්. පුරාණ ග්‍රීසියේ ඔලිම්පික් පදක්කම් ලාභීන්ට මෙම මල් කළඹවල් ලබා දුන් බව කියනවා.


කුම්භ

කුම්භ ලග්න හිමියන් යහපත් දේ පිලිබඳ සිහින දැකීමට කැමති, අන් ඇය සමග සහයෝගයෙන් වැඩ කළ හැකි පුද්ගලයන් පිරිසක්. ඔවුන්ට ගැලපෙන්නේ starflower මලයි.


මීන

මීන ලග්න හිමියන් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු එමෙන්ම නිර්මාණශීලී පුද්ගලයනුයි. ඔවුන්ට නෙළුම් මල් ගලපෙනවායි පවසන්නේ ඒ නිසායි.

Tags

HK 2

Share Now

Related Article