කාර්යාලයට ලස්සනට අඳින්න ටිප්ස් 07

Apr 16, 2017

ඔබත් දිනපතා කාර්යාලයේ වැඩට යන කෙනෙක්ද? සඳුදට නම් ඔබ කැමති ඇති. සතියේ පලවෙනි දවස නිසා ලස්සනට ඇඳගෙන යනවා නේද?. ඒත් සිකුරාදා වෙද්දී ඇඳුම් එපා වෙනවද? අඳින්න එකක් නැද්ද? මේවා ඔබට විතරක් නෙවෙයි හැමෝටම තියන පොදු ප්‍රශ්න.

ෆැෂන් කරන්න හැමෝම කැමතියි වගේම තම හැමෝටම ඒක කරදරයක් වෙන අවස්ථාත් තියනවා. ෆැෂන් කරන එක කරදරයක් කරගන්නේ නැතුව සතියේ දවස් පහම ලේසියෙන් ලස්සනට අඳින්න පුළුවන් ඇඳුම් විලාසිතා ටිකක් ගැන තමයි අද කියන්න යන්නේ.

Continue Reading Below

මෙය ගොඩක් දෙනා අතර ප්‍රචලිත ඉතාම පහසු ක්‍රමයක්. ඔෆිස් වෙයාර් කියල හැමෝම ලේසියට අඳින්නේ මේවා තමයි. ඒත් හැමදාම මේ විදියටම ඇන්දොත් එක එපා වෙනවා. ඒ නිසා සතියට දවස් දෙකක් විතර මේ විධියට අඳින එක හොඳයි. ඒ වගේම තමයි මේ විධියට සාමාන්‍ය ලෙස අඳිනකොට බලන අයගේ අවධානය ඉක්මනින් යන විශේෂ අභරණයක් පලන්දින්නත් අමතක කරන්න එපා.මේ සඳහා ඔබට මාලයක්, කරාබු දෙකක්, ඔරලෝසුවක් වගේ දෙයක් පළඳින්න පුළුවන්. එයින් ඔබේ ඇඳුමට විශේෂ පෙනුමක් ලැබේ.


ඔබ එදිනෙදා අඳින ඇඳුනුත් ඔෆිස් එකට අඳින්න පුළුවන්. මේ ක්‍රමය බොහොම ලේසි වුණත් බොහොම කල්පනාකාරීව ගැලපෙන විධියට කරන්න ඕන. මේ ක්‍රමයට ඔබට ජීන් එකක් හෝ ලේගින් එකක් වුණත් ඔෆිස් එකට අඳින්න පුළුවන්. එහිදී ගැලපෙන බ්ලවුසයක් තෝර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේමයි ඔබ තෝර ගන්න ඇඳුම් වලට ගැලපෙන විදියට හෑන්ඩ් බෑගය, ඔබේ පාවහන් සහ අභරණ භාවිත කිරීමෙන් ඔෆිස් එකට ගැලපෙන පෙනුමක් ලබා ගන්න පුලුවන්.


නිවැරදි පිළිවෙලටම අඳින එක නෙවෙයි ෆැෂන් කියන්නේ. ටිකක් පිස්සු විධියට අඳින ඒකෙත් ලස්සනක් තියනවා. ඔෆිස් එකට වුණත් නීතියට අනුව ඒ පිළිවෙලටම අඳිනවට වඩා දවසක් දෙකක් ටිකක් වෙනස් සැහැල්ලු විදියට ඇන්දොත් දකින අයට හැමදාම ඔබව එකම විදියට පේන එකක් නැහැ. මේ වගේ වෙනස් විධියට අඳින වෙලාවට අඩි උස පාවහන් තමයි ගොඩක්ම ගැලපෙන්නේ.


මේ විලාසිතාව ගැලපෙන්නේ උසස් තලයේ ඉන්න බලවත් කාන්තාවන්ට. තරමක් තද පැහැති තොල් ආලේපන, රත්රන් පාට ලොකු මාල, සිල්ක් බ්ලවුසයක්, මිල අධික සුවඳ විලවුන්, මිල අධික බෑගයක් ආදි මේ දේවල්වලින් ඔබට අනෙක් අයගේ ඇස් ඔබ වෙතම රඳවා ගන්න පුළුවන්.


මේ විලසිතාත් හරිම පහසුයි. ඒත් මේකට හොඳ දැනුමක් වගේම පුහුණුවක් තියෙන්න ඕන. අළුත් අළුත් දේවල් අත්හදා බැලීමෙන් ඔබට කාර්යාලයට ලස්සනට යන්නත් ඇඳුම් එක්ක විනෝද වෙන්නත් පුළුවන්.


කාන්තා බව රැකෙන සරල වගේම ටිකක් හුරුබුහුටි පෙනුමක් එන විලාසිතා වලට ඔබ කැමතිද? එහෙනම් මේ විලාසිතාව ඔබට ගැලපෙනවා. ඔබ හිතනවා නම් ඔෆිස් එකට මේ විදියට අඳින එක හොඳ නැහැ කියල. ඒ ගැන හොඳට හිතල බලන්න ආයෙමත්. මේ විදියට ඇඳුම් අඳිද්දී ඔබට දණහිස ලඟට දිග සායක් හෝ ගවුමක් ඕනෑම පාටකින් තෝර ගන්න පුළුවන්. ඔබ මුද්‍රිත ඒවට කැමති නම් මුද්‍රිත එකක් වුණත් කමක් නැහැ. ඉන ලඟට සාය ඇඳීම තමයි වඩාත් ගැලපෙන්නේ. ඒ වගේම සපත්තු තෝරන විට තරමක් උස පාවහන් තෝර ගැනීම වැදගත්.


මේ විලාසිතාව ගොඩක් ගැලපෙන්නේ තරමක් නිදහස් පරිසරයක වැඩ කරන කෙනෙකුට. ඒ වගේම නිර්මාණාත්මක පැත්තට බර රැකියා වල නිරත වන අයට මේ විලාසිතාව ගැලපෙනවා. ටී ෂර්ට්, සපත්තු, නිය අලංකරණ වමෝස්‌තර, බූට් ආදිය මේ විලාසිතාවට ගැලපෙනවා.

Tags

HK 7

Share Now

Related Article