ක්ෂණිකව ඔබේ මුහුණ ලස්සන කරන ට්‍රික්ස් 6 ක්

Dec 22, 2017

රැකියාවක් කරන අතරේ ජීවත් වෙන අපේ ජීවිත කාර්ය බහුලයි. ඒ නිසා රුපය ගැන සැලකිලිමත් වෙන එක අපි නොදැනීම අඩු කරනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. හැබැයි සැලුන් යන්න වෙලාවක් නැතිව ඉද්දි හදිස්සියේ උත්සවයක් එහෙම ආවොත් මොකද කරන්නේ ? ඔහේ යන එක එතරම්ම සුදුසු නැහැ. ඒ නිසා කාර්යබහුල ජීවිත ගෙවන ඔබට හදිස්සියේ උත්සවයකට යන්න ඕනේ උනාම සැලුන් නොයා ශේප් වෙන්න ක්‍රම කීපයක් කියල දෙන්නයි Goodhousekeeping.lk අපේ සූදානම. හැබැයි අපි ඔබට කියනවා නිතරම ගුණවත් ආහාර අරගන්න. ව්‍යායාම වල යෙදෙන්න. ඒ වගේම ඔබේ ලස්සන රැකදෙන සත්කාර සැලුන් එකකට ගිහින් මාසෙකට සැරයක්වත් කර ගන්න.

Continue Reading Below

1. සහල් වතුරින් සුමුදු දීප්තිමත් සමක්

සහල් වතුරින් ඔබේ සමට කරන වාසි ගොඩක් තිබෙනවා. නමුත් ඒ අතරින් ක්ෂණිකවම සැමට දෙන ප්‍රතිලාභයක් තමයි සමේ සෛල දැඩි බවට පත් කිරීම. ඇරුන රෝම කූප වසා දමා සමට ඉතාම හොඳ පෙනුමක් ඉක්මනින් ලබා දෙන්න සහල් වතුරට පුළුවන්.

සහල් කෝප්ප බාගයක් වතුර කෝප්ප දෙකක් එක්ක පෙගෙන්න දමන්න. ඉන් පස්සේ පැය භාගෙකින් විතර ඒ වතුර පෙරලා අරගෙන පුළුන් කැබැල්ලකින් හොඳින් සමේ ආලේප කරන්න. ඒ ජලය වේලෙන්න තියල බලන්න ඔබේ සම සුමුදු දීප්තිමත් බවක් ලබා ගන්නවා.


2. දෙනෙත් යට ඉදිමුන ස්වභාවය අඩු කරන්න පරණ තේ බෑග්

ඔබේ දෙනෙත් යට ඉදිමුන ස්වභාවයක් ඇති වෙලා නම් හොඳම දේ තමා පාවිච්චි කළ තේ බෑග් දෙකක් ඇස මත තබාගෙන සිටීම. කළු තේ වගේම ග්‍රීන් ටී වලත් සමට ගුණදායක ප්‍රති ඔක්සිකාරක නැත්නම් anti- oxidants අඩංගුයි. එයින් සමේ දාහය නැති කරනවා.

ඔබ කළ යුත්තේ තේ බෑග් ඉවත දමන්නේ නැතුව කෙලින්ම ශීතකරණයට දාල තියල ගමන යන්න පෙර විනාඩි 5 ක් පමණ ඔබේ දෙනෙත් යට තබාගෙන සිටීමයි.


3. කෙහෙල් ලෙලි මැරුණ සම ඉවත් කරලා සමේ තෙතමනය රැක දෙනවා

ඉදුණ කෙසෙල් ලෙලි වල මැග්නීසියම් සහ විටමින් C බහුලයි. මැරුණ සම පහසුවෙන් ඉවත් කර සමට පැහැපත් බවක් එක් කර ගන්න කරන්න ඕනේ බොහොම පොඩි දෙයයි. ඉදුණ කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත මුහුණේ සමේ හොඳින් අලේප කරන්න. පොත්ත දුඹුරු පාට වෙද්දී ඇති. විනාඩි 5 ක් විතර තියල මද උණුසුම් වතුරෙන් මුහුණ හොඳින් සෝදන්න. සම පැහැපත් වෙලා තිබේවි.


4. නිදිමත ගතිය මගහැරෙන්න ඇස් පිය කර්ල් ( Curl) කරන්න

ඔබේ දෙනෙත නිදිමත පාට වෙලා නම් ඉක්මනින් ඒ පෙනුම නැති කර ගන්න ඔබේ Eye Lash Curler එක පාවිච්චි කරලා පුලුවන්. ඇහි පිය උඩට ඉස්සුනහම නිදිබර පෙනුම නැති වෙලා ප්‍රබෝධමත් බවක් ඇති වෙනවා.


5. කොන්ඩේ සුදු වුන තැන් මස්කාරා එකෙන් වහමු

හදිස්සියේ සැලුන් එකට ගිහින් කොන්ඩේ තැන තැන සුදු වුන එක පාට කර ගන්න වෙලාවක් නැද්ද? එහෙනම් කළ යුත්තේ මස්කාරා එකෙන් අලේප කිරීමයි. ඉක්මනින්ම සුදු කෙස් නොපෙනී යනවා. හැබැයි මේක එක දවසෙන් ඉවරයි.


6. ස්ට්‍රෝබෙරි වලින් දත් සුදු කර ගන්න

ඔබේ දත් අව පැහැ වෙලා නම් හොඳම විසඳුම තමා ෆ්‍රිජ් එකේ තිබෙන ස්රෝබෙරි ගෙඩි කීපයක් ගැනීම. ස්ට්‍රෝබෙරි වල තිබෙන Malic Acid නිසා දත් වල කහ පැහැති පැල්ලම් ඉවත් වෙනවා.

ස්ටෝබෙරි ගෙඩියක් පොඩි කරලා දත් වල අලේප කරන්නත් පුළුවන්. නැත්නම් බේකින් සෝඩා ටිකක් එක්ක ඒ යුෂ මික්ස් කරලා ටූත් පේස්ට් එකක් හදා ගන්නත් පුළුවන්. මේ ටූත් පේස්ට් එකෙන් නම් වඩාත් හොඳින් දත් සුදු වෙනවා.

Tags

Share Now

Related Article