ලස්සන වෙන්න ගෙදරම තියන දේවල් 5 ක් ගැන දැනගමු

Jun 2, 2020

අපි හැමොම කැමතියි ලස්සනට ඉන්න. සාමාන්‍යයෙන් අපි මාසෙට කොච්චර විතර මුදලක් ලස්සන වෙන්න වියදම් කරන්වද? අපෙ කුස්සියෙ තියන දෙවල් වලින්ම අපි මේ වියදම් කරලා කරන රුව වඩවන සත්කාර කරගන්න පුළුවන්. අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා දැනුමත් වෙමු.

Continue Reading Below

පොල් තෙල් වලින් Make up ඉවත් කරමු

පොල් තෙල් වලින් කරන්න බැරි දෙයක් නැති තරම්. පොල් තේල් මුහුනෙ තියන මේක් අප් අයින් කරන්න පාවිච්චි කරන්න පුලුවන්. පුන්චි පුලුන් කෑල්ලකට පොල් තෙල් ටිකක් දාලා සාමන්යය මෙකප් රිමූවර් එකක් පාවිච්චි කරන විදියටම පවිච්චි කරන්න පුලුවන්.

තොල් පැලෙනවානම් තොල් දෙකේ පොල් තෙල් පොඩ්ඩක් ගාන්න, තොල් පැලීම අඩුවෙයි. සතියකට සැරයක් කොන්ඩෙට හොද පොල්තෙල් සාත්තුවක් දෙන්න. ඉක්මනින් කොන්ඩෙ වවා ගන්න, කොන්ඩෙ ගැලවෙන එක අඩු වෙන්න උදව් වෙයි.

සම පැහැපත් කරගන්න දෙහි කදිමයි

දෙහි ඉතාම හොද විශබීජ නාශකයක්. සතියකට සැරයක් මද රස්නෙ වතුර බේසමකට දෙහි බින්දු කීපයක් දාලා කකුල් දෙක පෙගෙන්න තියන්න. කකුල් වල සහ නියපොතු වල රැඳුනු කුනු ඉවත් වෙලා පැහැපත් බවක් ලැබෙයි. ඔබෙ අත් යට හා මුහුනේ කලු පැල්ලම් තියනවානම් දෙහි ලෙල්ලක් අරගෙන එම ස්තාන වල අතුල්ලන්න. සමට කිසිම හානියක් නැතුවම පැහැපත් බවක් ලැබෙනවා.

පැහැපත් සුමුදු සමකට කහ

කහ කියන්නෙත් ඉතාම හොද ඖශධයක්. මිකිරි හෝ මී පැනි වලට කහ ටිකක් දාලා ආලේප කිරීමෙන් සිනිදු හා පැහැපත් සමක් ලබා ගන්න පුලුවන්.

මුහුණේ සම මත ඇති සිදුරු වැසීමට අයිස් කැට

නිකන්ම තියන අයිස් කැට රූපලාවන්යය වෙනුවෙන් යොදාගන්න පුළුවන් කියල ඔබ මොහොතකට වත් හිතුවද? උදේට මුහුණ හෝදලා අයිස් කැටයක් අරන් මූනෙ පිරිමදින්න. මූනෙ තියන වලවල් වලට හොදම විසදුමක්. ඒ වගේම make up දාන්න කලින් ප්රයිමර් එකක් විදියටත් මේක පාවිච්චි කරන්න පුලුවන්.

Black Heads ගෙදරදීම අයින් කරන්න බිත්තර සුදු මද

බිත්තර සුදු මද ඔබේ කොන්ඩයට වගේම මුහුණටත් පාවිච්චි කරන්න පුලුවන්. ඔයාගෙ නහයෙ කුඩා කලු ලප තියනවා නම් බිත්තර සුදු මද ටිකක් නහයෙ ආලේප කරලා ඊට උඩින් පොඩි ටිශූ කෑල්ලක් තියන්න. විනාඩි 20කට විතර පස්සෙ ඒක ගලවලා ඉවත් කරන්න. සමේ තියන කළු ලප සහ වෙනත් බාහිර දේවල් ඉවත් වේවි.

ඒ වගේම මසකට දවසක් සූරගත් කෝමාරිකා මදය සමග බිත්තර සුදු මද මිශ්ර කර ඔබේ හිසේ ගල්වන්න. සිනිදු හිසකෙස් ලබාදී හිසකෙස් වලට හොඳ පෝෂකයක් ලෙස ක්රියා කරනවා. හැබැයි හොදින් ශැම්පූ කර සෝදන්න අමතක කරන්නත් එපා.

වියදමත් අඩු මේ පහසුවෙන්ම හොයා ගන්නත් පුලුවන් මේ බියුටි ටිප්ස් අපි කරලා බලමු නෙද?

භාග්යා හල්ගොල්ල

භාග්යා හල්ගොල්ල මහත්මිය ඕමාන් දේශයේ අලෙවි ප්රවර්ධන අංශයේ රැකියාවක නිරත වන අතර ඇගේ විනෝදාංශය ලෙස කාන්තාවන් සඳහා විශේෂ ලිපි ලිවීම සිදු කරයි. ඇයට ස්තුතිය පල කරමු.

Tags

HK 7

Share Now

Related Article