ඔබේ මගුල් පෝරුව වෙනස්ම විදිහට හදන්න අදහස් 5 ක්

Jun 27, 2017

ඕනෙම විවාහ මංගල උත්සවයක ඉස්සෙල්ලම මතකයට එන දේ තමයි විවාහ සැරසිලි කියන්නේ. මනාල ඔබ දෙපල පැමිණීමටත් පෙරම අමුත්තෝ මංගල්ලය ගැන අදහසක් ඇති කර ගන්නේ විවාහයේ සැරසිලි බලලා. ඒ සැරසිලි අතරිනුත් ලංකාවේ අපේ සිත යන සැරසිල්ල තමයි පෝරුව ඉදිකිරීම කියන්නේ. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පෝරුව ඉදි කරන්නේ ශාලාවක.

Continue Reading Below

නමුත් හැමදේම වෙනස් විදිහට කරන්න උත්සහ දරන Goodhousekeeping.lk කියවන ඔබේ වැදගත් දවස ඔබට වගේම අමුත්තන්ටත් අමතක නොවෙන දිනයක් බවට පත් කරන්න අලුත් අදහස් කීපයක් ඔබට දෙන්න අපි තීරණය කළා. මේ ආකාරයට සැරසිලි කරහම වියදම අඩු කර ගන්නත් පුළුවන් ඒ වගේම සුන්දරත්වයෙන් අඩුවකුත් නැහැ. එකම දේ පින්තූරය අරගෙන ගිහින් පෝරුව හදන පුද්ගලයට ඔබේ අදහස පැහැදිලි කරන්න . එවිට ඔහු අනිවාර්යයෙන්ම මේ පින්තූර අරගෙන තිබෙන්නේ පිට රටවල Wedding Altar කිහිපයකයි. අපේ රටේ පෝරුව මේ ආකාරයෙන්ම ඉදිකර ගන්න පුළුවන්.

හැමෝම කරන විදිහට කරන්න ගිහින් ලොකු ගානක් වැය කරනවට වඩා කොච්චර හොඳද ටිකක් සම්ප්‍රධායට පිටින් හිතලා ඔබේ උත්සවය සංවිධානය කර ගත්තා නම්.


1) මුහුදු වෙරළක විවාහ උත්සවය ගනිද්දී සරල පෝරුවක්

මේ පින්තූරය කැරිබියන් මුහුදු වෙරළේ ගත් උත්සවයක චායා රූපයක්. අපේ රටෙත් අලංකාර මුහුදු වෙරළවල් ඕනේ තරම් ඇති නිසා පහසුවෙන්ම තැනක් සොයා ගන්න පුළුවන්. බලන්න සුදු රෙද්දෙන් පෝරුවක් ඉදි කලොත් පරිසරෙත් එක්ක කොතරම් නම් ගැලපෙනවද?


2) බිම තණකොළ සහිත උද්‍යානයක විවාහ උත්සවය

කොළ පැහැය කියන්නේ ඕනෙම සුන්දර මතකයකට තෝ තැන්නක් වෙන වර්ණයක්. විවාහයකට සුදුසු නැත්තේ ඇයි? කොළ පැහැය සමග බද්ධ කරලා ඉතාම සරලව මෙම අල්තාරය ඉදි වී තිබෙනවා. අපිටත් මේ ආකාරය අත්හදා බලන්න බැරිද?


3) අහස් නිල සමග බද්ධ වුන පිවිතුරු සුදු පැහැය

මෙක්සිකානු මුහුදු වෙරළක තනා ඇති මෙම අල්තාරය පෝරුවක් ඉදි කරන්න කදිම අදහසක්. මනාලියගේ වෙල් එකේ පාටින් බැඳ ඇති බෝ අමුතුම පිවිතුරු හැගීමක් ගෙන එනවා.


4) සුරංගනා මල් ආරුක්කුව

ශාලාවකට වගේම එලිමහනටත් අපූරුයි. මලින් කළ ආරුක්කුවක් වගේ කර තිබෙනවා. එය ලස්සනයි. අපූර්වයි. උණ බම්බු සහ රෝස. පෙටුනියා , ලිලීස් වගේ මල් වලින් ඉදි උනත් අපිට පුළුවන් අපේ රටේ අඩුවට මිලට ගන්න පුළුවන් අලංකාර ඕලු, නෙලුම් , මානෙල්, කුමුදු , ඒරන් ලිලී වගේ නෙත්කළු මල් වර්ග යොදා සකස් කර ගන්නට.


05) මල් වැල් වලින් තිර රෙද්දක්

පෝරුව හැදීම සදහා අප රටේ පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් පිච්ච වගේ සුවඳවත් මල් වර්ගයක මල් වැල් යොදා ගන්න පුලුවන්. එය නැවුම්. ඒ වගේම හොඳ ස්වභාවික සුවඳක් හමා හැමෝටම අමතක නොවෙන ආනන්දයක් ගෙන දේවි.

Tags

HK 6

Share Now

Related Article