ලොව මිල අධිකම මල් වර්ග 5ක්

Jun 6, 2016

අලංකාර මල් සඳහා ලොව පුරාම ඉතා ඉහල ඉල්ලුමක් තිබෙන බව මෙය කියවන ඔබ දන්නවා. ඒ අතරින් ඇතැම් මල් මිලෙන් ඉතාම අධිකයි. මල්වල රුව, පිපීමට ගත වන කාලය, නව ප්‍රභේදයක් වීම ආදී සාධක මත එම මිල තීරණය වනවා. පහත දැක්වෙන්නේ දැනට මිල ගණන් අතින් ඉහලම තලයක තිබෙන මල් වර්ග 5යි

Continue Reading Below

කඩුපුල් මල්

කඩුපුල් මල් ගැන ලංකාවේ අපි හොඳින් දන්නවා. මේවා ඉතාම දුර්ලභ මල් වනවා පමණක් නොවෙයි මේවා කිසිම තැනකින් මිලට ගැනීමට හැකියාවක්ද නැහැ. එසේ වන්නේ මධ්‍යම රාත්රිය් පිපෙන මල පැය කිහියක් ගතවූ පසු හිරු උදාවත් සමඟම පෙති හැකිලී යන නිසායි. ඒ නිසා කපා කිසිම තැනකට මේ මල් ප්‍රවාහනය කිරීමට නොහැකියි.


ජුලියට් රෝස<

ජුලියට් ලෙසින් නම් කර ඇති එමම රෝස වර්ගය මුල් වරට ලොවට හඳුන්වාදුන්නේ 2006 වසරේදී පැවැත්වුණ චෙල්සියා මල් සැණකෙළියෙහිදීයි. මෙම මලේ ඇති සුන්දරත්වය නිසාම මෙයට හිමිවන්නේ ඉතා ඉහල වටිනාකමක්. මලේ නිර්මාතෘ ඩේවිඩ් ඔස්ටින්ට මෙය නිර්මාණය කිරීමට වසර 15ක් පර්යේෂණ කරන්නට සිදු වී තිබෙනවා. මෙහි වටිනාකම යුරෝ මිලියන 3ක් එනම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15.8ක් ලෙස සැලකෙනවා.


Shenzhen Nongke ඔර්කිඩ්

මෙම මල නිර්මාණය කිරීමට Shenzhen Nongke පර්යේෂක කණ්ඩායමට වසර 8ක පමණ කාලයක් ගත වී තිබෙනවා. මෙය දුර්ලභ මෙන්ම ඉතාම පියකරු මල් වර්ගයක්. මලක් පිපෙන්නට වසර 4-5 දක්වා කාලයක් ගත වනවා. මෙහි මිල ඇමරිකන් ඩොලර් 200,000ක් පමණ වනවා. එය යුවාන් වලින් නම් මිලියන 1.68ක පමණ අගයක්.


The Gold of Kinabalu ඔර්කිඩ්

දුර්ලභ මර වර්ගයක් වන මෙය දැකගත හැකිවන්නේ මැලේසියාවේ කින්බාලු ජාතික උද්‍යානයේදී පමණයි. මල පිපීම ආරම්භ වන්නේ අප්‍රේල්, මැයි මාසවලදී පමණක් වන අතර පිපී අවසන් වීමට වසර කිහිපයක් ගත වනවා. මිල සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 6000ක් පමණ වනවා.


සැෆ්රොන් ක්‍රෝකස්

සැෆ්රන් කුළු බඩුවක් ලෙසද යොදා ගැනුනත් මෙහි මලටද ඉතාම ඉහල ඉල්ලුමක් ලොව පුරා දක්නට ලැබෙනවා. සැෆ්රන් කුඩු ග්‍රෑම් 500ක් ලබා ගැනීමට මල් 80,000ක් පමණ අවශ්‍ය වනවා. මිල ඇමරිකන් ඩොලර් 1200 -1500 අතර වනවා.

Tags

HK 2

Share Now

Related Article