කුඩා ඉඩමක් අලංකාර ගෙවත්තක් බවට පත් කරගන්නා ආකාර 10ක්

May 30, 2016

ඉස්සර වගේ නෙවෙයි දැන් නිවාස තැනෙන්නේ ඉතා කුඩා ඉඩම් කැබලි වල. ඉතින් ඒ නිසා ගෙවත්තක් සකසාගෙන නඩත්තු කරන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් දෙනාට ප්‍රශ්නයක් තියෙනවා. එහෙත් ඒක ඒ හැටිම අමාරු දෙයක් නෙවෙයි.

එයට අවශ්‍යවන්නේ ඔබේ නිර්මානශීලීත්වය පමණයි. මේ ලිපිය ඒ සඳහා ඔබට උපකාරී වේවි. මල් පමණක් නොව එළවලු ද වවාගැනීමෙන් ඔබේ ජීවන වියදම යම් තරමකින් හෝ අවම කරවීමට මේ ක්‍රමවලට හැකිවේවි.

Continue Reading Below

කුඩා මේසයක් මත කුඩා ප්‍රමාණයේ පෝච්චි කිහිපයක් තැබීම

විවිධ පැහැයෙන් යුත් පත්‍ර ඇති පැළ මෙන්ම ඔසු පැළද මේ ආකාරයෙන් අඩු ඉඩක් තුල වවාගත හැකියි.


කුරුල්ලන්ට බීමට වතුර දමන බඳුනක පැළෑටි සිටවීම

මෙම ආකාරයේ බඳුනක තෙතමනය වැඩි වෙලාවක් රඳවා තබා ගැනීමට පස මතුපිට ගල් කැට ඇතිරිය හැකිය.


බිත්ති දිගේ ඉහලට නගින මල් වැල්

මෙයට හොඳම උදාහරණය වන්නේ බෝගන්විලා ශාකයයි. පාට කිහිපයකින් යුත් බෝගන්විලා හෝ වෙනත් ඒ ආකාරයේ ශාකයන් ඔබේ නිවසට මහත් අලංකාරයක් එක්කරාවි.


Pocket Plant

මෙයට ගෝනි යොදාගත හැකියි.


පැලැල්ලක තැබූ මල් පෝච්චි.

මල් පෝච්චි අතර ප්‍රමාණවත් පරතරයක් තබන්නට වග බලා ගන්න. එය මල් පැළවල වැඩීමට පහසුවක් වනු ඇති.


ඉවත දමන බේසම්වල පැළ සිටවීම

නිකන්ම අහක දමනවාට වඩා බේසම් ආදී ප්ලාස්ටික් බඳුන්වල පැල සිටවීම පරිසරයටත් හිතකරයි.


ඉවත දමන ලද පුටුවක් සකසා මල් සිටවීම.

පුටුවේ ඉඳගන්නා කොටස ඉවත් කර එයට ගෝනියක් හෝ කන්වසයක් දමා මෙය සකස් කර ගත හැකියි.


එල්ලීමට හැකි මල් පෝච්චි

මේ පෝච්චි ලස්සනට පාට කිරීමෙන් අලංකාරය තවත් වැඩි කර ගත හැකියි.


ඉවත දමන ලද ටයර් තුල මල් සිටවීම


ඉවත දමන සැමන් ටින් පිළිවෙලකට සකසා මල් සිටවීම

Tags

HK 2

Share Now

Related Article