විදුලි බිල මට්ටු කරන්න tips 5 ක්

Sep 30, 2016

දේශගුණික වෙනස්කම් සහ වැඩිවෙන අවශ්‍යතා නිසා අපේ ගෙවල් වල විදුලි බිල කියන්නේ ලොකු හිසරදයක් වෙලා. එන්න එන්නම වැඩි වෙනවා කියල රජයට දොස් කියමින් ඉන්නවට වැඩිය හොඳයි නේද අදම පොඩි වෙනස්කම් කීපයක් කරලා ඔබේ ගෙදර වගේම කාර්යාලයේත් විදුලි බිල අඩු කරගත්තොත්? ඔබේ සාක්කුවට වගේම පරිසරයටත් විශාල සහනයක් ලැබේවි.

Continue Reading Below

1. A/C එක නිතරම ක්‍රියාත්මක නොකරමු.

ලංකාව වගේ ඝර්මකලාපීය රටක උණුසුම එන්න එන්නම වැඩි වෙනවා. දැන් ගොඩක් නිවාස සහ කාර්යාල වල වායු සමන යන්ත්‍ර සවි කරලයි තියෙන්නේ. මේකට පුංචි උපක්‍රමයක් යොදන්න පුළුවන්. උදේම වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කරලා පරිසරය සිසිල් උනහම, A/C එක ඕෆ් කරලා ෆෑන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එමගින් දවසම සිසිල්ව සිටින අතරේ විශාල විදුලි පිරිමැසීමක් කරන්න පුලුවන්. ඒ වගේම ජලය මගින් ක්‍රියා කරන කූලර් කියන්නේ ඉතාම හොඳ විදුලිය අඩුවෙන්ම භාවිත වෙන නිවසකට ගැලපෙන සිසිල් කරන උපකරණයක්.


2. සතියකට එක වරක් රෙදි සෝදමු

දිනපතාම රෙදි හෝදන මැෂිම භාවිත කරනවට වඩා හොඳයි රෙදි බාස්කට් එකක දමල එකතු කරන එක. එමගින් සතියකට වරක් හෝ දෙවරක් වශයෙන් ඔක්කොම එකවර හෝදගන්න පුළුවන්. විශාල විදුලිය පිරිමැසීමක් එමගින් සිදු වෙනවා.


3. හැමතැනම ලයිට් දමන්න එපා.

The girs use the switch
සමහර ගෙවල් වල ගෘහණියෝ රාත්‍රියට ගේ පුරාම සහ එළියේ අනවශ්‍ය ලෙස විදුලි බල්බ දල්වනවා. එමගින් ඔබේ නිවසේ සුන්දරත්වය කැපී පෙනේවි. නමුත් විශාලම විදුලි හානියක් සිදුවෙන තැනක් තමයි අනවශ්‍ය විදුලි බල්බ කියන්නේ. දරුවන්ටත් කුඩා කල සිටම පුරුදු කල යුතුයි තමන්ගේ කටයුත්ත ඉවර උනාම අදාළ බල්බය නිමා දමන්න. රාත්‍රියට ඔබ රුපවාහිනිය නරඹමින් සිටිනවා නම් කුස්සියේ , කාමරවල විදුලිබල්බ දැල්වීම අවශ්‍ය නැහැ නේද? හොඳින් හිතල බලල මෙවැනි ස්ථාන වල බල්බ නිවා දැම්මොත් ඔබේ විදුලි බිල ගොඩක් අඩු වේවි.


4. චාජර් ඕෆ් කරමු.

how-to-manage-apartment-electricity-efficiently
ගොඩක් නිවාස , කාර්යාල වල දුරකථන වගේම වෙනත් උපකරණ වල බැටරිත් චාජ් කරනවා. ඉවර උනාම චාජරය ගලවා තබන්න බොහෝ අයට මතකයක් නැහැ. ඉතින් චාජරය එහෙම්මම විදුලියට සම්බන්ධ වේලා විදුලිය දහනය කරවනවා.මෙවුවා සුළුවෙන් සැලකුවත් ටික ටික එකතු වෙලා ඔබට ලොකු විදුලි බිලක් ගෙනේවි.


5. කාර්යක්ෂම විදුලි බඩු වලට මාරු වෙමු.

shutterstock-207269731-985ba49bf75047000
දැන් තාක්ෂණය දියුණු නිසා අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන ශීතකරණ, විදුලි පංකා, රෙදි හෝදන මැෂින්, අවන් ආදිය වෙළඳ පොලට ඇවිත්. මෙම භාණ්ඩ භාවිතයට ගැනීම ඔබට විශාල වාසියක් ගෙන දේවි.

Tags

HK 5

Share Now

Related Article