සිහින පිළිබඳ මේ අපූරු තොරතුරු ඔබ දන්නවද?

Sep 16, 2020

මිනිසුන්ගේ ජීවත කාලයෙන් තුනෙන් එකක් පමණ නින්දට වැය වන බව තමයි සොයාගෙන තිබෙන්නේ. සමස්තයක් ලෙස ගත් විට එය විශාල කාලයක් බව ඔබට වැටහෙනවා ඇති. නින්ද අතරතුර අපි දකින සිහින පිළිබඳ අතීතයේ සිට ම විවිධ මත පළ වනවා. එහෙත් සිහින මිනිසාගෙ මොළය හා සම්බන්ධ බැවින් මේ පිළිබඳ පර්යේෂණ කිරීම තරමක් අසීරු වුණා. නමුත් වර්තමානයේ දියුණු තාක්ෂණයත් සමඟ විද්යාඥයින් සහ මනෝවිද්යාඥයින් මේ පිළිබඳ පර්යේෂණ පවත්වනවා. මේ ලිපියෙන් සිහින පිළිබඳ ඔබ නොදන්නා තතු රාශියක් හෙළි වනවා.

Continue Reading Below

ඇයි අපිට සිහින පේන්නේ?

අපි නින්දට ගිය විට අපිට විවිධ සිහින පෙනෙනවා. නින්දේදී පෙනෙන මෙම සිහින අපි අවදි වූ විට කිසිදු තේරුමක් නැති විකාර සිහින ලෙස ඔබට හිතෙන්න පුළුවන්. ඔබ දන්නවාද? අප නින්දට ගිය විට අපේ මොළය ක්රියාකාරී වනවා. මොළය විසින් අපගේ මතකය, දීර්ඝ කාලීන සහ කෙටි කාලීන මතකය ලෙස වර්ග කරනවා. මෙහිදී මොළය විසින් එක් එක් සිදුවීම් සන්සන්දනය කිරීමකට ලක් කරනවා. එවන් අවස්ථවලදී තමයි අපේ අතීත සිදුවීම් වර්තමාන සිදුවීම් හා එක් වී අපට සිහින වශයෙන් දිස්වන්නේ.

මේ සියල්ල සිදු වන්නේ වේගවත් අක්ෂි චලන නින්දේදීයි (Rapid Eye Movement Sleep).මෙය මිනිත්තු 10-20 ත් අතර කාලයක් සිදුවන අතර නින්දේදී කිහිප වාරයක් ම මෙය සිදු විය හැකියි. මෙම කාලයේදී මොළයේ තාර්කික කටයුතු සිදු කරන කොටස හැරුණු විට අනෙක් සියලුම කොටස් ක්රියාකාරී වන බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා. එමෙන් ම තර්කනය සහ අවධානය සඳහා ක්රියාකරන ස්නායු සම්ප්රේෂක වන සෙරොටොනින් සහ නොර්පිනෙප්රින් සාන්ද්රණය නින්දේදී අඩු වනවා. එනිසා නින්දේදී අපි දකින සිහින සත්යය ලෙස ම අපිට දැනෙන අතර අවදි වූ පසු ඒවා සිහින බව අපට වැටහේ.

බියකරු සිහින වලට හේතුව දන්නවාද?

ඔබටත් බියකරු සිහින පෙනෙනවාද? හොල්මන්, භයානක සත්තු ඔබ පසුපස එන සිහින, නැතිනම් ගින්දර, මරණ වැනි බියකරු සිහින පෙනෙනවාද? ඇමෙරිකානු සහ ස්විස් ජාතික ව්ද්යාඥයින් පිරිසක් මේ බියකරු සිහින පිළිබඳ පර්යේෂණ පවත්වා තිබෙනවා. මෙම බියකරු සිහින පෙනීම අපගේ ස්නායු පද්ධතිය විසින් අපගේ සෘණාත්මක හැඟීම් පාලනය කිරීමට සිදු කරන එක්තරා ආකාරයක පුහුණුවක් බව ඔවුන් පවසනවා. තවද සිහින හරහා අපට දැනෙන චිත්තවේග මගින් සැබෑ ජීවිතයේදී අපගේ චිත්තවේග පාලනය කර ගැනීම පහසු කර ඉදිරියේදී ඇති වන අභියෝග සඳහා පුද්ගලයා සූදානම් කරන බව ඔවුන් පවසා සිටිනවා.

පර්යේෂ්කයන් විසින් බියකරු සිහින පෙනීම සඳහා හේතුවන මොළයේ කොටස් දෙකක් හඳුනාගෙන තිබෙනවා. ඒ ඉන්සියුලාව (Insula) සහ මැද බාහිකය (Cortex)යි. එමෙන්ම සැබෑ ජීවිතයේදීද පුද්ගලයකු බියට හෝ කනස්සල්ලට පත්වන අවස්ථාවලදී ද මෙම කොටස් ද්විත්වය ක්රියාකාරී වනවා. ඉන්සියුලාව මගින් පුද්ගලයාගේ හැඟීම් පාලනය කරන අතර යමෙක් කනස්සල්ලට පත් වූ වහාම මෙය ක්රියාත්මක වේ. මැද බාහිකය (Cortex) මගින් තර්ජනයකදී, හදිසි අනතුරකදී සාර්ථකව ප්රතිචාර දැක්වීමට පුද්ගලයා සූදානම් කරවයි. ඒ අනුව නිතර බියකරු සිහින දකින පුද්ගලයන් සැබෑ ජීවිතයේදී සාර්තකව අභියෝගවලට මුහුණ දෙන බව විද්යාඥයින් පෙන්වා දෙනවා.

මේ අනුව අපගේ යටි සිත නින්දේදි අප සමග සන්නිවේදනය කරමින් අපගේ ගැටළු විසඳීමට ක්රියා කරන බව පැහැදිලි ය. නිදසුනක් ලෙස සිහිනෙන් කිසිවකු ඔබව ලුහුබඳිනවා දුටුවහොත් එයින් අදහස් වන්නේ සැබෑ ජීවිතයේදී ඔබට නොවිසඳුනු ප්රශ්න ඇති බවයි. එ කෙසේ වුවත් තවමත් මෙම සිහින දැකීම පිළිබඳ ප්රමාණවත් පර්යේෂණ පැවැත්වී නැති බැවින් මේ පිළිබඳ තව බොහෝ තොරොතුරු පර්යේෂණ මට්ටමේ පවතින බව සිහි තබා ගත යුතු ය.

සිහින පිළිබඳ තවත් වැදගත් කරුණු කිහිපයක් :

● සංගීත භාණ්ඩයක් වාදනයට පුරුදු වීම වැනි නව දක්ෂතාවයන් සහ නව දැනුම ඔබ නිදා සිටින විට ඔබගේ මොළයේ විශේෂිත ස්ථානයක ගබඩා වෙයි.

● පුද්ගලයකුට නින්ද නොමැතිව ජීවත්විය හැකි කාලය ආහාර නොමැතිව ජීවත් විය හැකි කාලයටත් වඩා අඩු ය. වාර්තාවල ට අනුව පුද්ගලයකු නින්ද නොමැතිව ජීවත් වී ඇති වැඩිම කාලය වන්නේ දින 11කි. (දරුණු මානසික හා ශාරීරික ආබාධ ඇති විය හැකි බැවින් මෙය අත්හදා බැලීමෙන් වළකින්න.)

● ලෝක ජනගහනයෙන් 15% ක් නින්දෙන් ඇවිදී. නින්දෙන් ඇවිදින පුද්ගලයන් ඇහැරවීම නුසුදුසු බව මිථ්යා මතයක් වන අතර ඔවුන්ව ඇහැරවීම අත්යවශ්ය වේ.

● අඩුවෙන් නිදා ගන්නා පුද්ගලයන්ගේ ආහාර රුචිය වැඩි වේ. (ආහාර රුචිය පාලනය කරන ලෙප්ටින් නම් හෝර්මෝනය පහළ වැටීම මෙයට හේතුවයි.

● සිග්මන් ෆ්රොයිඩ්ට අනුව නින්දෙන් අවදි වී පළමු මිනිත්තු 5 ඇතුළත සිහිනවලින් 50% ක් අමතක වී යයි. ඊළඟ මිනිත්තු 5 තුළ සියල්ල අමතක වෙයි.

Share Now

Related Article