අළුහම් ගැටලුව විසඳා ගමු

Jun 18, 2019

අළුහම් බිහි වෙන්නේ දිලීරයක බලපෑමක් විදිහටයි. හැබැයි අළුහම් හානි කර රෝගී තත්වයක් නෙවෙයි. අළුහම් වල වර්ණය සුදු පැහැයෙන් හෝ කළු පැහැයෙන් දිස්වෙනවා. සමහරුන්ට අළුහම් ප්‍රශ්නයක් නොවුණත්, සමහරුන්ට නම් ඒක ප්‍රශ්නයක්. අළුහම් මුහුණේ සහ පපුවේ වැඩියෙන් දක්නට ලැබෙනවා. අළුහම් මතු වූ විට හමේ සුන්දරත්වය අඩු වෙනවා. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා අළුහම් ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.

Continue Reading Below

අළුහම් ඇති වන ආකාරය

අපි හැමෝගෙම සමේ තිබෙන දිලිර වර්ගයක් ඇතැම් අයගේ සම මත වැඩිපුර වැවෙනවා. අළුහම් ඇති වීමට මුලිකම හේතුව මෙයයි. මීට අමතරව ලේ අපිරිසිඳු වීමත් මෙයට එක් හේතුවක්

ඒ වගේම අළුහම් ඇති අයෙකුගේ රෙදි පිළි භාවිතා කිරීම, ඉස්සොරි වලට ප්‍රතිකාර ලබා නොගැනීම සහ රූපලාවන්‍ය නිෂ්පාදන වල ඇති රසායනික වල බලපෑමත් හේතු ලෙස දක්වන්න පුළුවන්. නිතරම දහදිය දමන අයට අළුහම් වැළඳීමේ වැඩි ඉඩක් තියෙනවා.

ඔබට අළුහම් තිබේදැයි හඳුනා ගන්නා ක්‍රමය

අළුහම් සුදු හෝ කළු පැහැතිය. දහදිය දමන විට අළුහම් ලප ඇති ස්ථාන වල කැසීමක් ඇති විය හැක. ඒ වගේම දහදිය දමන විට අළුහම් පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. ඇතැම් විට එම ස්ථාන වල සුළු වශයෙන් පොතු ගැලවී යන ස්වභාවයක් හට ගන්නවා.

අළුහම් ඇති විට කල යුතු දේ
  • වෛද්‍ය උපදෙස් මත අළුහම් සුවවීම සඳහා නිෂ්පාදනය කළ ආලේපන වර්ග මිලදී ගන්න.
  • වෛද්‍ය උපදෙස් මත දිලීර නාශක බෙහෙත් ලබා ගන්න.
  • ලේ පිරිසිඳු වීම සඳහා බෙහෙත් ලබා ගන්න.
  • ඔබ පාවිච්චි කරන රෙදි පිළි නිතර නිතර විෂබීජ නාශක යොදා ගනිමින් සෝදා ගන්න. ඒවා තද අව්වේ වේලා ගන්න.
  • උෂ්ණාධික ආහාර ගැනීමෙන් වලකින්න.
  • කොළ පැහැති එළවලු වැඩිපුර ආහාරයට ගන්න.
  • දෙහි යුෂ, එල කිරි, කැඳ සහ මුන් ඇට තැම්බූ වතුර නිතිපතා පානය කරන්න.
  • හිරු එලියට නිරාවරණය වීමට පෙර සන් ක්‍රීම් ආලේප කරන්න.
  • විටමින් D ලබා ගන්න.
  • ඔබේ ශරීරය වැඩියෙන් ආවරණය වන, තද පැහැති ඇඳුම් අඳින්න. එමඟින් අළුහම් පාලනය වෙනවා.
  • පච්ච කෙටීමෙන් වලකින්න. පච්ච නිර්මාණයේදී සමේ කුඩා තුවාල හා සිදුරු වීම් ඇති වේ. එමඟින් අළුහම් පැතිරීම වේගවත් වෙනවා.
  • වෛද්‍ය උපදෙස් මත මල්ටි විටමින් ලබා ගන්න.
  • මේක් අප් සහ ක්‍රීම් වර්ග තෝරා ගැනීමේදී ඒවා අළුහම් වලට අහිතකරද යන්න සොයා බලන්න.
  • පෙයාර්ස් සහ බ්ලු බේරී ආහාරයට ගැනීමෙන් වලකින්න. ඒවායේ ඇති එන්සයිම අළුහම් වැඩි කිරීමට හේතු වෙනවා.
  • බ්ලීචින්ග් සහිත ආලේපන භාවිතා කිරීමෙන් වලකින්න.
  • පිටතට යාමේදී හිතකර මේක්අප් භාවිතා කර අළුහම් ලප ආවරණය කරන්න.

Share Now

Related Article