ඔසප් කාලයේ අපහසුතා මගහරවාගන්න මේ දේවල් අනුගමනය කරන්න

Aug 5, 2020

ඔසප් කාලය කියන්නේ සෑම කාන්තාවකටම අසීරු කාලයක්. ඇතැම් විට ඔසප් වීමට පෙර සිට ම විවිධ අසීරුතා ඇති විය හැකියි. උදරයේ වේදනාව, කරකැවිල්ල, හිසරදය, වමනය, කුරුලෑ ඇති වීම, කෑම අරුචිය වැනි විවිධ අපහසුතා මෙම කාලයේදී ඇති විය හැකියි. මේ දිනවලදී ඇති වන අපහසුතා මගහරවා ගන්න ඔබට කළ හැකි දේවල් ගැනයි අද අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ.

Continue Reading Below

● ඔසප් දින පිළිබඳ අවධානයෙන් ඉන්න

ඔබට ඔසප් වීම ආරම්භ වන්නේ මාසයේ කුමන දිනවලදීද යන්න පිළිබඳ අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත්. මෙයින් ඔබ හදිසි අපහසුතාවලට ලක් වීමෙන් වැළකී සිටිය හැකියි. විශේෂ රැස්වීම්, විනෝද චාරිකා වැනි දේවල් සැළසුම් කිරීමේදී ඔබට මෙය වැදගත් වනවා. ඔබත් ඔසප් දින ළං වන විට මානසික වෙනස්වීම්වල ට භාජනය වන අයෙක් නම් මෙම දින පිළිබඳ අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වනවා. වර්තමානයේ මේ සඳහාම වෙන්වූ යෙදවුම් (Apps) නිර්මාණය වී තිබෙනවා. Flo ඇප් එක ඔබට භාවිතා කළ හැකි සාර්තක යෙදවුම කි. ඔබ ගැබ් ගනීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මෙම යෙදවුම ඔබට තවත් පහසුවක් වේවි.

● පෝෂ්යදායී ආහාර ගන්න

පෝෂ්යදායී, සමබල ආහාර වේලකට හුරු වීමෙන් බොහෝ ලෙඩ රෝග වළක්වා ගත හැකියි. ඔසප් වීම සම්බන්ධ බොහෝ ගැටළු වලට හේතුව කෘත්රිම ආහාරවලට පුරුදු වීමයි. එනිසා නැවුම් එළවළු පළතුරු සහිත පෝෂ්යදායී ආහාර නිතර ඔබේ ආහාරයට එක් කර ගන්න.

● ව්යායාම අනිවාර්යයි

ව්යායාම මගින් ශරීරයේ අනවශ්ය මේදය දහනය වනවා සේම එය හෝර්මෝන ක්රියාකාරීත්වය ක්රමවත් කිරීමටත් උපකාරී වනවා. ඔසප් දිනවලදී මෙන්ම ඔසප් දිනවලට පෙර සහ පසුවත් ඇති වන මානසික පීඩනය, කාංසාව,මහන්සිය ඇති විය හැකියි. මෙම අපහසුතාවයන් නැති කර උද්යෝගිමත් බව ඇති කිරීමට ව්යායාම උපකාරී වෙනවා. ඒ වගේම ඔසප් චක්රය කරමානුකූල කිරීමටත් ව්යායාම හේතු වනවා.

● සමහර දේවල් ඔසප් වීම හා සම්බන්ධ නොවෙන්නත් පුළුවන්

ඔසප් කාලයේදී කේන්තියාම, මනෝභාවය නිතර නිතර වෙනස් වීම, මානසික පීඩනය ඇති වීම සාමාන්ය දෙයක්. එහෙත් වෙනත් හේතූන් නිසාත් මෙමෙ ගැටළු ඇති විය හැකියි. ඔබ නිතරම මානසික ව්යාකූලත්වයකින් සිටිනවා නම් එයට හේතුව වෙනත් සෞඛ්ය ගැටළුවක් විය හැකියි. එනිසා ඒ පිළිබඳ වෛද්ය උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි.

● වේදනාව සමනය කරගන්න

ඔසප් ඇති වන වේදනාව ඔබට දරාගැනීමට අපහසු තරම් නම් ඒ සඳහා වෛද්ය උපදෙස් මත වේදනා නාශක භාවිතා කළ හැකියි. වේදනව දරාගෙන අපහසුවෙන් සිටීමේ කිසිදු අවශ්යතාවයක් නැහැ. ඒ වගේම මේ දිනවල වැඩිපුර ජලය පානය කිරීමත්, කොත්තමල්ලි, රණවරා, බෙලිමල් වැනි දේශීය දෑ පානය කිරීමත් වේදනාව සමනය කර ගැනීමට උපකාරී වනවා. එයින් ඔබේ සිරුර විජලනයට ලක් වීමත් වළක්වා ගත හැකියි.

● බාහිර ප්රතිකාර

මෙය වේදනාව සමනය කර ගැනීමට තවත් ඵලදායී ක්රමයකි. උණුවතුර භාවිතයෙන් උදරයේ යටි ප්රදේශය තැවීම, මඳ උණුසුම් රෙදිකඩක් උදරය මත තබාගෙන සිටීම මෙන්ම වේදනාව සමනය කිරීමට වෛද්ය උපදෙස් මත විවිද ආලේපනයන් භාවිතයත් ඔබට කළ හැකියි.

● ග්රීන් ටී

ඔසප් කාලයේදී කැෆේන් අඩංගු කෝපි වර්ග පානය කිරීමට ඇති කැමැත්ත වැඩි විය හැකියි. නමුත් කැෆේන් සිරුරට එතරම් හිතකර නැහැ. ඒ වෙනුවට ඔබට භාවිතා කළ හැකි ස්වභාවික පානයක් තමයි ග්රීන් ටී. සිරුරට ශක්තියක් ලබා දෙන්නත්, ඔබව ප්රබෝධමත් කරන්නත්, වේදනාව සමනය කරන්නත් ග්රීන් ටී උදව් වෙනවා.

මේ විධියට ඔබේ ඔසප් දිනවල ඇති වන අපහසුතාවයන් මගහරවාගන්න විවිධ දේවල් අනුගමනය කරන්න ඔබටත් පුළුවන්. එයින් ඔබේ අපහසු දවස් පෙරට වඩා පහසුවෙන් ගත කරන්නත්, ඔබේ වැඩ කටයුතු අතපසු නොවී සම්පූර්ණ කර ගන්නත් ඔබට හැකි වේවි.

Share Now

Related Article