විටමින් වර්ග ගැන ඔබ දැනගත යුතු දෑ

Feb 20, 2020

විටමින් යනු අපගේ පෝෂණයට අත්‍යාවශ්‍ය අපගේ ආහාරයේ තිබිය යුතු පෝෂණ පදාර්ථ විශේෂයක්. විටමින් අපගේ ශරීරයේ ක්රියාකාරිත්වයට අවශ්‍යම ද්‍රව්‍යක්.

අප ගන්නා ආහාරවල තිබෙන කාබෝහයිඩ්රේට මේදය, ප්රෝටීන වැනි පෝෂ්ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගැනීමට එම ද්‍රව්‍ය කුඩා කොටස් වලට කැඩී වෙන්විය යුතුයි. ඒ සඳහා උපකාරී වන්නේ ශරීරයේ තිබෙන එන්සයිම. එම එන්සයිම ක්‍රියාකාරී වීමට විවිධ විටමින් වර්ග අවශ්‍යයි.

Continue Reading Below

විටමින් වර්ග

ප්රධාන වශයෙන් ම විටමින් වර්ග කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. A ජලයේ දියවන විටමින් වර්ග සහ මේදයේ දියවන විටමින් වර්ග ලෙස. විටමින් A, විටමින් D සහ විටමින් E, K යන වර්ග මේදයේ දියවී ඇති විටමින් වර්ග.මේදයේ දියවී ඇති විටමින් වැඩිපුර ශරීරයට ලබාගත් විට පහසුවෙන් ශරීරයෙන් ඉවත්වන්නේ නෑ. එම මේද කොටස් ශරීරයේ විවිධ ස්ථානවල තැන්පත් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා පසුකාලීනව විවිධ රෝගාබාධවලට මුහුණ පෑමට ඔබට සිදුවන්නට පුළුවන්.

විටමින් D සහ විටමින් C දියවී ඇත්තේ ජලයේ. ජලයේ දියවී ඇති විටමින් අවශ්ය පමණට වඩා ශරීරයට ගත්තත් හානියක් සිදුවන්නේ නෑ. ඒ ඉතා පහසුවෙන් ඒවා ශරීරයෙන් පිටවී යන නිසයි.

විටමින්වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන

විටමින් B :

විටමින් B යනු විටමින සංකීර්ණයක්. විටමින් B1, B2, B4, B5, B6, B12 ලෙස ඒවා නම් කෙරෙනවා.

B කාණ්ඩයේ විටමින අප එදිනෙදා ගන්නා සත්ව ආහාරවල මෙන් ම ධාන්යවලද ඉතා සුලභව තිබෙනවා. බයොටින් නම් විටමිනය අයත් වන්නේත් විටමින් B යටතට. බයොටින් සත්වමය ආහාරවල මෙන් ම තක්කාලිවලත් බහුලව තිබෙනවා.

විටමින් D :

අපේ සමේ යම් යම් කොටස් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් අපගේ සම මතම විටමින් D නිපදවෙනවා. මුහුදු මසුන්ගේ අක්මා තෙල්වලින්, බිත්තර කහමදයේත් විටමින් D බහුලයි.

විටමින් D අඩුවීම එම දරුවා Rickets නම් රෝග තත්ත්වය ඇතිවීමටත් වැඩිහිටියකුගේ ශරීරයේ විටමින් D අඩුවීම Osteomalasia නම් රෝග තත්ත්වය ඇතිවීමටත් හේතුවන බව සොයාගෙන තිබෙනවා.

විටමින් E :

විටමින් E ප්රති ඔක්සිකාරක විශේෂයක් ලෙස මිනිස් සෛල කෙරෙහි ක්රියාකරනවා. මිනිස් සෛල පටලවල ස්ථාවර බවට විටමින් E ඉතා යෝග්ය බවත් සොයාගෙන තිබෙනවා. සෝයා, තිරිඟු, අලි පේර, බතල වැනි ආහාරවල විටමින් E ඉතා බහුලයි. වර්තමානයේ මෝස්තරයක් වී තිබෙන ආකාරයෙන් විටමින් E කරල් ලෙස ගැනීම ශරීරයට අහිතකර විය හැකියි.

Share Now

Related Article