ඔබගේ තරබාරුකම අඩු කරන්න ටිප්ස් 07 ක්

Dec 9, 2019

ශරීරයේ බර අඩු කරගන්න නොයෙකුත් දේවල් කරලා ඔබ දැන් විඩාවට පත් වෙලා ඇති . අපි අද කියා දෙන්න යන්නේ බර අඩු කර ගන්න ඉතාමත් සරල ක්රම කිහිපයක් ගැන. ඔබව වෙහෙසට පත් නොකරම ඔබගේ බර අඩු කර ගන්න මෙම ක්රමයන් ඔබට අනිවාර්යෙන් උදව් කරාවි.

Continue Reading Below

01. ඇපල් කෙසෙල් වැනි පලතුරු සුවඳ බලන්න.

ඔබ හිතයි මෙය මොනතරම් මෝඩ ක්රියාවක්ද කියලා. නමුත් ඔබගේ බර අඩු කිරීම සඳහා මෙය ඉතාමත් සුදුසුයි. ඔබට කරන්නේ තියෙන්නේ ඇපල් ගෙඩියක්, එහෙමත් නැත්නම් කෙසෙල් ගෙඩියක් වගේ දෙයක් සුවඳ බලන එක විතරමයි. වෛද්යවරු පවසන ආකාරයට ආහාර සුවඳ බැලීම තුලින් ඔබගේ මොළයට ඔබ ආහාර ගත් බවට පණිවිඩයක් යැවීම සිදු කරනවා. මෙයින් ඔබගේ බඩිගින්න අඩු කරන එක තමයි කරන්නේ. මෙය ඔබගේ බර අඩු කරගන්න ඉතාමත් හොඳ වගේම පහසු ක්රමයක්.

02. වාඩාත් හොඳ උදැසන ආහාරයක්.

ඔබ රාත්රියට ඉතාමත් සුළු ආහාරයක් ගන්න. ඒ වුනාට ඔබගේ උදැසන ආහාරය වඩාත් හොඳ ආහාරයක් වීම වැදගත්. මෙම උදෑසන ආහාරය ප්රමාණයෙන් විශාල වගේම ගුණවත්ව ලබා ගන්න ඔබ කටයුතු කරන්න ඕනි. දහවල් ආහාරයට ඉතාමත් සුළු ආහාරයක් ගන්න. මෙයට ඔබ දිර්ඝ කාලීනව හුරු වෙන්න. ඔබටවත් නොදනිම ඔබගේ බර අඩුවෙන විදිහට ගැන ඔබට පුදුම හිතෙයි.

03. ටිකක් මහන්සි වෙන්න පුරුදු වෙන්න.

ගොඩක් දෙනෙක් පයින් යන්න, එන්න එහෙමත් නැත්නම් මහන්සි වෙලා වැඩක් කරන්න කැමති නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ පුළුවන් තරම් පයින් ගමන් කරන්න. අමතර ව්යායාම කරන්න කාලයක් වෙන්න කරගන්න ඔබට අවශ්ය වෙන්නේ නෑ මේ නිසා. ඔබ හැකිතාක් ඔබගේ නිවසේ වැඩ මහන්සි වෙලා ඔබගේ අතින්ම කරන්න පුරුදු වෙන්න. අධික තරබාරු ඔබගේ සිරුරට මෙය අනිවාර්යෙන්ම ආශීර්වාදයක් වේවි.

04. ආහාර ගන්නා තැන කණ්නාඩියක් සවි කරන්න.

මෙය කදිම විසඳුමක්. ඔබ ආහාර ගන්නා තැන කන්ණාඩියක් සවි කරන්න. ඔබ ආහාර ගද්දි නිතරම ඔබට ඔබගේ තරබාරුකම පෙනේවි. අනිවාර්යෙන්ම ඔබ ඔබගේ ශරීරයේ ලස්සන ගැන හිතන කෙනෙක් නම් ඔබ කිසිම විටක අධික ලෙස ආහාර ගන්න නම් උත්සහ කරන්නේ නෑ. ඔබ අනිවාර්යෙන් ඔබගේ කෑම පාලනය කරන්න පුරුදු වේවි.

05. බෙදාගෙන කෑම කන්න.

ඔබ ආහාර ගනිද්දී හැම විටම් බෙදා එන කන්න පුරුදු වෙන්න.ඔබ සාමාන්යයෙන් ආහාරයට ගන්න කෑම ප්රමාණය ඔබ ඔබ අසල සිටින තවත් අයෙක් සමඟ බෙදාගෙන ආහාරයට ගන්න. එහෙම කලාම ඔබ ආහාරයට ගන්න කෑම ප්රමාණය අඩු වෙනවා. ඒ වගේම ඔබගේ අසල සිටින්නන්ගේ ආදරයද ඔබට අඩුවක් නැතිව ලබෙනවා.

06. ඇඟට තද ඇදුම් අදින්න.

තරබාරු අය කරන්නෙම තමන්ගේ ඇඟ වසා ගන්න, ටිකක් විතර ලොකුවට ඇඳුම් අදින එක. මෙය තාවකාලික විසදුමක් විතරයි. ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතුයි ඔබ ශරීරයේ තරම. ඒ නිසා ඔබ ඇගට තද ඇදුම් තොර ගන්න. එවිට ඔබට තේරෙයි ඔබ ශරීරය ගැන අවධානය යොමු නොකිරීම නිසා කොතරම් ඔබව අපහසු තත්වයකට පත්වෙනවද කියලා. මේ විදිහට අදින්න ගත්තම කොතැන ගියත් ඔබට අධික ලෙස ආහාර ගන්න ඔබගේ හිත ඉඩ දෙන්නේ නෑ.

07. නිල් පැහැය භාවිත කරන්න.

ඔබ දන්නවද නිල් පැහැය කියන්නේ ඔබට කුසගිනි අඩු කරන පැහැයක්. ඔබ සාදයකට යද්දී නිල පැහැයෙන් සැරසෙන්න. නිල් පැහැය බහුල තැනක ඔබ ආහාර ඔබගේ ආහාර රුචිකත්වය අඩු කරනවා.රතු කහ වගේ වර්ණ නම් තරබාරු ඔබට සුදුසු වර්ණ නෙවේ.

Share Now

Related Article