ලෙඩ රෝග පැතිරෙන කාලවලදී ආරක්ෂා පියවරවල් මොනවාද ?

Jan 30, 2020

වසංගත රෝග පැතිරෙන කාල වලදී අපි හැමෝම පරීක්ෂාවෙන් සිටීමෙන් අපේ සෞක්‍යය තත්වය මෙන්ම රටේ සෞක්‍ය තත්වයද යහපත් අතකට ගෙන ඒමට හැකි වේ. සෞක්‍යය අංශය මගින් ප්‍රතිකාර කිරීම් කිරීම සිදු කළද පුරවැසි අපගේ වගකීම වන්නේ රෝග බෝවීම වලක්වා ගැනීමට අපගේ චර්යාමය වෙනස්කම් ඇතිකර ගැනීමයි. ඔබ රෝගී වීමෙන් ඔබේ ජීවිතය පමණක් නොව අවට සිටින අයට බෝ වීමේ අවධානමක් ඇති කරවන බැවින් අවධානමට ලක් කෙරේ. එබැවින් සුදුසු ආරක්ෂක පියවර මොනවාද කියා ඔබට කියා දීමට Goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා.

Continue Reading Below

1) ඔබගේ දෑතේ සනීපාරක්ෂාව තහවුරු කර ගන්න.

සෑම විටම ඔබේ දෑත හොඳ Hand wash එකක් මගින් හෝ සබන් යොදා හොඳින් සෝදන්න. වෛද්‍ය වරු විසින් නිර්දේශිත Dettol Hand Wash විසබීජ රාශිකට ආරක්ෂාව ලබා දේ. ස්වල්පයක් අත්ල මත දමා පෙන නගින තුරු අතේ හැම කොටසම ආවරණය වන පරිදි හොඳින් සෝදන්න.

Dettol Anti – Bacterial Original Liquid Hand Wash – “දිගු පරාසයක විෂබීජ වලින් ආරක්ෂාව ලබා දේ”

  • Everyday protection from illness causing germs
  • p-H – balanced liquid hand wash
  • Original Pine Fragrance Hand Wash
  • Anti – Bacterial
2) නාස මුඛ ආවරණය කරවන Face Mask

පිරිස ගැවසෙන ස්ථානයක සිටී නම් නාසය සහ මුඛය ආවරණය වෙන පරිදි ආවරණ පළඳින්න. එම ආවරණ පැය 8 කට වරක්වත් මාරු කරන්න. ඉවත් කරනා ආවරණය හැම තැනම විසික් කිරීමෙන් ඔබ මහජන ආරක්ෂාවට හානි කරයි. එබැවින් එය ආවරණය කර නිසි තැනක බැහැර කරන්න. (පැලද ගත් පසු වරින්වර එය ඇල්ලීමෙන් වලකින්න. එහි නිල් පැහැති කොටසෙ පිටතින් රැඳුණු විවිධ විශබීජ පවතී, ඔබ රෝගීනම් සුදු පැහැති කොටසේද ඔබගෙන් පිට වූ විශබීජ පවතී)

ඔබට ස්වශන පධ්ධතියේ ආසාධනයක ලක්ෂණ පෙන්වනවා නම් වහා වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
  • අන්‍යන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අනෙක් අය ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න. එමෙන්ම පොදුවේ භාවිතා කර භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් වලකින්න.
  • ඔබට රෝග ලක්ෂණ කිසිවක් නොමැති නම් හැකිතාක් රෝගීන් ගැවසෙන ස්ථාන වලින් ඉවත්ව කටයුතු කරන්න. පොදුවෙ භාවිත වන මතුපිටවල් (බස් රථවල හරස් යකඩ බට ආදී) ස්පර්ශයෙන් පසු ඇස්, මුහුණ, නාසය, මුඛය ස්පර්ශ කිරීමෙන් වලකින්න, සෑමවිටම Dettol Hand Wash , සබන් භාවිතා කර ඔබගෙ දෑත් පිරිසිදු කරගන්න.
  • සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ නිවේදනයට අනූව ජීවි හෝ අජීවි ගොවිපල සතුන් සහ වන සතුන් සමඟ සමීපව කටයුතු කීරීමෙන් වලකින්න, එසෙ කටයුතු කරන්නට සිදුවන අවස්ථා වලදි අවශ්‍ය පූර්වාරක්ෂාව සපයා ගන්න (ගොගල්ස්, මුඛ ආවරණ, අත් ආවරණ සහ බූට්ස් පලඳින්න).
  • මස් සහ මාළු වර්ග සම්පූර්ණයෙන් පිස ආහාරයට ගන්න.
  • මේ සරල ක්‍රියාමාර්ග මගින් රෝගය පැතිර යාමෙන් පහසුවෙන්ම ආරක්ෂා විය හැකිය.

Share Now

Related Article