ඔසප් දිනවල ඇතිවෙන සමේ අසාත්මිකතා වලට හේතුව ඔබ දැන සිටියාද?

Feb 1, 2020

කාර්යාලය ඉවර වෙන්න කිට්ටු වෙලා තිබුනත් නිශාගේ මූණේ සතුටක් නැහැ කියල ඇගේ යෙහෙළිය දිලිනිට හිතුනා. ඒ වගේම ඇය ඇවිද්දෙත් තරමක් අපහසුවෙන්. මේ ගැන නිශාගෙන් ප්රශ්න කරන්න යෙහෙළියක් ලෙස දිලිනි අමතක කරේ නැහැ.

Continue Reading Below

“ නැහැ දිලිනි මට මේ දවස් වල පීරියඩ්ස්. දන්නේ නැද්ද ඉතින් කසනවා. එතන රෑෂ් එකක් වගේ ඇවිත්. එපා වෙලා ඉන්නේ……හැම මාසෙම මෙහෙම වෙනවා” නිශා පිළිතුරු දුන්නේ වේදනාවෙන්.

මේ කතාව ලංකාවේ බහුතරයක් ගැහැණු උදවියගේ කතාව බව ඔබ දැනගෙන හිටියද?

නැත්නම් ඒ වේදනාත්මක අත්දැකීමෙන් පීඩා විඳින්නේ ඔබේ සමේ ඇති ගැටළුවක් නිසා කියල ඔබට හිතුනද?

බොහෝ වෙලාවට කාටවත් කියන්න ලැජ්ජාවෙන් අපහසුව ඉවසන නිසා මේ තත්වයට දිගු කාලීනව මුහුණ දෙන එක ඇති කරන සෞඛ්යය ගැටළු ගැන ලංකාවේ කාන්තාවන් දැනුවත් නැහැ. ඇත්තටම කාන්තාවන් දස දෙනෙකු ගත්තොත් ඒ දස දෙනාටම මේ ගැටලුව ඇති බව සමීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.

ඒ නිසා ඔසප් සමයේ ඇතිවෙන සමේ ආසාත්මිකතා ගැන ඔබව දැනුවත් කරන්නට Goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා.

ඔසප් සමයේ කැසීම් සහ අසාධන වලට හේතුව මොකද්ද?

දැනට පවත්වා ඇති සමීක්ෂණ වලින් සොයා ගෙන ඇති කරුණු අනුව මේ ඔසප් සමයේ යෝනි පෙදෙසේ ඇති වන සමේ අසාත්මිකතාවන්ට මුලික හේතුවක් බවට හෙළි වී ඇත්තේ තමන් භාවිතා කරන නැප්කිනයේ නිෂ්පාදන ගුණාත්මක බවයි. එනම් ප්ලාස්ටික් වැනි මතුපිට රළු ස්වභාවය, උරා ගැනීමේ හැකියාව, දහදිය සහ අහිතකර ලෙස තෙතමනය රැඳීම වැනි කරුණු නිසා තමන්ට ඔසප් දිනවල යෝනි පෙදෙසේ දිලීර/බැක්ටීරියා ඇති වීමෙන් කැසීම්, බිබිලි, සම ගොරෝසු වීම් මෙන්ම තුවාල පවා ඇති වී ඇති බව කාන්තාවන් බොහෝ දෙනා පිළිගෙන ඇත. මෙනිසා ප්රමිතියෙන් තොර සනීපාරක්ෂක තුවායක් භාවිත කිරීමෙන් මෙවැනි ආසාත්මිකතා ඇති වන බව සමීක්ෂණ වාර්තා වලින් දක්වයි.

මෙය නිකන් රෑෂ් එකක් කියල නොසලකා ඉන්න එපා. එයින් ඇතිවෙන අපහසුව ඔබේ ජීවිතේට ලොකු බලපෑමක් එල්ල කරනවා විතරක් නෙවේ දීර්ඝ කාලීනව පැවතීමෙන් ස්ත්රී ප්රජනන පද්ධතියේ නිරෝගීබව නැති කරන්නත් හේතු වෙනවා. මේ කාලයේදී ඇතිවෙන අසාත්මිකතා වලක්වා ගන්න පුළුවන්. අපි ඒ ක්රමය ගැන දැනුවත් වෙමු.

“ඔබේ සම දුර්වල නැහැ…… සනීපාරක්ෂක තුවායේ ගුණාත්මක කම දුර්වලයි “

උණුසුම සහ තෙත ගතිය කියන්නේ ඕනෙම වෙලාවක සමේ ආසාධන ඇති කරවන්න හේතුවක්. ඇතැම් සනීපාරක්ෂක තුවා වල තෙතමනය නිසි ලෙස උරා ගන්නේ නැහැ. ඒ වගේම වායු සංසරණය සීමිත වීම නිසා හටගන්නා දැඩි උණුසුම විසින් ඒ ප්රදේශයේ දහදිය දැමීම වැඩි කරවනවා.

ඒ වගේම එය සාදා ඇති ප්ලාස්ටික් වගේ මතුපිටක් සහිත අමුද්රව්ය නිසා ඔබේ සම මත උණුසුම ජනිත වීමටත් අපහසුතාවයන් ඇති වීමටත් හේතු වෙනවා. ඉතින් උරා නොගත් තෙතමනය සහ අධික උණුසුම නිසා තමයි ඔබේ සමේ අසාත්මිකතා හට ගන්නේ. ඔබ ඇවිදිද්දී වගේම එහාට මෙහාට වෙද්දී ඔබ අඳින සනීපාරක්ෂක තුවායේ මතුපිට ඔබේ සම සමග ස්පර්ශ වෙනවා. එවිට එම මතුපිට අමුද්රව්යය හැදිලා තිබෙන්නේ නුසුදුසු දෙයකින් නම් ලිංගික අවයව ප්රදේශයේ කැපීම් වුනත් හටගන්න පුළුවන්. මේ කැපීම් ගොඩක් වේදනාකාරී බව ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

මේ අසාත්මිකතා සහ කැසීම් වළක්වාගන්නේ කොහොමද ?

1) හැම විටම නිසි ගුණාත්මක සනීපාරක්ෂක තුවාය තෝරා ගන්න.

දැනට වෙළඳපොලේ තියන බොහෝ සනීපාරක්ෂක තුවා පරීක්ෂා කර බලද්දී අපිට වැටහෙනවා සම සහ තුවාය අතර වායු හුවමාරුව සිදුවෙන්නේ ඉතාම අඩුවෙන්. මේවා ඔසප් සමය පුරා පැය කීපයක් එක දිගට ඇඳගෙන ඉද්දි සමේ උෂ්ණත්වය ඉහළ යනවා. උරාගැනීමේ ගැටළු නිසා අමතර තෙතමනයක් ඉතුරු වෙනවා නම් තත්වය තවත් බරපතලයි. නමුත් කනගාටුව බොහෝ සනීපාරක්ෂක තුවා වල උරා ගැනීමේ ගැටලුත් තිබෙනවා. ඉතින් මේ දෙක එකතු වුනාම ප්රතිපලය සමේ අසාත්මිකතා හට ගැනීමයි. සරලව කැසීමෙන් හටගන්නා අපහසුවෙන් එහාට ගිහින් සෞඛ්යය ගැටළු වුනත් ඇතිවෙන්න මේ තත්වය හේතු විය හැකියි.

සනීපාරක්ෂක තුවා හැදීමට යොදා ගන්නා අමුද්රව්ය සමේ pH අගයට සමගාමී නැතිනම්, නිසි ප්රමිතියෙන් තොර අමුද්රව්ය යොදා ගනී නම් , ඒ අමුද්රව්ය SLS වැනි තත්ත්ව සහතික වලින් ප්රමිතිගත කර නැති නම් එවැනි සනීපාරක්ෂක තුවා පාවිච්චි කරද්දී දෙවරක් හිතන්න.

හොඳම විසඳුම : වැඩිදියුණු කළ නව Fems සනීපාරක්ෂක තුවා.

අලුත්ම Fems නැප්කින් වල මතුපිට සුමුදු රැලි සහිත නිසා සම සහ නැප්කින් එක අතර වායු හුවමාරුව 40% කින් වැඩි වෙලා. මේ නිසා දහදිය දැමීම අඩු වෙද්දී රස්නෙත් එක්ක එන බැක්ටීරියා වර්ධනය අඩාල කරනවා. ඒ නිසා කැසීම් සහ ආසාධන අවම වෙනවා. සමට ගැලපෙන pH අගයක් සහිත කපු අමුද්රව්ය Fem සනීපාරක්ෂක තුවාය නිපදවීමේදී යොදා ගන්නවා. සනීපාරක්ෂාව වගේම සුව පහසුව ඉතා ඉහළ Fem නැප්කින් එක SLS වගේ තත්ව සහතික වලින් පිදුම් ලබා තිබෙනවා.

“සමට හිතකර බවට සායනිකව තහවුරු කර ඇති ලංකාවේ ප්රථම සහ එකම නැප්කින් නිෂ්පාදන පෙළ ලෙස සැලකෙන Fems පාවිච්චි කරනවා නම් ඔසප් දිනවල ඇතිවෙන අසාත්මිකතා වගේ ගැටළු රැසකින් මිදිලා ඔබේ සුවපහසුව ඒ දිනවලත් පවත්වාගන්න පුළුවන් වෙනවා”

2) ඔබේ සනීපාරක්ෂක තුවාය නිසි වෙලාවට මාරු කරන්න.

මේ කරුණ ගැන නම් කාන්තාවන් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඕනෙවට වඩා වැඩි වෙලාවක් තුවාය ඇඳගෙන සිටීම බැක්ටීරියා වර්ධනයට හේතු වෙනවා. දැඩි රුධිර වහනයක් සිදු නොවන අවසන් දවස් වල වුනත් ඕනෙවට වඩා වැඩි වෙලාවක් තුවාය ඇඳගෙන සිටීම හානිදායකයි. අවම පැය 3-4කට වරක්වත් සනීපාරක්ෂක තුවාය මාරු කළ යුතු බවයි වෛද්ය නිර්දේශය.

3) ශරීරයේ ප්රතිශක්තිය වර්ධනය කරගන්න

ඔසප් දිනවල සුවපහසුවෙන් ඉන්න නම් ආසාධන සහ කැසීම් වලට ඔරොත්තු දෙන ශක්තිය ශරීරය තුලින්ම ඇතිකර ගන්න ඕනේ. ඔබේ ආහාර වේලට ප්රතිශක්තිය වැඩිකරවන යෝගර්ට් , පලාවර්ග, ධාන්ය , ඇටවර්ග, සුදුලූණු සහ මාළු වගේ ආහාර වැඩි වැඩියෙන් එකතු කර ගන්න. හොඳ නින්දක් ලබන්න. ව්යායාම ඔබේ ජීවිතයට එකතු කර ගන්න.

Share Now

Related Article