ඔසප් වීම හා බැඳුණු මිථ්යා මත 09ක්

Aug 26, 2020

ඔසප් වීම යනු සෑම කාන්තාවක් ම අත්විඳින ස්වභාවික ක්රියාවලියකි. සාමාන්යයෙන් කාන්තාවකට සිය ජීවිතයේදී 450 වතාවක් පමණ ඔසප් වීම සිදු වන බව පර්යේෂකයින් පවසනවා. ඔසප් වීම සම්බන්ධව විවිධ චාරිත්ර, විශ්වාස, පැතිරී තිබෙනවා. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නෙ ඔසප් වීම හා බැඳුණු මිථ්යා මත 09 පිළිබඳව යි.

Continue Reading Below

ඔසප් කාලයේදී නෑම නුසුදුසු යි?

ඔසප් කාලයේදී නෑම, උණු වතුරෙන් නෑම නුසුදුසු බව ත් ඉන් රුධිරය පිටවීම වැඩි වන බවත් ඇතැමුන් සිතනවා. නමුත් මෙහි කිසිදු සත්යතාවයක් නැහැ. සැබවින් ම උණුවතුර නෑම මගින් මංශ පේශී ලිහිල් වී ඔසප් වේදනාව අඩු වන බව වෛද්යවරුන් පෙන්වා දෙනවා. එනිසා ඔසප් කාලයේදී නෑමෙන් වැළකීමේ කිසිදු අවශ්යතාවයක් නැහැ.
ඔසප් කාලයේදී පිහිනීම නුසුදුසුයි?

ඔසප් කාලයේදී පිහිනුම් තටාකවල, ගංගා, ඇළ දොළ වැනි විවෘත ස්තානවල නෑම සෞඛ්යයට අහිතකර බව බොහෝ දෙනා සිතනවා. නමුත් ඔබ නිවැරදි සනීපාරක්ෂක උපකරණ භාවිතා කරනවා නම් මෙහි කිසිදු ගටළුවක් නැහැ. උදාහරණයක් ලෙස මෙවන් අවස්තාවල සනීපාරක්ෂක තුවා (sanitary pads) භාවිතය සුදුසු නැහැ. එහෙත් ටැම්පෝන් (Tampon) හෝ මෙන්ස්ට්රල් කප් (Menstrual Cup) භාවිතා කරන්නේ නම් කිසිදු අපහසුවකින් තොරව පිහිනීමේ යෙදීමට ඔබට හැකියි.

එකම නිවසක ජීවත්වන කාන්තාවන්ගේ ඔසප් වීම එක ම කාලයේදී සිදුවිය යුතුයි?

ඇතැම් විට ඔබේ සහ ඔබේ යෙහෙළියන්ගේ, සහෝදරියන්ගේ ඔසප් වීම එකම දිනවලදී සිදුවන අවස්ථා ඔබ අත්දැක ඇති. නමුත් මෙය එක් අහඹු සිදුවීමක් පමණයි. එකම නිවෙසක වාසය කරන කාන්තාවන්ගේ ඔසප් වීම ත් එකම දිනවලදී සිදු වන බව තවත් එක් මිථ්යා විශ්වාසයක් පමණයි. එනිසා ඔබේ සහෝදරියට හෝ යෙහෙලියට ඔසප් වීම සිදුවන දිනවලදීම ඔබට ඔසප් වීම සිදු නොවුනායැයි බිය වීමට කිසිදු අවශ්යතාවයක් නැහැ.

ඔසප් කාලයේදී හිසකෙස් වර්ණ ගැන්වීම අසාර්ථක ද?

ඔසප් කාලයේදී හිසකෙස් වර්ණ ගැන්වීම තුළින් වර්ණ නිසි ලෙස ආලේප නොවන බවත්, එයින් කෙස් දුර්වල වන බවත් ඇතැමුන් විශ්වාස කරනවා. මෙම කාලයේදී හිසකෙස් දුර්වල බැවින් වර්ණ ගැන්වීම අසාර්ථක වන බවපැවසෙනවා. නමුත් මෙය කිසිදු විද්යාත්මක පදනමකින් තොර බව විද්යාඥයින් ප්රකාශ කර තිබෙනවා. ඔසප් වීම හෙතුවෙන් හිසකෙස් දුර්වල නොවන බවත් මේ කාලයේදී ද ඔනෑම විලාසිතාවක් කළ හැකි බවත් ඔවුන් පවසනවා. එනිසා ඔසප් කාලයේදී ඔබට අවශ්ය විලාසිතා කරන්න බිය වීමේ කිසිදු අවශ්යතාවයක් නැහැ.

ඔසප් කාලයේදී මත්පැන් භාවිතය සුදුසු ද?

මත්පැන් කියන්නේ ස්වභාවයෙන් ම ශරීරයට එතරම් හිතකර දෙයක් නොවෙයි. ඔසප් දිනවලදී මෙන්ම සාමන්ය දිනවලදීත් මත්පැන් මගින් ඔබේ ශරීරයට සිදුවන බලපෑම එකමයි. ඔබ සාමාන්යයෙන් මත්පැන් පානය කරන කාන්තාවක් නම්, ඔසප් දිනවලදී ඔබ වයින් වීදුරුවක් හෝ කොක්ටේල් වීදුරුවක් බීමෙන් ඔබේ ඔසප් චක්රයට කිසිදු බලපෑමක් සිදු වන්නෙ නැහැ. මත්පැන් නිසා ඔසප් වීම නැවතීම, අධික රුධිර වහනය හෝ ඔසප් චක්රය අක්රමවත් වීමක් සිදු වන්නේ නැහැ. ඒ කෙසේ වුවත් අධික මත්පැන් පානය ඔබේ සිරුරට අහිතකර බව සිහිතබා ගන්න.

ඔසප් කාලයේදී රූපලාවන්ය කටයුතු සිදු කිරීම සෞඛ්යයට අහිතකර ද?

මෙම දිනවලදී ඇහි බැම ගැලවීම, රෝම ඉවත් කිරීම, ටැටූ ගැසීම වැනි රූපලාවන්ය කටයුතු සිදු කිරීම සෞඛ්යාරක්ෂිත නොවන බව ඇතැමුන් විශ්වාස කරනවා. බොහෝ රූපලාවන්ය ශිල්පීන් පවා මෙය විශ්වාස කරනවා. විවිධ රසායන ද්රව්ය භාවිතා කිරීම මෙයට හේතුව ලෙස ඔවුන් දක්වනවා. නමුත් මෙහි කිසිදු සත්යතාවයක් නැහැ. විශේෂඥයින් පවසන ආකාරයට ඔසප් දිනවලදීත් ඔබට සුපුරුදු පරිදි ඔබේ රූපලාවන්ය කටයුතුවල නිරත වෙන්න පුළුවන්.

අධික වේදනාවට ඖෂධ ගැනීම හොඳ නෑ?

සෑම කාන්තාවකට ම ඔසප් දිනවලදී යතරමක වේදනාවක් වේදනාවක් දැනෙනවා. ඇතැම් කාන්තාවන්ට සාමාන්ය වේදනාවක් දැනුනත් ඇතැමුන් මෙම කාලයේදී අධික වේදනාවෙන් පීඩා විඳිනවා. වමනය, කරකැවිල්ල, උදරයේ අධික වේදනාව ඇතුළු ආර්තවීය ආබාධ නිසා ඇතැමුන් මේ කාලයේදී දැඩි අපහසුතාවයට පත් වනවා. නමුත් වේදනාව කෙතරම් අධික වුවත් ඒ සඳහා ඖෂධ ගැනීමෙන් ඔසප් චක්රය ට බලපෑම් වන බවට ඇති විශ්වාසය නිසා බොහෝ කාන්තාවන් මෙහිදී වෛද්ය උපදෙස් ගැනීමෙන් වැළකී සිටිනවා. නමුත් මෙහි කිසිදු සත්යතාවයක් නැහැ. ඔබත් ඔසප් දිනවල අධික වේදනා විඳිනවා නම් ඉක්මනින් ම වෛද්ය උපදෙස් ලබා ගන්න.

ඔසප් කාලය තුළ ගැබ් ගැනීම් සිදු නොවේ?

මෙය ඔසප් චක්රය හා බැඳි ප්රධාන මිථ්යා මතයකි. ඔසප් කාලයේදී ගැබ් ගැනීමේ සම්භාවිතාව අනෙක් දිනවලට වඩා අවම ය. කාන්තාවකගේ සරු කාලය වන්නෙ ඔසප් වීමෙන් දින 12-16 ත් අතර කාලයයි. ඒත් ඇතැම් කාන්තාවන්ගේ ඔසප් චක්රය දින 21 හෝ 28 ලෙස අක්රමවත් විය හැකියි. එමෙන් ම ශරීරය තුළ ශුක්රාණු දින 5-7ත් අතර කාලයක් සජීවීව පවතී. මේ නිසා අනාරක්ෂිත ලිංගික හැසිරීම් හේතුවෙන් ඔසප් කාලය තුළදී වුවද කාන්තාවක් ගැබ් ගැනීමේ හැකියාවක් ඇත.

ඖෂධ භාවිතයෙන් ඔසප් වීම ප්රමාද කිරීම නුසුදුසුයි?

විවිධ හේතුන් නිසා කාන්තාවන්ට ඔසප් වීම ප්රමාද කිරීමට අවශ්ය විය හැකියි. එහෙත් ඖෂධ භාවිතයෙන් ඔසප් වීම ප්රමාද කිරීම නිසා ඔසප් වීම අක්රමවත් වන බව බොහෝ දෙනා විශ්වාස කරනවා. නමුත් මෙය සියයට සියයක් සත්යය නොවේ. ඔබට ඔසප් වීම සම්බන්ධව කිසිදු ගැටළුවක් නැතිනම් වෛද්ය උපදෙස් අනුව ඔසප් වීම ප්රමද කිරීමට ඖෂධ ලබා ගැනීමෙන් ඔබේ සෞඛ්යයට කිසිදු හානියක් වන්නේ නැහැ.

ඔබත් මෙවැනි මිථ්යා විශ්වාසයන් නිසා ඔසප් කාලයේදී පීඩා විඳි අයෙක් නම් නැවතත් එලෙස බිය වීමේ කිසිදු අවශ්යතාවයක් නැහැ.

Share Now

Related Article