වෙනදාට වඩා පස් වතාවක් වත් හොඳින් අත සෝදමු

Feb 3, 2020

ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ( Health Promotion Bureau) මගින් දැනුමත් කරන විදිහට මේ දිනවල ලංකාවේ හැමෝම වෙනදට වඩා වැඩියෙන් අත හේදීම සිදු කළ යුතු වෙනවා. ඒ නිසා නිසි ලෙස අත හෝදන පිළිවෙල සහ එහි වැදගත්කම ගැන ඔබට කියල දෙන්න අද Goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා.

Continue Reading Below

අත් සේදීම මගින් ශ්වසන රෝග බෝවීම වලකින්නේ කෙසේද?

මෙවැනි රෝග බහුලව පැතිර යන ක්‍රමයක් වන්නේ, රෝගියෙකුගේ කැස්සෙන්, කිවිසීමන් හෝ මොන යම් ක්‍රමයකින් පිටවන කෙළ / සෙම බිඳිති, නිරෝගී පුද්ගලයෙකුට ශරීරගත වීමෙනි.පොදු ස්ථාන වල දොරවල්,අත් වැට, අසුන් වැනි දේ මත මෙම වෛරසය රඳා පැවතීමට බොහෝ ඉඩ කඩ ඇත.

ඔබ දන්නවාද ?

පුද්ගලයෙක් දිනකට සාමාන්‍යයෙන් කිහිපවතාවක්වත් තමාගේ මුහුණ සහ නාසය වරින් වර ඇල්ලීම සිදු කරයි.ඉහත සඳහන් පෘෂ්ඨයක් අල්ලා එම දෑත් වලින් තම මුහුණ හෝ නාසය ඇල්ලීමේදී එම විෂබීජ ශරීරයට ඇතුළු වීමට ඇති ඉඩකඩ බොහෝය.

Dettol Anti – Bacterial Original Liquid Hand Wash – “දිගු පරාසයක විෂබීජ වලින් ආරක්ෂාව ලබා දේ” ( Pack shot is attached)

Everyday protection from illness causing germs

p-H – balanced liquid hand wash

Original Pine Fragrance Hand Wash

Anti – Bacterial

එම නිසා…………………

  • වෙනදාට වඩා පස් වතාවක්වත් වෛද්‍ය වරුන් විසින් නිර්දේශ කරන Dettol Hand Wash හෝ සබන් යොදා අත් සෝදමු.
  • රැකියා කරන ස්ථානවල Dettol Hand Wash හෝ සබන් යොදා හොඳින් අත් සේදීමට පහසුකම් සකසා ගනිමු. නැතිනම් අත් පිරිසිදු කරගැනීම සඳහා විෂබීජ නාශක දියර (Hand sanitizers/ Alcohol rub) සපයා ගනිමු.
  • පාසැල් යන ඔබේ දරුවා පාසැල් කාලය තුළදී තුන් වතාවක්වත් Dettol Hand Wash හෝ සබන් යොදා අත් සේදීමට යොමු කරන්න.
  • පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී විටින් විට තම මුහුණ සහ නාසය ඇල්ලීමෙන් වලකින්න. එවැනි පොදු ස්ථානයක ගැවසීමෙන් හෝ පොදු ප්‍රවාහන සේවය භාවිතයෙන් පසු හැකි ඉක්මනින් Dettol Hand Wash හෝ සබන් යොදා අත් සේදීමට යොමුවන්න.
  • ඔබගේ වෙළඳසැල් වල පාරිභෝගිකයින් සඳහා අත් සේදීමට ස්ථානයක් හෝ විෂබීජ නාශක දියරයක් (Hand sanitizers/ Alcohol rub) ලබා දීමට වග බලා ගන්න.
  • වසංගත රෝග පැතිරී යන කාලයක් නිසා අතට අත දීම සහ වැළඳ ගැනීම හැකිතාක් අවම කරමු.
Dettol hand Wash යොදා හරි විදිහට අත හෝදන්නේ මෙහෙමයි

හරි විදිහට අත හෝදන පියවරවල් 6 ක් තියනවා. බාගෙට අත හේදුවට අවශ්‍ය ප්‍රතිපල ලැබෙන්නේ නැහැ. එම නිසා වෙලාව අරගෙන මේ විදිහට අත හෝදන්න. පාසල් යන ඔබේ පොඩ්ඩට මේක ගෙදරදී කියා දෙන්න. පුහුණු කරවන්න.

පලවෙනියටම ඔබේ අත්දෙක ජලයෙන් තෙමල Dettol Hand Wash ආලේප කරන්න ඕනේ.

1) ඔබේ අත්ල එකින් එක අතුල්ලන්න.

2) ඔබේ අත්ල සහ ඇඟිලි අතර හොඳින් අතුල්ලන්න.

3) ඇඟිලි සහ මහපට ඇඟිලි දෙක තෙරපමින් හොඳින් පෙන නගින තුරු අතුල්ලන්න.

4) අත්ලෙන් නියපොතු හොඳින් පිරිසිඳු වෙන්න අතුල්ලන්න.

5) මහපට ඇඟිලි අත්ලෙන් අතුල්ලන්න.

6) අත්ල ඇඟිලි වලින් අතුල්ලන්න.

ඉන් පසුව ටිෂු එකකින් ඔබේ අතේ තෙත මාත්තු කර ගන්න.

Share Now

Related Article