සැමියා සමග ඔබේ ලිංගික අවශ්යතා පිළිබඳ අදහස් හුවමාරු කරගන්නේ කොහොමද?

Jul 8, 2020

ලිංගිකත්වය, ලිංගික අවශ්යතා පිළිබඳ තමන්ගේ සහකරුවා සමග හෝ විවෘතව කතා කිරීමට අපි තරමක් මැලි වෙනවා. ඒත් සිය ලිංගික අවශ්යතා පිළිබඳ සැමියා සහ බිරිඳ අතර මනා අවබෝධයක් තිබීම පවුල් ජීවිතය සාර්ථක වීමට අත්යවශ්ය ම කරුණක්. ඒ නිසාම ඔබේ ලිංගික ඕනෑ එපාකම් පිළිබඳ ඔබේ සහකරු සමග කතා බහ කිරීම පහසු කරගැනීමට ඔබට වැදගත් වන කරුණු කිහිපයක් තමයි අද අපි ඉදිරිපත් කරන්නේ.

Continue Reading Below

ලිංගිකත්වය යනු කුමක්දැයි නිවැරදිව අවබෝධ කරගන්න.

ලිංගිකත්වය නැතිනම් සෙක්ස් යනු කුමක්දැයි ඔබ දෙදෙනාම හොඳින් අවබෝධ කරගෙන තිබිය යුතුයි. බොහෝ දෙනෙකු සිතන්නේ සෙක්ස් කියන්නෙ ලිංගික සංසර්ගය ම පමණක් බවයි. නමුත් එය වැරදි මතයකි.සෙක්ස් කියන්නේ යම් නිශ්චිත ක්රියාවලියකට හෝ දෙකකට සීමාවූවක් නොවේ. සෙක්ස් කියන්නේ කතා බහ, සිපගැනීම්, ස්පර්ශයන් ආදී ඔබට වින්දනයක් ගෙන දෙන සියල්ල මයි. එනිසා මෙය අවබෝධ කරගෙන ඔබේ අවශ්යතා පිළිබඳ ඔබේ සහකරු සමග විවෘතව කතා කරන්න.

සංවාදය ආරම්භ කරන්න මේ ලිපිය ම භාවිතා කරන්න

සිය ලිංගික අවශ්යතා පිළිබඳ කතා කිරීම සඳහා සංවාදය අරම්භ කරන්නේ කෙසේදැයි යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක්. ඉතින් ඔබට පුළුවන් ඔබේ සංවාදය ආරම්භ කිරීමට මේ ලිපිය ම හේතුවක් කරගන්න. මෙ ලිපිය ඔහුටත් පෙන්වා ඔබටත් ඔබේ ලිංගික ඕනෑ එපාකම් ගැන කතා කළ යුතු බවත් ඔහුගේ ලිංගික ඕනෑ එපාකම් දැනගැනීමට අවශ්ය බවත් පවසන්න. එයින් ඔබට ඔබේ සංවාදයට මුලපිරිය හැකියි.

සුදුසු ම වෙලාව තෝරා ගන්න

මේ පිළිබඳ සාකච්ඡා කිරීමේදී කිසිදු විටෙක කාර්යබහුල වෙලාවක් තෝරා ගැනීමෙන් වළකින්න. ඔබ දෙදෙනාම විවේකීව සිටින මනස සැහැල්ලුවෙන් සිටින වෙලාවක් මේ සඳහා තෝරා ගන්න. එවිට ඔබ දෙදෙනාට මනා අවබෝධයක් ඇතිව සාකච්ඡා කළ හැකිය. සංවාදය ආරම්භයේදී ම දෙදෙනාගෙන් කිසිවකුට හෝ කේන්තියක් හෝ අපහසුතාවයක් ඇති වුවහොත් එම අවස්ථාවේ සාකච්ඡාව නවතා වෙනත් වෙලාවක් තෝරා ගන්න.

සංවාදයට සුදුසු පරිසරයක් සකස් කරගන්න.

ලිංගිකත්වය යනු අතිශය පෞද්ගලික කාරණයකි. එනිසා ඔබ දෙදෙනා හුදෙකලා අවස්තාවක පමණක් මේ පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. ඒ වගේම මේ අවස්තාවේදී ඔබේ පරිසරයත් ඊට සුදුසු ලෙස සකස් කරගතහොත් ඔබේ සාකච්ඡාව තවදුරටත් සාර්ථක වේවි. රාත්රී ආහාර ගන්නා විට ඔබ දෙදෙනා පමණක් ඉන්නා විටෙක කෑම මේසය මත සුවඳවත් ඉටිපන්දම් දෙකක් දල්වන්න. එයින් ඔබේ මනස සැහැල්ලු කරාවි. මෙවැනි ඔබ කැමති උපක්රම භාවිතා කර ඔබේ කතා බහට සුදුසු පරිසරයක් ගොඩනගා ගන්න.

ඔහු පවසන දේට උනන්දුවෙන් සවන් දෙන්න

ඔබේ අදහස් පැවසීමට ම පමණක් නොව ඔහුගේ අදහස් දැනගැනීමටත් මෙය අවස්තාවක් කර ගන්න. යම් හෙයකින් ඔහු ඔබ අකමැති යමක් පැවසුවහොත් එය එවෙලේ ම පවසන්න. ඔබේ කතා බහ දිගින් දිගට ම ඇදී යන්නේ නම් විරාමයක් ගෙන මද වෙලාවකින් හෝ පසු දිනෙක නැවත කතා බහ ආරම්භ කරන්න.

සංවාදය ඔව්/නැහැ/බැහැ තරඟයක් කරගන්න එපා

“අපි ලිංගිකව හැසිරෙන වාර ගණන ඔබට ප්රමාණවත්ද?” යනුවෙන් ඔව්/නැහැ ලෙස පිළිතුරු ලැබෙන ප්රශ්න ඇසීමෙන් වළකින්න. ඒ වෙනුවට “අපි ලිංගිකව හැසිරෙන වාර ගණන ගැන ඔයා මොකද හිතන්නේ?” යනුවෙන් දිගු පිළිතුරක් ලබා දිය හැකි ප්රශ්න යොමු කරන්න.

ඔබේ හැඟීම් සහ අවශ්යතා ඔහුට පවසන්න

ඔබේ ලිංගික අවශ්යතා සහ හැඟීම් පිළිබඳ ලැජ්ජාවට හෝ කේන්තියට පත් නොවී ඒ පිළිබඳ ඔහුට පැහැදිලිව පවසන්න. ඔබේ අදහස් පැවසීම ලැජ්ජාවට කරුණක් නොවේ.

සංවාදය එක් වතාවකට පමණක් සීමා නොකරන්න

ජීවිතයේ එක් එක් අවධිවලදී ලිංගික අවශ්යතාවන් වෙනස් වේ.එනිසා එක් වරක් පමණක් මේ පිළිබඳ කතා කිරීමෙන් ඵලක් නොවිය හැකියි.එක් වරක් මේ පිළිබඳ සාකච්ඡා කළ නිසා නැවත මේ පිළිබඳ සාකච්ඡා කිරීම නුසුදුසු යැයි සිතන්න එපා. ඔබේ ලිංගික ජීවිතය පිළිබඳ සාකච්ඡා කිරීම පුරුද්දක් කරගන්න. කාලෙන් කාලෙට වෙනස් වන ඔබ දෙදෙනාගේ අවශ්යතාවයන් පිළිබඳ වටහා ගන්න. එවිට සාර්ථක ලිංගික සබඳතාවයක් පවත්වා ගත හැකියි.

Share Now

Related Article