බබෙක් ලැබෙන්න කියල මුලින්ම හොයාගන්නේ මෙහෙමයි….

Nov 10, 2016

ඔයත් සැකෙන්ද ඉන්නේ බබෙක් ලබෙන්නද කියල? බබෙක් ලැබෙන්න ඉද්දි තහවුරු කරගන්න තියන හොඳම ක්‍රමය තමයි HCG පරීක්ෂාව. ගෙදරම කරන්නත් පුලුවන්. තවම මුත්‍රා පරීක්ෂාව positive නැතත් ඇතැම් ශාරීරික ලක්ෂණ තිබෙනවා ඔබට දැනෙන.
හැබැයි හැම කාන්තාවකටම මුල් ගර්භනී කාලේදී ශාරීරික ලක්ෂණ මතු වෙන්නේ නැහැ. නමුත් බහුතරයක් කායික වෙනස්කම් අත්විඳිනවා.

Continue Reading Below

1) සුලු රුධිර වහනයක්

ඩිම්බය සංසේචනය වීමෙන් දින හයත් දොළහත් අතර කාලයේදී ගර්භාෂ බිත්තියේ තැම්පත් වීමට වෙනවා. මෙම තැම්පත් වීමත් සමගම සුලු රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. ( Implantation Bleeding) මේ අතරම යටිබඩේ මාංශ පේශි මාස් ශුද්ධියේදී වගේම සංකෝචනය වෙන්නත් පුලුවන්.
රුධිර වහනය හැර ඔබට දැනේවි සුදු දියරයක් ඔබේ යෝනි මාර්ගයෙන් පිටතට එන බව. මෙය සිදු වන්නේ යෝනියේ මාංශ පේශි ශෙල වර්ධනය වීම ඉක්මන් වෙද්දී ඔබේ යෝනි ශ්‍රාවයන් වැඩි වීමෙන්. මුළු ගර්භනී කාලය පුරාම මෙය ස්වභාවික උනත් එහි කිසියම් ගඳක් හෝ කැසීමක් ඇත්නම් වහාම වෛද්‍ය වරයෙක් හමු විය යුතුයි.


2) පියයුරු වල වෙනස්කම්

සංසේචනයෙන් පසු කාන්තාවගේ හෝර්මෝන මට්ටම ඉක්මනින් වෙනස් වෙනවා. මේ සමග සිදුවන පියයුරු වල වෙනස්කම් කියන්නේ ඉතාම කලින් ඇතිවන ලක්ෂණයක්. ඔබේ පියයුරු ප්‍රමාණයෙන් විශාල වෙනවා, බර ගතියක් ඔබට දැනේවි. අල්ලන විට වේදනාකාරී වේවි. පියයුරු තුඩු අවට වඩාත් කලු පැහැ වේවි. මතක තබා ගන්න මේ හෝර්මෝන වෙනස් වීමට හුරු වෙන්න සති කීපයක් යනවා. එවිට පියයුරු වේදනාව ඉබේම අඩු වේවි.


3) දැඩි වෙහෙස

ඉතා තද වෙහෙසක් දැනීම කියන්නේ ගර්භනී මවකට ඉතාම සාමන්‍ය අත්දැකීමක්. සංසේචනයෙන් සතියක කාලයේ ඉඳන්ම දැඩි වෙහෙස දැනෙන්න පටන් ගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? Progesterone හෝර්මෝනය නිෂ්පාදනය වැඩි වීම, රුධිරයේ සීනි මට්ටම අඩු වීම , රුධිර පීඩනය අඩු වීම සහ රුධිරය නිෂ්පාදනය වැඩි වීම මෙයට හේතු වෙන්න පුලුවන්.
මේ අවස්ථාවේදී ඔබ හොඳින් විවේක ගන්න. ප්‍රෝටීන් සහ යකඩ බහුල ආහාර ගැනීමෙන් මෙම තත්වය මග හරවා ගන්න පුලුවන්.


4) උදෑසන වමනේ යාම

හැම ගර්භනී මාතාවකට වගේම සුලභව මුහුණ දෙන්න සිද්ධ වෙන තත්වයක්. බොහෝ වෙලාවට උදෑසන සිදු උනත් දවසේ ඕනෑම මොහොතක සිදු විය හැකියි.
ඔබ ප්‍රිය කරන සමහර ආහාර අප්‍රිය විය හැකියි. මෙය සිදු වෙන්නේ හෝර්මෝන බලපෑම නිසයි. වාසනාවට බොහෝ කාන්තාවන්ට මේ ලක්ෂණ සති දොළහෙන් පමණ නැති වෙලා යනවා.


5) මළ බද්ධය

ඔබ පිටින් සාමාන්‍ය වුනාට ඔබේ ශරීරය ඇතුලත අලුත් ජීවිතයක් හදන්න ලොකු වෙහෙසක් දරමින් ඉන්න අවස්ථාවක්. ශරීරයේ ජලය උරා ගැනීම හා පරිභෝජනය සීග්‍රයෙන් වැඩි වෙනවා. මළ බද්ධය ඇති වෙන්න හේතුව මේකයි. වැඩිපුර ජලය පානය කිරීම තමයි හොඳම විසඳුම.

ඔබත් ගර්භනී තත්වයට පත් වී ඇතැයි සැකයක් ඇත්නම් වහාම ඔබේ පවුල් සෞක්‍ය නිලධාරියා හෝ වෛද්‍ය වරයා හමු වන්න. සුදුසු උපදෙස් ඔවුන් විසින් ලබා දෙනු ඇති.

Share Now

Related Article