ඔසප් වීම ඔබේ ලිංගික ආශාවන් අඩු වැඩි කිරීමට බලපාන්නේ කොහොමද?

Jun 18, 2020

ඔසප් වීම යනු සෑම කාන්තාවකට ම පොදු වූ ක්රියාවලියකි. ඇතැමෙකුට මෙය තරමක අමිහිරි අත්දැකීමක් විය හැකියි. ඔසප් වීම හා ලිංගිකත්වය අතර සෘජු සම්බන්ධයක් පවතී. මෙහිදී විවිධ හෝර්මෝන ක්රියාකාරීත්වය ඔබේ ශරීරය මෙන්ම ලිංගික හැඟීම් ද වෙනස් කිරීමට හේතු වේ. ඒ අනුව මෙම කාලය අවධි 04ට බෙදා දක්වා ඇත. එම අවධීන් පිළිබඳ මෙන් ම සිරුරේ හෝර්මෝන ක්රියාකාරීත්වය සහ එය ඔබේ ලිංගික ආශාව ට බලපාන ආකාරය පිළිබඳ ඔබට මෙම ලිපියෙන් දනුවත් වෙන්න පුළුවන්.

Continue Reading Below

ඔසප් ක්රියාවලිය හා ලිංගිකත්වය ට බලපාන හෝර්මෝන

Luteinizing Hormone(LH)- මෙම හෝර්මෝනය මගින් ඩිම්බකෝෂ හරහා ඩිම්බයක් නිකුත් කිරීමට ක්රියා කරයි.( ovulation)

Follicular Stimulating Hormone (FSH)- මෙම හෝර්මෝනය මගින් ඔසප් අවධියේදි ඩිම්බකෝෂ තුළ ඩිම්බයක් සකස් වීමට අවශ්ය බව දැනුම් දෙයි.

Testosterone Hormone- මෙම හෝර්මෝනය මගින් ඩිම්බය සංසේචනය නොවූ අවස්ථාවේදී ඒ බව දැනුම් දී ඔසප් වීම සිදු කරවයි.

Estrogen- මෙම හෝර්මෝනය මගින් ගර්භාෂ බිත්තිය ඝන වීමට ලක් කරයි.

Testosterone- සාමාන්යයෙන් මෙය පුරුෂ හෝර්මෝනයක් සේ සැළකේ. එහෙත් කාන්තාවකගේ ඩිම්බකෝෂ තුළ ද මෙම හෝර්මෝනය නිපදවේ. මෙමගින් ඔබගේ ලිංගික ආශාවන් වැඩි කරන අතර සිරුරේ ශක්තිය වර්ධනයට ද උපකාරී වේ.

Pheromones- මේ මගින් ලිංගික සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබ ට දැනුම් දෙයි.

ඔසප් චක්රය හා බැඳි අවධීන්

Menstrual Phase (ඔසප් අවධිය) :

LH, ප්රොජෙස්ටරෝන්, ඊස්ට්රොජෙන් සහ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන මෙම අවධියේදී පහළ මට්ටමක පවතින අතර FSH වැඩි වීම ආරම්භ වී සිරුර තවත් ඔසප් චක්රයකට සූදානම් කරවයි.

මෙම අවධියේදී පුද්ගල ක්රියාකාරීත්වය දෙයාකාරයකින් සිදු විය හැක. ඇතැමුන් ට ලිංගික ආශාව අතිශය වැඩි වන අතර ඇතැමෙකුට ඒ පිළිබඳ කිසිදු ආශාවක් ඇති නොවිය හැකියි.

Follicular Phase

මෙම අවධියේදී ඊස්ට්රොජෙන් සහ ටෙස්ටොස්ටෙරෝන් ඉහළ නගියි. එනිසා ඔබට ශක්තිමත් බවක්, ආත්ම විශ්වාසයක් ඇති වන අතර ලිංගික ආශාව ද වැඩි වේ.

Ovulatory Phase

ඩිම්බ පිට වීමට (ovulation) පෙර ඔබේ සිරුරේ ඊස්ටොජෙන් මට්ටම ඉහළම මට්ටමකට පත් වන අතර LH සහ FSH ද වැඩි වේ. ඩිම්බ පිටවීමෙන් පසු මේවා ක්රමයෙන් පහළ බසී.

ඩිම්බ පිට වන මෙම අවධියේදී ඔබේ ලිංගික ආශාව තවත් වර්ධනය විය හැක. ස්වයං වින්දනයේ යෙදීම වැනි ලිංගික ක්රියාකාරකම්වල ට මේ කාලයේදී ඔබ වැඩි වශයෙන් යොමු විය හැක. එමෙන් ම යෝනි මාර්ගයේ ස්රාවයන් ද මෙම කාලයේදී වැඩි විය හැකි අතර ඔබේ ආශාවන් තවදුරටත් වැඩි කිරීමට මෙය හේතු වේ.

Luteal Phase

මෙම අවධියේදී ප්රොජෙස්ටරෝන් මට්ටම ඉහළ නගින අතර ඉහළම මට්ටමට පත් වීමෙන් පසු ඔබ ගැබ් ගැනීමක් සිදු නොවුනහොත් එය පහළ මට්ටමට පත් වේ. නැවතත් ඔසප් වීම ආරම්භයට පෙර ඊස්ට්රොජෙන් හෝර්මෝනය තරමක් වැඩි වී රුධිරය පිටවීමට දින කිහිපයකට පෙර අඩු මට්ටමකට පත් වේ. LH සහ FSH මට්ටම මේ අවධියේදී ක්රමානුකූලව අඩු වෙමින් පවතී.

මේ අවධියේදී ඔබට යම් යම් අපහසුතා ඇති විය හැකියි. ඔබේ ශක්තිය, ඔබේ හැඟීම්, මනෝභාවයන් වෙනස් වීම මේ අවධියේදී සිදු විය හැකියි. ප්රොජෙස්ටරෝන් මගින් මනෝභාවයන් වෙනස් කිරීමටත් ඔබව කනස්සලුභාවයට පත් කිරීමටත් ක්රියා කරයි. එනිසා මේ අවධියේදීඔබට යම් මානසික ආතතීන් ඇති විය හැකියි.

ඔබේ සිරුරේ මෙන්ම මනසේත් සිදුවන මේ වෙනස්කම් පිළිබඳ අවබෝධ කරගැනීමට ඔබේ ඔසප් දින නිවැරදිව දැන ගැනීම ඔබට වාසියක් වේවි. එවිට ඔබට ඔබේ මනසික ස්වභාවය වඩාත් හොඳි අවබෝධ කරගත හැකි වේවි.

Share Now

Related Article