රුධිරයේ සීනි මට්ටම ඉතා අධික බව කල්තියා හඟවන සංඥා 14ක්

Jun 28, 2016

අපේ ශරීරය හැඩගැහිලා තියෙන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තරය පරිසරය නියතව තියාගන්නයි.මේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම නිරෝගීව ඉන්න සෑහෙන්න වැදගත්. ඉතිං රුධිරයේ සීනි මට්ටම ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටම නියත අගයක ඒ කියන්නේ 70-100 mg/dL වගේ අගයක පවත්වා ගැනීම වැදගත්.

Continue Reading Below

අපේ ඇඟේ සෛලවලටත් ඒවායේ කාර්යයන් කරගෙන යන්ඩ ශක්තිය ඕනෑ කරනවා. මේ ශක්තිය ලබාගන්නේ සෛල ඇතුලේදී ග්ලූකෝස් දහනය කරලයි. ඉතින් සෛලවලට අවශ්‍ය ග්ලූකෝස් සෛල කරා ගෙනියන්නේ රුධිරය හරහා බව ඔබ දන්නවනේ. ඒ නිසා රුධිරයේ හැම තිස්සේම ග්ලූකෝස් තිබිය යුතුයි.හැබැයි මේ ග්ලූකෝස් ඕනෑවට වඩා වැඩි උනොත් ප්‍රශ්න ඇති වෙනවා.

රුධිරයේ සීනි මට්ටම අධික ලෙස ඉහල යනවා කියන්නේ දියවැඩියාවට අත වැනීමක්. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වීම හරිම වැදගත්. පහත දැක්වෙන්නේ එවන් ලක්ෂණ කිහිපයක්. කාලයක සිට ඔබත් මෙවන් ලක්ෂණ අත්විඳ ඇත්නම් වහාම වෛද්‍ය පරීක්ෂාවක් කරගැනීමයි නුවණට හුරු.


  1. මුඛය වියළීම
  2. නිතර ඇතිවන අධික පිපාසාව
  3. උදරයේ ඇතිවන අපහසුතා
  4. ලිංගික සංකූලතා
  5. කැපුම්, සීරීම් හා තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වීම
  6. නිතර දැනෙන කුසගින්න
  7. සම වියළීම
  8. නිතර නිතර, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මුතා කිරීමට අවශ්‍ය වීම
  9. දෙනෙත් බොඳ වීම
  10. ස්නායු දුබලතා
  11. මනසේ ඇතිවන අවිවේකී ස්වභාවය
  12. ශරීරය කෙට්ටු වීම
  13. අධික වෙහෙස හා මහන්සිය
  14. නිතර නිතර ආසාදන ඇතිවීම

රුධිරයේ සීනි මට්ටම ඉහල යාම නිසා ඇතිවිය හැකි දියවදියා රෝගය ගැන අපි ඉදිරි ලිපියකින් වඩාත් සවිස්තරව කතා බහ කරමු.

Tags

NCD Diabetics

Share Now

Related Article