ගර්භනී මාතාවන් කොරෝනා සමයේ පිලිපදින්න ඕනේ නීති 7 ක්

Apr 2, 2020

අපි හැමෝම දන්නවා මේ කාලයේ හැම පුරවැසියාටම Kovid -19 වෛරසයෙන් පරිස්සම් වෙන්න විශේෂ වගකීමක් තිබෙනවා. ඔබ මේ වෙද්දීත් ගැබිණි මාතාවක් නම් ඔබේ වගේම කුසේ ඉන්න රන් පැටියා ගේ ආරක්ෂාවත් ගොඩක් වැදගත්. එම නිසා ඔබට ඇති මෙන්න මේ ගැටළු ටිකට උත්තර අද Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා කතා කරන්න අපි තීරණය කළා.

Continue Reading Below

1) ක්ලිනික් එකට යාම මගහැරීම සුදුසුද?

සාමන්ය තත්වයක් යටතේ නම් අපි කොයිම වෙලාවක වත් ක්ලිනික් යාම මගහරින්න කියන්නේ නැහැ. නමුත් ඔබ විශේෂ රෝග තත්වයක් නැති අම්මෙක් නම් ප්රදේශයේ පවුල් සෞක්ය සේවා නිලධාරි මහත්මියට දුරකතනයෙන් කතා කරලා ඇගේ උපදෙස් වලට අනුව ගෙදර සිටීම වටිනවා. පළාතේ පවුල් සෞක්ය සේවිකා මහත්මියට අනිවාර්යයෙන්ම ඔබේ තත්වය වෙනස් වෙනවා නම් හෝ උපදෙසක් අවැසි නම් කතා කරන්න. හදිස්සි තත්වයකදී පමණක් රෝහල් ගත වෙන්න.

ගැබිණි මවු වරුන්ට ඇමතීම සඳහා රජයෙන් නිකුත් කළ අංකය : 071 0301225

2) හදිස්සියේ එලියට යන්න වුනොත්

මේ වෙලේ රෝහලට වගේ අත්යවශ්ය කටයුත්තකට එලියට යන්න වුනොත් එහෙම ගෙදරින් යද්දී මාස්ක් එකක් පළඳින්න. ගෙදර ඇවිත් එය නිසි ලෙස බැහැර කරන්න. ගෙදර ඇතුලට එන විටම ඇඳුම් සෝදා, ස්නානය කර පිරිසිඳු වෙන්න. අතින් නහය කට ඇල්ලීමෙන් වළකින්න. යන හැම තැනම Hand Sanitizer එකක් අරගෙන යන්න. අතෙහි විෂබීජ හරණය කරන්න.

3) ඔබ නිවසේ කාට හෝ රෝග ලක්ෂණ තිබේ නම්

මේ රෝගයේ රෝග ලක්ෂණ තිබෙනවා නම් නැතහොත් ඔබගේ පවුලේ සාමාජිකයෙක් පිට රට සිට පැමිණියා නම් ඔබ වෙනම කාමරයක ඉන්න. ආහාර ගැනීම වෙනම කරන්න. වෙනම කෝප්ප , පිඟන් , භාජන වැසිකිලි වැනි දේ භාවිතා කරන්න.

4) නිතර ජලය පානය කරන්න

මේ දවස් වල තිබෙන දැඩි උණුසුම එක්ක ගැබිණි මවක් හොදට ජලය පානය කරන්න ඕනේ. ඒ මගින් ඔබේ සිරුරේ ප්රතිශක්තිය වැඩි වෙනවා. ඒ වගේම උණුසුම් ලුණු ජලයෙන් උදේ සවස උගුර සෝදා හරින්න.

5) නිවසේ සිට පුංචි ව්යායාමයක් කරන්න

එකතැන සිටීම ගැබිණි මවකට අපහසුතා ගෙන දෙනවා. එම නිසා නිවසේ සිට හෙමින් ඇවිදීම, මිදුල අතුගෑම වැනි පුංචි සරල ව්යායාම වල යෙදෙන්න.

6) සමබර ආහාර වේලක් ගන්න

ඔබගේ හිතට කරදර කාලයක් තමයි මේක. නමුත් දරුවා ගැන හිතල හරි නිසි ලෙස ආහාර පාන ගැනීම කරන්න.

7) මනස සන්සුන් වන දේවල් කියවන්න, නරඹන්න.

මේ වෙලේ ෆේස් බුක් එකට ආවත් , TV බැලුවත් , සමීපතමයෝ එක්ක කතා කරත් හැමෝම කතා කරන්නේ කොරෝනා ආසාධනය වුන රෝගීන් සංඛ්යාව, මියගිය ගණන වගේම තවත් බය හිතෙන දේවල්. ඒ දේවල් ඔබ බැලුවා කියල සිදුවීම් වල වෙනසක් වන්නේ නැහැ. ඕවා බැලීමෙන් වෙන්නේ ඔබේ මනස නොසන්සුන් වීමයි. ඔබේ මනසේ පවතින පීඩනය කුසේ ඉන්න දරුවට කෙලින්ම බලපානවා. ඒ නිසා ඍනාත්මක දේවල් ගැන නොබලා ඔබ හිත නිවන මියුරු සංගීතයක් අසන්න. ලස්සන කතාවක් බලන්න.

Share Now

Related Article