බර අඩු කරගන්න Green Tea බොන ඔබට වැදගත් කරුණු 4 ක්

Nov 19, 2019

කොළ තේ නැත්නම් Green Tea කියන්නේ ඔබේ සෞක්යයට ගොඩක් වැදගත් පානයක්. වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්රියාවලියට ලක් නොවෙන මේවා විටමින් වර්ග සහ ඛනිජ ලවන වර්ග වලින් පොහොසත්. ඇතැම් පර්යේෂණ මගින් කියවෙනවා ඒවා පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂාව සලසනවා. හැම දේටම වඩා ප්රතිඔක්සිකාරක අඩංගු ඔබේ තරුණකම රැක දෙන Green Tea බර අඩු කරගන්නා උදවිය අතරේ නම් ගොඩක් ජනප්රිය පානයක්. ඉතින් Goodhousekeeping.lk අපි තීරණය කළා කොල තේ බොන ඔබට නිවැරදි ක්රමය ගැන දැනුමත් කිරීමට.

Continue Reading Below

1) උදෑසන හිස්බඩ Green Tea බොන්න එපා.

උදෑසන හිස්බඩ Green Tea පානය කිරීම ඔබේ අක්මාවට නරක ප්රතිපල ගෙන එනවා. Catechins නමැති සංඝටක කොළ තේ වල අඩංගු වෙනවා. එම නිසා අධිකව පානය කිරීම මගින් අක්මාවට හානි සිදු විය හැකියි. Green Tea බොන්න සුදුසුම වේලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ හවස් යාමය.

2) ආහාර වේල් අතර Green Tea පානය කරන්න.

ආහාර වේල් අතර Green Tea පානය කළ හැක. ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් ආහාර වේලකට පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය. ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමග Green Tea ගැනීමෙන් වලකින්න.

මහත අඩු කර ගැනීමට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවන් පවා අධිකව Green Tea බොන ප්රවනතාවයක් තිබෙනවා. සිරුරට නිසි ලෙස යකඩ ලැබීම සාපල්ය වයසේ කාන්තාවකට ගොඩක් වැදගත් නිසා ඒ ගැන දෙවරක් හිතන්න.

3) ව්‍යායාම කිරීමට පෙර Green Tea පානය කරන්න.

ඔබේ සිරුරේ මේද දහනය කිරීම ශීග්ර කිරීමේ හැකියාවක් Green Tea වල ඇති caffeine වල තිබේ. ශක්තිය වැඩි කිරීම් මගින් වැඩි වෙලාවක් ව්යායාම වල නිරත වීමටද හැකියාවක් ලැබේ.

4)නින්දට පැය දෙකකට පමණ පෙර.

මෙහි ඇති Caffeine ඔබේ නින්දට බාධා කළ හැකි සංඝටකයක් නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නම් නොවෙයි. එහි අඩංගු ඇමයිනෝ අම්ල සහ L-Theanine යන සංඝටක ඔබව අවධියෙන් තියන්න සමත් වෙනවා. රාත්රියේ නම් බොන්න සුදුසු නින්දට පැය දෙකකට වගේ පෙරයි මොකද එවිට මන්දගාමී පරිවුර්තීය ක්රියා වේගවත් කරන්න Green Tea වලට හැකි වෙනවා.

Share Now

Related Article