ආවේගයන් සිතේ සිරකරගෙන සිටීම සෞඛ්යයට අහිතකර බව ඔබ දැන සිටියාද?

Aug 19, 2020

අපගේ සිතුවිලි, හැඟීම්, ආවේගයන් පාලනය කර ගැනීම විටෙක අපහසු විය හැකියි. මෙම ආවේගයන් පාලනය කර නොගැනීම නිසා අපගේ අන්තර්පුද්ගල සබඳතා පවා බිඳ වැටිය හැකියි. එනිසා බොහෝ විට පාලනය කර ගත නොහැකි ආවේගයක් සිතට දැණුනු විට නිශ්ශබ්දව, සන්සුන්ව සිටීමට අප උත්සහ කරන්වා. එහෙත් ඇතැම් අවස්ථාවල නිශ්ශබ්දව නොසිට අපගේ හැඟීම් පැවසීම වඩා සාර්ථක වේ. අප පීඩා විඳින සියල්ල ප්රකාශ කිරීම තුළින් අපට සහනයක් ලබා ගත හැකි වේ.

Continue Reading Below

ආවේගයන් සිතේ සිරකරගෙන සිටීම සෞඛ්යයට අහිතකර බව ඔබ දැන සිටියාද?

අපගේ සිතුවිලි, හැඟීම්, ආවේගයන් පාලනය කර ගැනීම විටෙක අපහසු විය හැකියි. මෙම ආවේගයන් පාලනය කර නොගැනීම නිසා අපගේ අන්තර්පුද්ගල සබඳතා පවා බිඳ වැටිය හැකියි. එනිසා බොහෝ විට පාලනය කර ගත නොහැකි ආවේගයක් සිතට දැණුනු විට නිශ්ශබ්දව, සන්සුන්ව සිටීමට අප උත්සහ කරන්වා. එහෙත් ඇතැම් අවස්ථාවල නිශ්ශබ්දව නොසිට අපගේ හැඟීම් පැවසීම වඩා සාර්ථක වේ. අප පීඩා විඳින සියල්ල ප්රකාශ කිරීම තුළින් අපට සහනයක් ලබා ගත හැකි වේ.

ඉබේම නිශ්ශබ්ද වෙනවද?

තමන්ගේ සැබෑ හැඟීම් ප්රකාශ කිරීමට බිය වන අවස්ථාවලදී පුද්ගලයා නිරායාසයෙන් ම නිෂ්ශබ්ද වේ.මෙහිදී ඔවුන්ගේ හැඟීම් නිසා සිය සමීපතමයන් හා පවතින සම්බන්ධතා බිඳ වැටේ යැයි ඔවුන් බියක් දක්වයි. තවත් ගැටුමකට, මතභේදයකට යාමට ඇති බිය නිසා ඔවුන් මෙලෙස නිෂ්ශබ්දතාවය තෝරා ගනී.

උතුරු ඇමෙරිකාවේ NAMS සංගමය (North American Menopause Society) මගින් ආර්තවහරණයට ආසන්නව සිටි විවාහක කාන්තාවන් 304 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳ සමීක්ෂණයක් කරන ලදී. ඔවුන්ට අනුව මෙලෙස තමන්ට පෙර අන් අය පිළිබඳ සිතා, සබඳතාවයකට හානි වේ යැයි සිතා සිය හැඟීම් ප්රකාශ නොකර සිටි කාන්තාවන් මළබද්ධය, කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම, මානසික ආතතියට ලක් වීම, අධික තරබාරුවට පත් වීම වැනි සෞඛ්ය ගැටලුවලට මුහුණ දී ඇත.

කෑගහුවොත් මානසික ආතතිය අඩුයි

පර්යේෂකයන් විසින් මෙම කාන්තාවන් ට කෝපය හා ප්රීතිය ඇති වූ අවස්ථා ගණන මනින ලදී. ඇතැම් අවස්ථා වලදී කාන්තාවන් උස් හඬින් කතා කොට සිය හැඟීම් ප්රකාශ කරන ලදී. පර්යේශකයන් පසවනුයේ නිශ්ෂබ්දව නොසිට වැඩි වාර ගණනක් සිය හැඟීම් ප්රකාශ කළ කාන්තාවන් අනෙක් කාන්තාවන්ට වඩා යහපත් සෞඛ්යයකින් යුතු වූ බවයි. මානසික පීඩනයෙන් මිදීම නිසා ඔවුන් අනෙක් කාන්තාවන්ට වඩා යහපත් මානසික මට්ටමක් ද ලබා ගෙන ඇත.

ඔබේ හැඟීම් දැනීම් සඟවා සිටීමෙන් සෞඛ්ය ගැටලු මතු විය හැක ඔබ ඉතා සන්සුන්, කේන්ති නොගන්නා අයෙකු යයි මවා පෑවද එය සත්යය නොවේ. දිගින් දිගට මෙලෙස සිය හැඟීම් සිරකරගෙන සිටීම ආයු කාලය අඩු වීමට හේතුවක් වන බව පර්යේෂකයින් පවසයි. මෙලෙස සිය ආවේගයන් සඟවා සිටීම ආයු කාලය අඩු වීමට හේතු වන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා. මෙම අවස්ථාවලදී රුධිර පීඩනය වැඩි වීමත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමත් නිසා තවත් විවිධ සෞඛ්ය ගැටළු මතු විය හැකියි.

ඔබේ සබඳතා පළුදු නොවන ලෙස ඔබේ අදහස් ප්රකාශ කරන්න

ඉඳ හිට හෝ හඬ නගා කෑ ගසා අපගේ ආවේගයන් පිට කිරීමෙන් අපට මහත් සහනයක් දැනෙනු ඇත. දීර්ඝ කාලයක් සිය ආවේග සිතේ සිරකරගෙන සිටීමෙන් එම පුද්ගලයා තුළ සෘණාත්මක ආකල්ප වැඩි වන බවද සොයාගෙන ඇත. එනිසා අනෙක් පුද්ගලයන් සමග ඇති සබඳතාවයට හානි වේ යැයි සිතා හෝ තම ප්රතිරූපයට හානි සිදු වේ යැයි සිතා සිය ආවේගයන් සිර කරගෙන සිටීම සුදුසු නැත.

මින් ඉදිරියට එවන් අවස්තාවල තම අදහස් ප්රකාශ කිරීමට කටයුතු කරන්න. යම් හෙයකින් ඔබේ වදන් නිසා යමෙක් අමනාපයට පත් වුවහොත් පසුව සමාව අයැදීමෙන් ඔබේ සම්බන්ධතා පළුදු නොවී පවත්වා ගැනීමටත් ඔබට පුළුවන්.

Share Now

Related Article