ගැබිණි සමයේ ඔබේ ආහාර රටාවේ සිදු විය යුතු වෙනස්කම්

Jul 2, 2019

දරුවෙක් බඩේ ඉන්න නිසා අම්මා දෙන්නෙක්ට හරියන්න කන්න ඕනේ.” ඔබ මේ කතාව අහලා තියෙනවා ඇති. හැබැයි මේ මතය මිත්‍යාවක්. ගැබිණි මවක් කල යුත්තේ වැඩිපුර ආහාර ගැනීම නොව, වෙනදාට සාපේක්ෂව පෝෂ්‍ය ගුණයෙන් ඉහල ආහාර වර්ග ලබා ගැනීමයි. කුසේ සිටින දරුවාගේ වැඩීම තීරණය වන්නේ මවට ලැබෙන පෝෂණයට අනුවය. ඉතින් අද අපි තීරණය කළා මේ ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.

Continue Reading Below

මුල් සති 3 ඇතුලත

මේ කාලයේදී ලබා ගන්නා පෝෂණය පිළිබඳව මවක් ඉතා සැලකිලිමත් විය යුතුයි. මුල් සති තුන තුල ෆෝලික් අම්ලය වැඩිපුර අඩංගු වන ආහාර ලබා ගැනීම වැදගත් වෙනවා. මෙය දරුවාගේ වර්ධනයට ඉවහල් වෙනවා. ඒ වගේම කොළ පැහැති එළවලු/ කොළ වර්ග ලබා ගැනීමත් වැදගත්. ඒවායේ අඩංගු ඉහල මැග්නීසියම් ප්‍රතිශතය නිසා ගැබිනි මව්වරුන්ට සාමාන්‍යයෙන් දැනෙන උදෑසන අපහසුතා මඟ හැරී යනවා.

සති 4- 12 ඇතුලත

ගැබට මාස 6ක් පමණ වන විට දරුවාගේ රතු රුධිරානු සෛල වැඩෙන්නට පටන් ගන්නවා. හදවතේ ක්‍රියාකාරිත්වයත් ඇරඹෙනවා. මේ ක්‍රියාවලියට උපකාර පිණිස මව විසින් යකඩ අඩංගු ආහාර වැඩි වශයෙන් ලබා ගන්නවා නම් වඩාත් හොඳයි. සත්ව ආහාර වලින් පහසුවෙන්ම යකඩ ලබා ගත හැකියි. නමුත් ඔබ සත්ව ආහාර නොගන්නා මවක් නම් යකඩ අඩංගු ශාක ආහාර ගෙන දෙහි වීදුරුවක් පානය කරන්න. යකඩ පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගන්නට එය උපකාරයක් වේවි.

සති 13- 28

මේ අවධියේදී කුස තුල සිටින දරුවා වේගයෙන් වර්ධනය වෙනවා. මේ නිසා මේ කාලයේදී හොඳට හිතලා මතලාම කැල්සියම්, බීටා කැරටීන්, විටමින් සහ සින්ක් අඩංගු ආහාර ලබා ගන්න.

සති 29- 40

ගර්භණි කාලයේ අවසන් සති කීපයේදී ඔබ ඔබේ ආහාර වෙලාවට වැඩියෙන් පලතුරු එකතු කර ගත යුතුයි. ඒවායින් ලැබෙන විටමින් වර්ග ඔබේ දරුවාගේ වැඩීමට ඉවහල් වේවි.

දරු උපතින් පසුව

මේ කාලයේදීත් ගැබිනි මව පෝෂ්‍ය ගුණයෙන් අනුන ආහාර ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. මව ආහාර හරහා ලබා ගන්නා පෝෂණය මව් කිරි ලෙස දරුවාට ලැබෙනවා. බීටා කැරොටින් දරුවාගේ දෑස් වල වර්ධනයට උපකාරී වෙනවා.

Share Now

Related Article