හදිස්සි උපත් පාලන ක්‍රම ගැන ඔබ දැනුමත්ද?

Mar 31, 2020

ලංකාව ගබ්සාව නීතියෙන් තහනම් රටක් නිසා ගබ්සා සිදුවෙන්නේ අනවසරෙන්. මෙම අනවසර ගබ්සා මධ්යස්ථාන වල නිසි ක්රියාවලීන් අනුගමනය නොකරන නිසා බොහෝ විට ගබ්සාවට ලක්වෙන කාන්තාවගේ සෞක්යයේ විශාල ගැටළු ඇති වෙනවා. ඒ වගේම නීතියෙන් අවිවාහක යුවලකට උපදින දරුවන් පිළිනොගන්නා සමාජ වටපිටාවක තරුණියන් විවාහයට පෙර ගැබ් ගැනීම් නිසා සියදිවි හානි කර ගැනීම වගේ දරුණු ක්රියා වලටත් යොමු වෙනු දකින්න පුළුවන්. එවැනි පරිසරයක හැම දෙනාම අනාරක්ෂිත ලිංගික ඇසුරක් ඇතිවුනොත් මොකද කරන්නේ කියන කාරනාව ගැන දැනුමත් වෙන්න ඕනේ. අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඒ ගැන ඔබව දැනුමත් කරන්න හිතුවා.

Continue Reading Below

චාන්ස් එකක් ගන්න එපා – ප්රතිපල භයානකයි

බොහෝ අනවශ්ය ගැබ් ගැනීම් හටගන්නා හේතුව වෙන්නේ ලිංගික ඇසුරින් පසුව ගර්භනී නොවේවි කියන විශ්වාසයෙන් නිහඩව සිටීම නිසයි. සමහරු දන්නෙම නැහැ ඒ වගේ හදිස්සි වෙලාවට යමක් කළ හැකියි කියා. අනවශ්ය ගැබ් ගැනීමක ප්රතිපල විය හැක්කේ එක්කෝ නීති විරෝධී ගබ්සාවක් නැතහොත් අනවශ්ය මොහොතක සිදුවෙන දරු උපතක්. දෙකම එකසේ හානිකරයි. එම නිසා ලිංගික සම්බන්ධතා වල යෙදෙන යුවලක් දරුවන් හැදීමට බලාපොරොත්තු නොවෙනවා නම් හදිස්සි උපත් පාලන ක්රම ගැන දැනුමත් වෙන්නම ඕනේ. බොහෝ සංවර්ධිත රටවල නම් පළාතේ වෛද්ය වරයා ලවා පාසල් යන දරුවන් පවා මේ ගැන දැනුමත් කරනවා. ඒ මගින් අඩු වයස් මවුවරු ඇතිවීම වළක්වාගන්න ඉඩ ලැබිලා තිබෙනවා.

මොනවද මේ පොස්ටිනොර් පෙති?

ලංකා පවුල් සැලසුම් ආයතනය මගින් බෙදාහරින පෙති වර්ග දෙකක් තිබෙනවා. මේවා හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකිය. හදිසි අවස්ථාවක් ලෙස මෙහිදී හඳුන්වන්නේ භාවිත කරන පවුල් සැලසුම් ක්රමය අසාර්ථක යැයි සැකයක් ඇතිවූ විට (කොන්ඩමය සිදුරු වීම හෝ ගැලවී යාම, ආරක්ෂිත කාලසීමාව වැරදි ලෙස ගණනය කළ අවස්ථාවක, ලූපය යම් හේතුවකින් ඉවතට පැමිණි මොහතක ආදී අවස්ථාවක) ලිංගික අතවරයකට හෝ දූෂණයකට ලක්වූ විට වැනි අවස්ථාවන්ය.

ඒ තමයි පොස්ටිනොර් 1 සහ පොස්ටිනොර් 2 ගිලින පෙති වර්ග දෙක. මෙහිදී පොස්ටිනොර්-1 එක පෙත්තකින් සමන්විත වන අතර අනාරක්ෂිත එක්වීම ඇතිවී පැය 72 ක් ඇතුලත ලබා ගත යුතුය. පොස්ටිනොර් 2 පෙත්ත පෙති 2 කින් සමන්විත වේ. පළමු පෙත්ත අනාරක්ෂිත සන්සර්ගය ඇතිවී පැය 72 ක් ඇතුලත ලබාගෙන දෙවන පෙත්ත පළමු පෙත්ත ගැනීමෙන් පැය 12 කින් පමණ ලබා ගත යුතුය.

සන්සර්ගයේ යෙදී ඉක්මනින් ගන්නා තරමට පෙති වල කාර්යක්ෂමතාවය ඇතිවේ. එබැවින් හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන්න. සංසර්ගයෙන් පැය 24 ක් ඇතුළත පාවිච්චි කිරීමෙන් ගැබ් ගැනීමකින් ආරක්ෂා වීමේ හැකියාව 98% කි.

ප්රධාන ආහාර වේලකින් පසු /සුළු ආහාර වේලකින් පසු (බිස්කට්, පාන් පෙත්තක් වැනි) හෝ අඩු තරමේ කිරි වීදුරුවක් පානය කිරීම මගින් ඔක්කාරය ගතිය අවම කරගත හැකිය.

සැ. යු.

● පෙත්ත ලබාගැනීමෙන් පැය 3 ක් ඇතුළත වමනය ඇති වුවහොත් නැවත පෙත්තක් ගන්න.

● නියමිත මාත්රාවට වඩා වැඩියෙන් ලබාගැනීම නුසුදුසු බව මතක තබාගන්න.

පොස්ටිනෝ 1 ලබාගැනීමෙන් පහත සඳහන් සුළු අතුරු ආබාධ තත්ත්ව ඇති විය හැකිය.

● ඔක්කාරය

● වමනය

● අක්රමවත් රුධිර වහනය

සමහර කාන්තාවන්ට සුළු රුධිර වහනයක් ඇති විය හැකිය. අතැම්විට ඊළඟ ඔසප් වීම නියමිත දිනට වඩා පෙර හෝ පසුව සිදුවිය හැක. කලාතුරකින් ගැබ් ගැනීමේ හැකියාව තිබෙන බැවින් ඊළඟ ඔසප් වීම දින 7කට වඩා ප්රමාද වුවහොත් මුත්රා පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

පොස්ටිනෝ මගින් සිදුවන්නේ ගබ්සාවක් නොවේ

පොස්ටිනෝර් පෙති මගින් ගබ්සාවක් සිදු නොවේ. එබැවින් ඔසප් වීම ප්රමාද වූ හෝ දැනට ගැබ් ගෙන ඇති හෝ ගැබ් ගෙන ඇතැයි සැක සහිත කාන්තාවන් පොස්ටිනෝර් පාවිච්චියෙන් වැළකිය යුතුයි. ඔබට වකුගඩු හෝ අක්මා රෝග, අධික රුධිර පීඩනය, අපස්මාරය, දියවැඩියාව, අංශභාග වැනි රෝග තත්ත්වයක් ඇති අයෙක් නම් පොස්ටිනේ ලබාගැනීමට පෙර වෛද්ය උපදෙස් ලබාගන්න. පොස්ටිනෝ උපත් පාලන ක්රමයක් ලෙස එකදිගට (නිතර) පාවිච්චියට සුදුසු නොවේ. අනවශ්ය ගැබ් ගැනීමකින් වැලකී ජීවිතය සුන්දර කරගන්න.

Share Now

Related Article