පාසල් යන දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍යය සංඝටක ඔබ ලබා දෙන බව විශ්වාසද ?

Feb 20, 2020

අපි අද තරගකාරී අධ්‍යාපන සහ ජීවන රටාව එක්ක දරුවාට දෙන්නේ එසේ මෙසේ ඉලක්ක නෙවෙයි. විෂය මාලාවේ බැරෑරුම් කම එක්ක, elocution පන්ති, සංගීත / චිත්‍ර / නැටුම් වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් , පිහිනුම් / චෙස්/ ක්‍රිකට් වගේ ක්‍රීඩා මේ හැම දෙයින්ම ඔබේ පාසල් යන වයසේ පොඩ්ඩා ගේ දවස පිරිලා නේද? හවස් වෙද්දී හති වැටිලා ඉන්න දරුවට මේ විදිහට කය සහ මනස වෙහෙසවන්න නම් ලැබිය යුතු පෝෂණ සංඝටක මොනවද කියල ඔබ හොඳින් දන්නවද? ඒ ගැන තමයි අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබව දැනුමත් කරන්න හිතුවේ.

Continue Reading Below

දරුවෙක්ගේ යහපැවැත්මට Macronutrients ( සර්ව පෝෂක ) සහ Micronutrients ( ක්ෂුද්‍ර පෝෂක ) දෙකම එකසේ වැදගත් වෙනවා. දරුවාගෙන් කායිකව සහ මානසිකව ලොකු වැඩ කොටසක් බලාපොරොත්තු වෙන අද වගේ කාලයක මේ හැම දේම නිසි ප්‍රමාණ වලින් දරුවට ලැබෙනවා කියා තහවුරු කර ගැනීම දෙමාපිය වගකීමක්.

මොනවද මේ Macronutrients?

ශක්තිය, වර්ධනය සහ ශාරීරික ක්‍රියාකාරකම් තහවුරු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය පෝෂක ලෙස හඳුන්වනවා. Macro කියන්නේ ලොකු කියන එකයි. මේ සාර්ව පෝෂක විශාල ප්‍රමාණ වලින් සිරුරට අවශ්‍යයි. ප්‍රෝටීන් ,කාබෝහයිදරේඩ් සහ මේදය මේ යටතට වැටෙනවා. Healthy සහ Unhealthy යන කාණ්ඩ දෙකෙන්ම මේ පෝෂක පදාර්ථ තිබෙනවා.

ප්‍රෝටීන් :

ලංකාවේ බහුලවම තිබෙන සාර්ව පෝෂණ ඌනථාවයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මාංශ පේශී, අවයව, සම, හෝර්මෝන ශ්‍රාවය, එන්සයිම සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය උපරිම කරන්නට සහ මොලයේ රසායන ක්‍රියාවන්ට ප්‍රෝටීන අත්‍යවශ්‍යයි. පාඩම් වැඩට අවධානය දෙන්න, නිතරම අධ්‍යන කටයුතු වල යෙදෙන්න, ක්‍රීඩා වල යෙදෙන්න පාසල් යන වයසේ දරුවන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය නිසි ලෙස සම්පූර්ණ කිරීම ගොඩක් වැදගත් වෙනවා.

බොහොමයක් දරුවෝ උදේ ආහාරයට නිසි ලෙස ප්‍රෝටීන ගන්නේ නැහැ. දවසේ පෝෂණ අවශ්‍යතා වලට සාර්ථකව මුහුණ දෙන්න නම් බිත්තරයක්, මස්, සැමන් , ඉස්සෝ , මාළු වගේ දෙයක් යහමින් දරුවාගේ උදේ ආහාරයට එකතු වෙන්න ඕනේ. එහෙම නොමැති අවස්ථාවල ආහාරයෙන් එකතු නොවෙන කොටස එකතු කරන්න අතිරේක පෝෂණ සත්කාර ලබා දීම වෛද්‍ය වරුන් විසින් නිර්දේශ කරනවා.

මේදය :

මොලයේ සහ ස්නායු පද්ධතියේ වර්ධනයට අත්‍යවශ්‍යයි. Trans-fats කියන්නේ සිරුරට අහිතකර මේද විශේෂයි. ඒවා බහුලව අඩංගු වන්නේ බිස්කට් , කෙටි ආහාර, කේක් වැනි දේවල තිබෙන්නේ මෙන්න මේ සෞක්යට හිතකර නැති මේදයයි. ඔලිවූ තෙල්, පොල් තෙල්, මාළු සහ අලිපේර වැනි පලතුරු වල හොඳ මේදය හයමින් අඩංගු වෙනවා.

කර්බෝහයිඩ්රේට් :

තුන් වේලම බත් කන අපේ රටේ ඕනෙවටත් වඩා මේවා ලැබෙනවා. බත් , පාන් , ධාන්‍ය වගේ ආහාරවල බහුලවම අඩංගු වෙනවා.

මොනවද මේ Micronutrients? ( ක්ෂුද්‍ර පෝෂක )

ලෝක සෞක්‍යය සංවිධානයේ නිර්වචනයට අනුව Micronutrients නැත්නම් ක්ෂුද්‍ර පෝෂක ලෙස මේ සංඝටක හඳුන්වන්නේ ඉතා කුඩා ප්‍රමාණ වලින් සිරුරට අවශ්‍ය නිසයි. මේවා තමයි සිරුරේ නිසි වර්ධනය තහවුරු කරන එන්සයිම සහ හෝර්මෝන ශ්‍රාවය කරවීමට උපකාර කරන්නේ. ප්‍රමාණයෙන් කුඩා වුනත් ඒ කුඩා ප්‍රමාණ සිරුරට නොලැබී යාමේදී හටගන්නා ප්‍රතිපල ගොඩක් භයානකයි. විශේෂයෙන්ම වැඩෙන දරුවන් සහ ගර්භනී මාතාවන් මෙම ක්ෂුද්‍ර පෝෂක නිසි ලෙස ලබා ගැනීම ගොඩක් වැදගත්.

ලංකාවේ වැඩිම ක්ෂුද්‍ර පෝෂක ඌනතා මොනවද ?

විටමින් B :

ශරීරයේ සෛල හරියට ක්‍රියාත්මක වෙන්න විටමින් B ගොඩක් වැදගත්. ආහාර ජීර්ණය මගින් ශක්තිය බවට පත්කරන ක්‍රියාවලියට මේ විටමීනය දායක වෙනවා. ඉතින් දරුවන්ගේ ශක්තිය අවශ්‍ය වෙලාවේදී මුදාහරින්න නම් විටමින් B වල අවශ්‍යතාවය හොඳින් සම්පූර්ණ වෙන්න ඕනේ. අපේ රටේ දරුවන්ට දවසම විවේකයක් නැතුව වැඩෙහි යෙදෙන පරිසරයක ආහාරයෙන් පමණක් නොවේ අතිරේකව පෝෂණ සත්කාරයක් ලෙස බාහිරින් ලබා දීමත් ගොඩක් සුදුසුයි. විටමින් B 1 සිට B12 දක්වා සංකීර්ණයක් පවතින අතර ඒවා නිසි ප්‍රමාණ වලින් ලබා ගැනීම අලුත් රුධිර සෛල ඇති කිරීමට , නිරෝගී සමක් සහ මොලේ සෛල ඇතිකරගැනීමට වගේම සිරුරේ පටක වල නිරෝගී පැවැත්මට හැම විටම අවශ්‍ය වෙනවා.

කුඩාම වයසේ විතරක් නෙවේ පාසල් යන වයසෙදිත් ඔවුන්ගේ පෝෂණය වැදගත්

බොහෝ දෙමාපියෝ වගේම රජය දරුවෝ කුඩාකළ ක්ෂුද්‍ර පෝෂක බාහිරින් ලබා දෙමින් හෝ නිසි පෝෂණය පවත්වන්න උත්සහ කරත් දරුවා ලොකු වෙද්දී නොදනුමත්කම නිසා ක්ෂුද්‍ර පෝෂක ලබාදීම මගහරිනවා. නමුත් එදා වගේම පාසල් යන කාලය පුරාම දරුවාට නිසි ලෙස විටමින් සහ ඛනිජ ලවන ලබා දීම ගොඩක් වැදගත්. විශේෂයෙන් දරුවා ගෙවන අතිධාවනකාරී ජීවන රටාවට එය අවශ්‍ය වෙනවා.

පෝෂණ අතිරේක තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න

ක්‍රීඩා සහ අධ්‍යාපන කටයුතු වල දවස පුරා යෙදෙන දරුවන්ට Meal Replacement සහ Energy Boosters ලබා දෙන එක අද කාලේ දෙමාපියෝ බහුලව කරනවා. එය ඉතාම හොඳයි. නමුත් Energy Boosters වල වර්ග දෙකක් තිබෙනවා. පළමුව අධිකව සීනි රුධිරයට එකතු කිරීම මගින් ශක්තිය නිපදවන පාන වර්ග දීර්ඝ කාලීනව භාවිතා කිරීම දරුවාගේ සෞක්යට බලපානවා.

ඒ වෙනුවට Vitamin B සංකීරණයේ විටමින් සහ අනෙකුත් ක්ෂුද්‍ර පෝෂක ආධාරයෙන් ශක්තිය ලබාදෙන පාන වර්ග සහිත නිෂ්පදානම තෝරාගන්න දෙමාපිය ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ක්ෂුද්‍ර පෝෂක යහමින් ලබාදීමෙන් දරුවාගේ සෞක්යයේ ඇතිවෙන්නේ තාවකාලික පිබිදීමක් නොවේ. පවතින තිරසාර ප්‍රතිපල වලට හැම විටම දරුවාට ක්ෂුද්‍ර පෝෂක ඇති පමණ ලබා දීමට සැලකිලිමත් වෙන්න.

Tags

Share Now

Related Article