රට ඉඳි කේක්

Mar 22, 2018

අළුත් අවුරුද්දත් ළඟ ළඟ එනවා. නෑදෑයෝ, හිත මිතුරෝ ඕනේ තරම් මුණ ගැහෙන කාලයක් තමයි මේ. නෑදෑයෝ ඔබේ ගෙදර එනකොට සංග්‍රහ කරන්නත්, නෑදෑ ගෙවල් වල යනකොට අරගෙන යන්නත් පුළුවන් කදිම තෑග්ගක් තමයි නිවසේදීම සකසා ගත්තු රට ඉඳි කේක්. ඉතින් මේ රසම රස රට ඉඳි කේක් එකේ වට්ටෝරුව අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කරනවා.

Continue Reading Below

අවශ්‍ය ද්‍රව්‍ය :-
  • රට ඉඳි 500g ( ඇට ඉවත් කළ )
  • වතුර අඬු කෝප්ප 1
  • වැනිලා තේ හැදි 2
  • දුඹුරු සීනි 100g
  • බිත්තර 2
  • බටර් 125g
  • බේකිං සෝඩා තේ හැදි 1
  • කේක් වලට දාන සුවඳ කුඩු ( මෙය කේක් බඩු කඩවලින් ගන්න පුළුවන් නැත්තම් එනසාල් කුඩු කරලා යොදාගන්නත් පුළුවන් )
  • පිටි කෝප්ප 1 1/2 + බේකින් පවුඩර් තේ හැදි 1 ( හලලා ගන්න )

සාදාගන්න ආකාරය :-
  • රට ඉඳි ටිකට සීනි, බටර්, වතුර එකට දාලා ලිපේ තියන්න.
  • මික්ෂර් එක උතුරන වෙලාවට බේකිං සෝඩා එකතු කරලා කලවම් කරලා ලිප නිවන්න.
    ( බේකිං සෝඩා දාපු ගමන් රට ඉඳි ටික කැඩෙනවා)
  • දැන් මික්ෂර් එක හොදට නිවාගන්න.
  • අවන් එක 180C රත් වෙන්න දාන්න.
  • බිත්තර දෙක ගෑරුප්පුවෙන් ටිකක් බීට් කරගන්න.
  • රට ඉඳි ටිකට ගසා ගත් බිත්තර, වැනිලා එකතු කරගන්න.
  • දැන් හලාගත් පිටි ටික ටික හා සුවඳ කුඩු ටිකක් එකතු කරලා හොදින් ලී හැන්දෙන් කලවම් කරන්න.
  • 180C විනාඩි 30ක් බේක් කරන්න..හරීම සුවඳයි රසයි…කලින් හදලා තිබ්බම රස වැඩියි

Share Now

Related Article