ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන සුප් වර්ග 04 ක රෙසිපි

Jul 15, 2020

සිරුරේ ලෙඩරෝග වලට ඔරොත්තු දෙන ගුණයට කියන්නේ ප්රතිශක්තිය කියලයි. අතීතයේ සිටම සුප් වර්ග සැලකුනේ සිරුරේ ප්රතිශක්තිය රැක දෙන ආහාරයක් ලෙසයි. ඉතින් මේ වගේ රසවත් , ගුණවත් සුප් වර්ග 4 ක රෙසිපි අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට ඉදිරිපත් කළා. හදල බලල අපිට කියන්නකෝ.ඉන්පසු එයට කපාගත් ගෝවා මල්, සුකිනි, සහ ගෝවා කොළ දමා මිනිත්තු 5 පමණ පිස ගන්න.

Continue Reading Below

01) සුදුළූණු සහ හතු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

විවිධ වර්ගයේ වියළිහතු අවශ්ය පමණ (shiitake mushrooms)

ඔලිව් ඔයිල් මේස හැඳි 01

සිහින්ව කපා ගත් මධ්යම ප්රමාණයේ ලොකු ළූණු ගෙඩි 01

තලා ගත් ඉඟුරු කැබැල්ලක්

සුදුළූණූ බික් කිහිපයක්

සුප් කැටයක් අවශ්යනම්

දෙහි යුෂ

ලුණු සහ ගම්මිරිස්

සාදන ක්‍රමය

උතුරන වතුර කෝප්පයකට වියළි හතු ටික දමා විනාඩි 10 පමණ තබන්න. ඒ අතර භාජනයකට තෙල් ටිකක් දමා රත් වීමට තබන්න. එයට ලූණූ, සුදුළූණූ, ඉඟුරු දමා බැදගන්න. ඉඟුරු සුදුළූණූ බැදෙන විට වතුර සමග හතු සියල්ල එයට එකතු කරන්න. අමු හතු තිබේනම් ඒවාද මේ අවස්ථාවේදී ම එකතු කරන්න.

පසුව අවශ්ය ප්රමාණයට දෙහි එකතු කර පියනකින් වසා මඳ ගින්දරේ පැයක් හෝ දෙකක් පමණ පිස ගන්න. නැතිනම් සෙල්ෂියස් අංශක 250 පමණ රත් වූ අවන් එකකට දමා පිසගන්න.

02) පෝෂ්යදායී එළවළු සුප් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

ගෝවා මල් 1

සුකිනි 1

නිවිති සහ බොකුටු ගෝවා කොළ

තැම්බූ එළවළු වතුර කෝප්ප 4

සිහින්ව කපා ගත් ලීක්ස් කෝප්ප භාගයක්

සුදු ළූණූ බික් කිහිපයක්

ඔලිව් ඔයිල් මේස හැඳි 03

කොත්තමල්ලී කොළ කෝප්ප භාගයක්

දෙහි යුෂ

ලුණු සහ ගම්මිරිස්

සාදන ක්‍රමය

ගෝවා මල්, සුකිනි, ගෝවා කොළ් සහ අවර හොඳින් සෝදා තරමක් ලොකු කැබලි කපා ගන්න. ලීක්ස් සහ සුදු ළූණූ සිහින්ව කපා ගන්න. තරමක් විශාල භාජනයකට ඔලිව් ඔයිල් දමා මඳ ගින්දරේ රත් වීමට තබන්න. එයට සුදු ළූණූ එක් කර මිනිත්තුවක් පමණ බැදගන්න

ඉන්පසු එයට කපාගත් ගෝවා මල්, සුකිනි, සහ ගෝවා කොළ දමා මිනිත්තු 5 පමණ පිස ගන්න.

ඉන්පසු එයට එළවළු තැම්බූ වතුර එක් කර මිනිත්තු 15 පමණ පිසගන්න. දැන් එයට නිවිති සහ අවර එක් කර තවත් මිනිත්තු 2 පමණ පිස ගන්න. ඉන්පසු ලිප නිවා සුප් එක නිවෙන්නට හරින්න. පසුව බ්ලෙන්ඩර් එකකට සුප් එක දම දෙහි සහ කොත්තමල්ලි එකතු කර අවශ්ය ප්රමාණයට බ්ලෙන්ඩර් කර ගන්න. දැන් ඔබ රසවත් මෙන්ම ගුණවත් සුප් බඳුනක් පිළියෙළ කර අවසන්. පිළිගැන්වීමට පෙර අවශ්ය නම් ඔලිව් ඔයිල් ඉතාම ස්වල්පයක් සහ කොත්තමල්ලි කොළ ස්වල්පයක් එකතු කර ගන්න.

03) පොල්, ඉඟුරු සහ කහ මිශ්ර සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ස්ටොක් හෝ එළවළු ස්ටොක් කෝප්ප 14

උකු පොල් කිරි කෝප්ප 134

තලාගත් සුදුළූණූ කැබැල්ලක්

තැම්බූ එළවළු වතුර කෝප්ප 4

දෙහි යුෂ මේස හැඳි 1

කෑලි මිරිස් තේ හැඳි 14

කොත්තමලි කොළ ස්වල්පයක්

පිරිසිදු පොල්තෙල් තේ හැඳි 2

ලුණු සහ ගම්මිරිස්/p>

සාදන ක්‍රමය

කොත්තමල්ලි කොළ සහ පොල්තෙල් හැර අනෙක් සියලු ම ද්රව්ය භාජනයට දමා මද ගින්නේ උතුරන තෙක් තබන්න. මිනිත්තු 5-10 පමණ උතුරන්නට හැර ලිපෙන් බා නිවෙන්නට හරින්න. ඉන්පසු අවශ්ය පමණට ලුණු සහ ගම්මිරිස් එකතු කර කොත්තමල්ලි කොළ සහ පොල්තෙල් ස්වල්පයක් සුප් එක උඩින් ඉසින්න. අවශ්ය නම් පමණක් දෙහි ස්වල්පයක් එක් කර පිළිගන්වන්න.

04) චිකන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

කටු සහ සම රහිත කුකුල් මස් 700g

කපා ගත් ලොකු ළූණූ 100g

සිහින්ව කපා ගත් කැරට් 100g

සිහින්ව කපා ගත් සැල්දිරි

කුකුල් මස් තැම්බූ වතුර කෝප්ප 3

ලුණු තේ හැඳි 2

1½ ගම්මිරිස්

නූඩ්ල්ස් 200g

සාදන ක්‍රමය

කුකුල් මස්, ළූණූ, කැරට්, සැල්දිරි, කුකුල් මස් තැම්බූ වතුර යන සියල්ල භාජනයකට දමා භාජනය හොඳින් වසා මිනිත්තු 25ක් පමණ පිස ගන්න. ඉන්පසු එයින් කුකුල් මස් ටික ඉවතට ගෙන මදක් නිවෙන්නට හැර සිහින් කැබලි වලට ඉරා ගන්න. ඉන් පසු නූඩ්ල්ස් ටික දමා තැම්බෙන තුරු මිනිත්තු 5-10 පමණ පිස ගන්න.

හොඳින් තැම්බුණු පසු උණුවෙන්ම රස විඳින්න.

Tags

Health Food

Share Now

Related Article