ලෙඩ අඩු කරන විස්මය ජනක ආහාරය – “රසම්” රෙසිපිය දැනගමුද?

Feb 10, 2020

ශරීරයට පිටතින් එන ආසාධන සමග සටන් කිරීම සිදු කරන්නේ අපගේ ප්රතිශක්තිකරණ පද්ධතිය මගිනුයි. සිරුරේ ප්රතිශක්තිය වැඩි කරවන ආහාර වර්ග අතරුන් “රසම්” විශේෂ තැනක් ගන්නවා. ආහාර රුචිය වැඩි කරවන රසම් ඉන්දියානුවන් සෑම දිනකම දිවා ආහරයට එකතු කරගන්නවා.

Continue Reading Below

එහෙනම් අපි අද ඒ රෙසිපි එක ඉගෙන ගනිමු. මේ ආහාරය සතියකයට දෙවරක් වගේ පානය කිරීමෙන් ඔබට නිරෝගී ජීවිතයක් ලැබෙනවා. උන වර්ග බහුල මේ වගේ කාලයක රසම් හදන රෙසිපි එක හරියට ඉගෙන ගෙන ගෙදර අයට හදල දෙන එක ගෘහණිය වන ඔබගේ වගකීමක්. එහි ප්‍රධාන අමුද්‍රව්‍ය කොට සලකන්නේ, අපේ කුළු බඩු වීම විශේශත්වයක්. එයින් අදහස් වන්නේ අපේ කුළුබඩු වල ඇති ඖෂධීය ගුණ වල සාරය පමණක් වෙනම ලබාගැනීමට ඇති උනන්දුවයි.

  • කොත්තමල්ලි
  • සූදුරු
  • ගම්මිරිස්
  • කරපිංචා හා කොත්තමල්ලි කොල ,මුරුංගා කොළ
  • කුරුඳු
  • සියඹල/ගොරකා/තක්කාලි

මේ රසම් එක විවිධාකාරයට රස විදීම උදේසා ඉගුරු, සුදුලුණු, රතු ලූණු වැනි දේ ද එකතු කරගෙන සාදයි….Tomato Rasam, Ginger Rasam, Garlic Rasam, ලෙස ඇති රසම් වලට ඒ අදාල අමුද්‍රව්‍ය වැඩිපුර යොදා ගෙන එම රසය වැඩිපුර ඉස්මතු වන පරිදි සකසාගනී.

මෙම රසම් එකක් ආහාර වේලක හෝ පානයක්, සුප් එකක් ලෙස ලබාගත හැකි නම් සිරුරට අවශ්‍ය විටමින් සහ මිනරල් ලබා ගත හැකි වන්නේ ඒ සඳහා භාවිතා කරන කුළුබඩු වල ඇති සාරය හේතුවෙනි.

අවශ්‍ය ද්‍රව්‍ය:

තක්කාලි ගෙඩි 1

කොත්තමල්ලි 1tsp

සූදුරු 1/2 tsp

ගම්මිරිස් ඇට 1 tsp (රස අනුව)

වියලි මිරිස් කරල් 1 ක්

කඩල පරිප්පු 1tsp

සාදාගන්නා ක්‍රමය

ඉහත ද්‍රව්‍ය ටික මද වෙලාවක් තැම්බෙන්නට තබා ග්රයින්ඩ් කරගන්න. මෙය වඩාත් රසවත් කර ගැනීමට එළඟි තෙල් හෝ වෙනත් තෙල් තේ හැඳි එකක් රත් වන්නට තබා, අබ ඇට ස්වල්පයක් එක්කරන්න. ග්රයින්ඩ් කර ගත් මිශ්රණය ඊට එකතු කර ගන්න. සියඹල ඉස්ම එක්තු කරගන්න. මද වේලාවක් ඉදෙන්නට හැර ලිපෙන් බා රස අනුව ලුණු සහ කොත්තමල්ලි කොළ ස්වල්පයක් කපා එකතු කරන්න. කොත්තමල්ලි කොල වෙනුවට මුරුංගා කොළ එකතුකරගත හැකිය.

දිනේෂි අමරකෝන්

Share Now

Related Article