දවස පුරා කය මනස වෙහෙසවන දරුවන්ට ඔබ ලබාදෙන පෝෂණය ප්‍රමාණවත්ද?

Feb 14, 2020

අද වෙද්දී අපේ රටේ පාසල් යන වයසේ දරුවන්ගේ ජීවිතේ ගොඩක් සංකීර්ණයි. එදා කාලෙට සාපේක්ෂව ඔවුන්ගෙන් අපි සහ සමාජය බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් වැඩියි. ඒ අතරේ ඔවුන්ගේ කාලය පලදායී ලෙස යෙදවීමේ මහා අරගලයේ මැදි වෙලා ඉන්න අම්මලා අතින් පෝෂණය කියන කාරනාව ගිලිහෙන්න තිබෙන ඉඩ ගොඩක් වැඩියි. මොකද අම්මල සහ දරුවෝ දෙගොල්ලම අද වෙද්දී කාලය එක්ක සටනක ඉන්නේ. ඉතින් අද අපි තීරනය කළා ලිපි මාලාවක පළමුවැන්න ලෙස දරුවාට විශේෂයෙන් පෝෂණය අවශ්‍යය වෙන්නේ ඇයි කියන මාතෘකාව ගැන Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා කතා කරන්නට.

Continue Reading Below

අපි අද දරුවන්ගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා

ළමයෙක්ගේ ළමා කාලයේදී හදාරන්න ගොඩක් ලොකු syllabus එකක් පාසලෙන් නිර්දේශ කරනවා. ඒ වගේම අපේ විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා තිබෙන විභාග වල තරඟකාරීත්වය මතම පදනම් වෙලා. සීමිත සම්පත් ඇති රටක් ලෙස දරුවෝ පුංචි කාලේ ඉඳල මුහුණ දෙන තරඟය ගොඩක් වැඩියි. ඒ නිසා පාසලෙන් උගන්වන දේට අමතරව දෙමාපියෝ හැම විෂයකටම පාහේ දරුවන්ව පන්ති යවනවා.

ගොඩක් දරුවෝ උදේ 5 ට නැගිටලා සූදානම් වෙලා පාසල් වැන් එකට නගින්නේ උදේ 6 ට පමණ එතනින් පටන් අරගෙන පාසල ඉවර වෙලා හවස පන්ති යනවා. එතනින් පස්සේ පාසලෙන් සහ පන්ති වලින් දෙන ගෙදර වැඩ කන්දරාව රාත්‍රියේ කරනවා. පාඩම් කරනවා විභාග වලට. ඊට අමතරව ඔවුන්ගේ ශාරීරික කුසලතා සහ පෞර්ෂය නගා සිටවන්න ක්‍රීඩා කටයුතු වල නිරත වෙනවා.

කොටින්ම කීවොත් අද දරුවෝ ඉන්නේ කායික සහ මානසිකව ලොකු ඉලක්ක වලට මුහුණ දෙමින්.

මේ සේරම කරන්න ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද?

මේ අධි ධාවනකාරී ජීවිත රටාවේදී අම්ම වන ඔබත් දරුවා එක්ක දුවනවා. ඉතින් දරුවාගේ පෝෂණය ගැන ඔබ අතින් විය යුතු දේ ඇතැම් විට මගහැරෙනවා විය හැකියි. ඔබ දරුවා එක්ක දුවද්දී පහසු ආහාර වර්ග ගුණයට වඩා පහසුව ගැන සලකලා ඇතැම් විට දරුවාට ලබා දෙනවා ඇති.

ඒ කෙසේ වුනත් අපි මතක තබා ගන්න ඕනේ මේ වගේ ලොකු වැඩකොටසක් කරන දරුවෙක්ට අනිවාර්යයෙන්ම නිසි පෝෂණය ලබා දෙන්න ඕනේ.

විටමින් සහ ඛනිජ ලවන :
විටමින් සහ ඛනිජ ලවන මගින් දරුවාගේ සමස්ත සිරුරේම සෞක්‍යය තත්වයට බලපෑමක් එල්ල කරනවා. ඒ වගේම ලෙස රෝග වලින් දරුවා ආරක්ෂා කරන ප්‍රතිශක්තිය ඇති කරවනවා.

මේවා ලැබෙන්නේ එළවලු, පලතුරු , කොළ, බිත්තර, කිරි යහමින් ආහාරයට එකතු කර ගැනීමෙන්.

කාර්බෝහයිඩ්රේට් :
දරුවාගේ ක්‍රියාකාරකම් වලට ශක්තිය සපයනවා. ලංකාවේ ආහාර වේල් වල කාර්බෝහයිඩ්රේට් බහුලයි.

ප්‍රෝටීන් :
ප්‍රෝටීන් තමයි සිරුරේ සෛල වල තැනුම් ඒකකය. දරුවාගේ සිරුරේ වගේම මොලයේ වර්ධනයට වගේම ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට ප්‍රෝටීන් ලොකු දායකත්වයක් දෙනවා. ලංකාවේ ප්‍රෝටීන් ඌනතාවය ඉතා බහුල රටක්. මස්, මාළු, කිරි , බිත්තර දරුවාගේ ආහාරයට අතිශයින් වැදගත් වෙනවා.

මේද අම්ල:
දරුවාගේ සිරුරේ පැවැත්මට වගේම ශක්තිය ලබා දෙන්නත් සෞක්‍යය නගා සිටවන්නත් මේද අම්ල අත්‍යවශ්‍යයි. පොල් තෙල්, ඔලිවු තෙල්, චීස් , බටර්, රටකජු, අලිපේර වගේ ආහාර වල මේද අම්ල යහමින් අඩංගු වෙනවා.

ආහාරයේ ගැටළු කාරී තැන් ගොඩයි

දරුවෝ පාරේ තියන ට්‍රැෆික් එක නිසා වෙලාවට පාසලට දුවන හිතෙන් ඉද්දි උදේ ආහාරය හරියට කැවෙන්නේ නැහැ. සමහර දරුවෝ හැම කෑමක්ම තෝරනවා. කොළ ටික විසික් කරනවා. කොහිල , කරවිල වගේ දේවල් දැක්කත් කන්නේ නැහැ. ඉතින් සමහර දරුවෝ කඩවල හදන ෆ්‍රයිඩ් රයිස් විතරක් කනවා. සමහර දරුවෝ කන්නේ චිකනුයි පරිප්පුයි විතරයි.සමහර දරුවෝ යහමින් පාන් , බනිස්, රෝල්ස් , පැටිස් කනවා. ඉතින් දවසම කය මනස වෙහෙසවන දරුවාට ගැටලුකාරී ආහාරයකින් ලැබෙන උපකාරය කුමක්ද? දෙමාපියන් ලෙස දරුවාගේ ආහාරයෙන් නිසි පෝෂණය ලැබෙනවා කියන එක තහවුරු කිරීම ඔබේ වගකීමක්.

ආහාරයට ආදේශක තිබෙනවද?

ප්‍රායෝගිකව 100% ක් සමබල ආහාරවේලක් ලබා දෙන්න ඇතැම් අවස්ථා වල අසීරු වෙනවා. අද ලෝකයේ තාක්ෂනය දියුණුයි. ඉතින් දරුවාට ආහාරයට අමතරව පෝෂණය ලබා දෙන පෝෂණ සත්කාර දියුණු වෙලා තිබෙනවා. ආහාරය හොඳින් ලබා දෙන අතරේ හොඳ Meal Replacement එකක් නැත්නම් ආහාර අතිරේකයක් ලබාදීම හැම අතින්ම ආරක්ෂිතයි. එකසත් ජාතීන්ගේ ළමා අරමුදලේ ( UNICEF) උපදෙස් මත මගින් පුංචිම කාලේ දරුවන්ට රජය මගින් මේවා නොමිලේ ලබා දුන්නත් පාසල් යන වයස වෙද්දී සොයා බලා ලබා දීම දෙමාපිය අපේ වගකීමක්.

( හොඳ Meal Replacement එකක් තෝරා ගන්නා ආකාරය සහ දරුවාගේ සෞක්යට හානි නොකරන Energy Booster එකක ලක්ෂණ මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න)

Tags

Share Now

Related Article