යෝගර්ට් ගෙදරම හදාගන්නේ මෙහෙමයි

Dec 26, 2019

යෝගර්ට් කියන්නේ වටිනා ආහාරයක්. Calcium, Protein and Probiotics යහමින් අඩංගු නිසා යෝගර්ට් වලින් අපේ ශරීරයේ ස්වභාවික ප්රතිශක්තිය වැඩි දියුණු වෙනවා කියන කාරනාව කවුරුත් දන්නවා. පුංචි බබාලට විශේෂයෙන්ම දිනපතා දෙන්න ඕනේ ආහාරයක් වන යෝගර්ට් කඩෙන් මිලට ගන්න පුළුවන් වුනත් කඩේ තිබෙන යෝගර්ට් වල සීනි ප්රතිශතය ගොඩක් වැඩියි.

Continue Reading Below

සීනි කියන්නේ පුංචි දරුවන්ගේ ආහාරයට එක් කරන්න සුදුසු දෙයක් නෙවෙයි. ඒ වගේම වැඩිහිටි අපිටත් සීනි ජීවිතේට කිට්ටු කර ගැනීම කියන්නේ නැති ලෙඩ රාශියකට අත වනා ගැනීමක්.

මේකට හොඳම විසඳුම තමයි යෝගර්ට් සීනි සහ කල්තබාගනීමේ කාරක නැතුව ගෙදරම හදාගන්න එක. අඩු වියදමකින් ගොඩක් වැඩි යෝගර්ට් ප්රමාණයක් හදා ගන්න පුළුවන් නිසා යහමින් කන්න පුළුවනි . මේ වගේ වටිනා ආහාරයක් හොඳ විදිහට හදා ගන්න එක පවුලේ සෞක්යට වැදගත්.
ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. එම නිසා රෙසිපි එක ඔයාල එක්ක බෙදා ගන්න හිතුවා.

  • ෆ්රෙෂ් මිල්ක් ලීටර් 2 යි.
  • ජෙලටින් ග්රෑම් 20 යි.
  • වැනිලා බින්දු කීපයක්.
  • මුහුන් විදිහට යෝගර්ට් කප් 1 ක්.
  • අවශ්ය නම් විතරක් සීනිත් දාන්න.

පළමුව ජෙලටින් උණු වතුර ටිකකට දාල වහල දියවෙන්න තියන්න. කිරි ලීටර් දෙක පිරිසිඳු මුට්ටියකට දාල වැනිලා බින්දු කීපයක් එයට එකතු කරන්න. කිරි මුට්ටිය හොඳින් හැඳි ගාමින් මද ගින්නේ උතුරා ගන්න. උතුරන්න පෙන උඩට එද්දී ලිප නිවලා දියකරගත් ජෙලටින් දාල හොඳට මිශ්ර කරන්න. ඒ කිරි මුට්ටිය නිවෙන්න තියන්න.
සෙල්සියස් අංශක 30 ත් 40 ත් අතර නිවුනහම යෝගර්ට් කප් එක මුහුන් හැටියට දමන්න. දාල හොඳින් දිය කරන්න. කිරි ගොඩක් උණුවෙන් තියෙද්දී මුහුන් දැම්මොත් ඇඹුල් රහ වැඩි වෙනවා.

ඉන් පස්සේ අවන් එක සෙල්සියස් අංශක 40 ට වගේ සෙට් කරලා අර නිවුන කිරි සේරම කප් වලට දාල අවන් එකට දමන්න. ඔබට අවන් එකක් නැත්නම් ටිකක් උණුසුම් තැනක වහල හොලවන්නේ නැතුව තියන්න. පෙට්ටියක් ඇතුලට දාල වහල තියන්න පුළුවනි. පැය 12 ක් වගේ කාලයක් ඇතුලත හොඳින් මිදිලා තිබෙනවා.
ජෙලටින් වැඩිය දැම්මොත් යෝගට් එක ජෙලි වගේ වෙනවා. ඔබේ රුචියට අනුව වැඩි කර ගන්න හෝ සීනි එකතු කරන්න පුළුවන්.

Share Now

Related Article